ඔබේ හෝ ඔබ කැමතිම වෙබ්/බ්ලොග් අඩවියට පිවිසීමට ඔබගේම Chome Quick Link Add-on එකක් හදාගන්නෙ මෙහෙමයි.

0 comments

හොඳයි, මම මේ ලිපියෙන් කියල දෙන්නෙ Chrome පාවිච්චි කරන ගොඩක් අය කැමති වෙයි කියල හිතෙන දෙයක්. මාතෘකාව කියෙව්වම තේරෙන්නත් ඇතිනේ. අපි යන්නෙ අපි කැමතිම වෙබ්/බ්ලොග් අඩවියට අපේම කියල ඇඩෝන් එකක් හදාගන්න. තාමත් Tube Light වගේ නම් සීන් එක මේ දීල තියෙන Screenshot එකත් බලන්න.



දැන් තේරෙන්න ඇතිනේ. හරි අපි වැඩ පටාන් ගමු. මේ විදියට Web App එකක් හදාගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මම කියල දීල තියෙන විදියට පියවරෙන් පියවරට කරන්න.

01. ඉස්සෙල්ලම කරන්න ඕනෙ අපි හදන වෙබ්සයිට් එකේ නමින් ෆෝල්ඩර් එකක් හදන එක.

02. ඊලඟට අපිට ඕනෙ අපේ වෙබ්සයිට් එකට අදාල Icon එකක්. ඔයාට කැමැති පින්තූරයක් ඒකට භාවිතා කරන්න පුලුවන්. එත් Image එක Save කරන්න ඕන ".png" කියන Extension එකෙන්. Image එකේ Resolution එක වෙන්න ඕන 128x128. ඔය විදියට ඔයා කැමති Icon එකක් හදලා ඒක අපි හදාගත්තු Folder එක ඇතුලෙ Save කරන්න "icon_128.png" කියන නමින්.

03. දැන් අපි හදාගත්තු ඒ Folder එක ඇතුලෙම Text File එකක් Open කරගෙන මේ පහලින් තියෙන code එක දාලා ඒකේ විස්තර ඔයාගෙ අදාල විස්තර විදියට වෙනස් කරල ඒක manifest.json කියල Save කරන්න. මතක තියාගන්න අනිවා මේ ෆයිල් එක Save කරන්න ඕනෙ .txt විදියට නෙවෙයි manifest.json කියලා.

{
"name": "App එකට දාන නම",
"description": "app එක ගැන පොඩි විස්තරයක්",
"version": "1.0",
"manifest_version": 2,
"icons": {
"128": "icon_128.png"
},
"app": {
"urls": [
"http://www.weekhacker.com"
],
"launch": {
"web_url": "http://www.weekhacker.com"
}
}
}

(ඔතන මම රතු පාටින් දීල තියෙන ඒවා වෙනුවට ඔයාගෙ විස්තර දාන්න පුලුවන්.)

04. දැන් Google chrome browser එකේ Settings වලට ගිහින් Side menu එකෙන් Extensions කියන එක ‍තෝරන්න.

05. Extensions Page එකේ උඩින්ම තියෙන Developer mode කියන එකට හරි ලකුනක් දාලා Pack Extension කියන Button එක ක්ලික් කරන්න.

06. දැන් එන වින්ඩොව් එකේ Extension root directory: කියන තැනට ඔයා අර ඉස්සෙල්ලා හදාගත්තු Folder එක ‍තෝරලා දීලා, pack extension කියන button එක ක්ලික් කරන්න. දැන් ඔයාගෙ ෆෝල්ඩර් එක තියෙන තැනම ඔයාගෙ Web App එකත් හැදිලා ඇති. ඒකෙ නම තියෙන්නෙ .crx කියන Extension එකෙන්.

07. හරි දැන් ඒකෙ වැඩේ ඉවරයි. දැන් අපිට තියෙන්නෙ ඕක Chrome එකට දාගන්න. ඒක කරන්නෙ මෙහෙමයි. ඉස්සෙල්ලා වගේම Chrome Settings වලට යන්න. ඊට පස්සෙ Load unpacked extension කියන බ්ට්න් එක ක්ලික් කරලා අපි හදාගත්තු Web app එක තොරලා දෙන්න. වැඩේ හරි.

ප්‍රශ්න තියෙනව නම් කමෙන්ට් එකකින් අහන්න :) ජය වේවා !
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.