IP Hide කරන එක ගැන පෝස්ට් එකක් ආයෙ ලියන්න ඕනෙ කියල මං හිතුවෙ ඇත්තටම මං අර Firefox එකෙන් IP එක හංගන හැටි ලියපු පෝස්ට් එක කියවපු කෙනෙක් දාපු කමෙන්ට් එකක් දැකල. ඉතිං මං හිතුවා ටිකක් ලොකු පෝස්ට් එකක් ලියන්න ඕනෙ කියලා. වෙලාවක් හම්බුනු අතරෙ ඔන්න වැඩේට අත ගැහුවා. හරි අපි ටිකක් බලමු මොකද්ද මේ IP Address එකක් කියන්නෙ සහ ඇයි ඕක හංගන්නෙ කියලා.
IP Address එකක් කියන එක සරලවම හැදින්නුවොත්, යම් පරිගණක දෙකක් අතර, සර්වර් එකක හෝ අන්තර්ජාලය අතර එකිනෙකාට දත්ත හුවමාරු කරගන්න තියෙන ඇඩ්‍රස් එක. අපි පාවිච්චි කරන ඕනම පරිගණකයකට මේ කියන ip (Internet Protocol) එකක් තියෙනවා. කොටින්ම හැම වෙබ් සයිට් එකකටමත් එකිනෙකට වෙන් වුනු ip එකක් තියෙනවා. ඒත් ඉතිං ඔය නම්බර් මතක තියාගන්ඩ කාටද පුලුවන්? ඒ හින්දයි ඒ අංක වෙනුවට ඩොමේන් නමක් දීල තියෙන්නෙ. ඒත් ඩොමේන් නමක් කියන්නෙ ip එක උඩින් දාපු වෙස්මූනක් විතරයි. අපි සයිට් එකේ ඇඩ්‍රස් එක ගැහුවම ඒක කනෙක්ට් වෙන්නෙ ip එකටයි. සරලවම කියනවනං ඕක තමයි ip එකක් කියන්නෙ. ip Address ගැන ෆුල් ආටිකල් එකක් පස්සෙ වෙලාවක ලියන්නංකො :)
හරි ඉතිං ඇයි අපි ඔය ip එක හංගන්නෙ? හ්ම් ඒකට නං සරල උත්තරයක් දෙන්න මට හිතෙන්නෙ නෑ. අපි ටිකක් කතා කරමු. මං කිව්වනේ අපේ හැම පරිගණකයකටම ip එකක් තියෙනවා කියලා. ඒ ip එක හම්බ වෙන්නෙ කොහොමද කියන එක, විවිද හේතූන් මත තීරනය වෙනවා.
ගොඩක් වෙලාවට අපි නෙට් ගන්න ආයතනයෙන් තමයි අපිට හම්බ වෙන්නෙ ip එක. අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්නෙ ඒ ip එකෙන් අදාල ආයතනය internet ගන්න චන්ද්‍රිකාවට සම්බන්ඳ වෙලයි. අපේ ip එකෙන් (පරිගණකයෙන්) අපි බලන්න ඕනෙ වෙබ් අඩවි මොනවද, නැත්තෙ මොනවද කියන එක තීරණය කරන්න තනිකරම අපි නෙට් ගන්න ආයතනයට හැකියාව තියෙනවා. එයාලට ඕනෙ නං අපි ෆේස්බුක් යන එක නවත්තන්ඩ ඕනෙ කියල එතකොට එයාලට පුලුවන් ඒක කරන්න. (ඔය සමහර රටවල ෆේස්බුක් එහෙම යන්ඩ බැරි එහෙම කරලයි. මං දන්න තරමින් සෞදි වල එහෙමද කොහෙදෝ) වැඩිය ඕන්නෑ අපේ අර ආණ්ඩු ද්‍රෝහී වෙබ් සයිට් බ්ලොක් කරල තියෙන්නෙ එහෙමයි.
සාමාන්‍යයෙන් පරිගණකයකින් පරිගණකයකට ip එක වෙනස් වෙනවා. (ඒත් Dial-up ඉන්ටර්නෙට් වල (ඒ කිව්වෙ ඔය ඩොංගල් කනෙක්ශන්) සහ Network වල Share කරල නෙට් බෙදාහරිනවා. එතකොට නං පරිගණක කීපයකට එකම ip එක තියෙන්න පුලුවන්ලු. වැඩි ඕන්නෑ මගෙත් ඩොංගල් එකේ මං වෙලාවකට නෙට් යනකොට එකෙ ip එකෙන් කියනවා මං ඉන්නෙ නුගේගොඩ පැත්තෙලු. පිස්සුවක් ඇතැයි. ගූගල් සර්ච් එකෙන් බැලුවමත් මට නුගේගොඩ පැත්තක් පෙන්නුවා.
හරි අපි ip එක හංගන්නෙ ඇයි කියල කතා කරොත් අපිට ගන්න පුලුවන් හේතු කිහිපයක්.
- අර උඩදි මං කිව්ව වගේ තහනම් කරපු වෙබ් සයිට් බලන්න,
- යම් නෙට්වර්ක් එකක බ්ලොක් කරපු සයිට් බලන්න,
- සමහර රටවල් වලට විතරක් බ්ලොක් කරපු ඉන්ටර්නෙට් සේවාවන් ලබාගන්න,
- තමං ඉන්න තැන හංගලා ඉන්ටර්නෙට් එකේ හොර වැඩ කරන්න,
- තුන්වැනි පාර්ශව වල පුද්ගලයන් අපි ඉන්ටර්නෙට් එකේ කරන වැඩ බලං ඉන්න එකෙන් බේරෙන්න,
- යම් අයෙකුට අනවසරයෙන් ඔයාගෙ පරිගණකයට ඇතුලු වෙන එක වලක්වන්න,
- ඔයාගෙ පෞද්ගලිකත්වය ආරක්ශා කරගන්න,
අපිට ip හංගන්න ක්‍රම කීපයක් තියෙනවා.
- සොෆ්ට්වෙයා ටූල් එකකින්,
- Proxy Web site එකක් භාවිතයෙන්,
- Web Browser Addon එකක් භාවිතයෙන් සහ
- VPN එකක් මාර්ගයෙන් (Virtual Private Network).
හොඳම Ip Hide කරන සොෆ්ට්වෙයා
ip එක හයිඩ් කරනවා කියන සොෆ්ට්වෙයා නං දැං හැම තැනම. (මං මේ පෝස්ට් එක ලියද්දිත් හෙව්වම අම්මෝ රිසල්ට් ගොඩ.)
ඒත් ඉතිං හොඳම මොනවද කියලත් බලන්න එපැයි. මං ඉතිං ඔය කෝටියක් විතර IP Hide Tool අතරින් හොඳම ඒව ටිකක් තෝර ගත්තා.
Hide My Ip
සොෆ්ට්වෙයා අතරින් හොඳම Ip Hide Tool එකක් තමයි මේ. ඒත් මේක නොමිලේ දෙන්නෙ දවස් 14යි. අපිට ඉතිං ක්‍රැක් කරගෙන තමයි පාවිච්චි කරන්න වෙන්නෙ.
Hotspot Shield: Security, Privacy, Freedom
මේ ටූල් එක නොමිලේ දෙන මාරම ගති, හොඳ Ip Hide Tool එකක්. මේ ටූල් එක ඕනෙ නං දැන් මොබයිල් වලටත් තියෙනවා.
UltraSurf
මේ ටූල් එකේ Interface එක නං එච්චර ලස්සන නෑ. ඒත් වැඩ සිරාවටම හොඳයි. වැඩිය සයිස් එක ලොකුත් නෑ. මාර ලේසියි පාවිච්චි කරන්න. ස්පීඩුත් හොඳයි.
TunnelBear
මේ ටූල් එකත් එල. පාවිච්චි කරල බලන්න
දැන් බලමු හොඳම Proxy Web Site මොනවද කියලා
කරන්න තියෙන්නෙ අදාල proxy සයිට් එකට ගිහින් ඔයාට යන්න ඕන වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක ගහන එක විතරයි. ලස්සනට යන්ඩ බැරි වෙබ් සයිට් වලට වෙන IP එකකින් යන්ඩ පුලුවන් වෙයි.
HideMyAss.com
zendproxy.com
uswebproxy.com
anonymouse.org
වෙබ් බ්‍රවුසර් ඇඩෝන් මගින් Ip එක වෙනස් කරගන්න
ගූගල් ක්‍රෝම් වලට මේ ඇඩෝන් ටික හොඳයි
Hide My Ass! Web Proxy
Stealthy
Proxy Switchy!
ProxyThisPage
VPN එකකින් IP එක හයිඩ් කරන්න
VPN ගැන කියනවනං හොඳම එකක් ගැන විතරයි මං කියන්නෙ. මම ට්‍රයි කරල බලපුවගෙන් නොමිලේ දෙන හොඳම එක මේක. කිසි වදයක් නෑ. ඇත්තටම සාර්තකයි. හොඳට IP එක හංගලා දෙනවා.
ඒ තමයි Security KISS Tunnel කියන්නෙ. ඒ සොෆ්ට් එක බාගෙන දාලම බලන්න හොඳයිද කියලා.
අම්මෝ පොස්ට් එක නං ටිකක් දිගයි. මහන්සියි. දැං ඉතිං මැශින් එක සුද්ද කරන්ඩත් එපැයි. IP Hide Software 20ක් විතර Install කරා. මං හිතනවා මේ පෝස්ට් එක ඔයාට වැදගත් උනා කියලා. හොඳ නරක කියල කමෙන්ට් එකකුත් දාන්න.












+ comments + 3 comments
puluwannam JavaScript enabled proxy site tikak kiyannakooo.....
Hotmail & yahoomail yanna puluwan site tikak......
mulu enet eka purama hewua eth hoyaganna beri una....
@413 : තමන්ගෙම Hotmail/Ymail/FB/ Account වලට යනවනං JavaScript Enabled Proxy පාවිච්චි කරනකොට ටිකක් විතර Security ගැනත් හිතන්ඩ වෙනවා. VPN එකක් ට්‍රයි කරන්න. ආරක්ශිතයි, සාර්තකයි :)
supiri ban