Phishing කියන්නෙ මෑත කාලයේ වැඩි දෙනෙක් අතර කතා බහට ලක්වුනු Hacking Method එකක්. ඔය ගොඩක් ෆේස්බුක් හැක් කරන්න දගලන අයියලා තමා ඕකට මාර Interest වෙලා ඉන්නේ. මොකද දැන් පොඩි ගූගල් පාරක් දැම්මම "හවු ටු හැක් යූසින්ග් පිශින්ග්" කියලා පට්ට Tutorials ගොඩක් හම්බවෙයි. හැබැයි ඉතින් ඕවගෙ Risk එක තමන්ම භාරගෙන කරනව නම් තමා ඇඟට ගුණ. මොකද සමහර අය අපිට ආදරේටම ඔය Tutorials හදන්නෙත් නෑ.
මාළු බාන එක "ආතල්". හැබැයි මාළු බාන්නෙක්ගෙ ගොදුරක් වෙන එක නම් ආතල් එකක් නෙවෙයි. මොකද සාර්ථක ෆිශිං ඇටෑක් එකකට ඔබ හසු උනොත් ඔබේ පෞදලිකත්වය පවා මුලුමනින්ම නැති වෙන්න උනත් ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට Phishing Attack එකක් වෙන්නෙ Email හරහා. මොකද ඒ ක්‍රමය Direct link දෙනවට වඩා ටිකක් විතර පහසුයි. කොහොම උනත් Phishing Attack එකක් බොහෝ දුරට ඉලක්ක කරන්නෙ ඔබේ Email තොරතුරු (Username / Password), සමාජ ජාල අඩවි ගිනුම් තොරතුරු සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු වැනි පෞද්ගලික කරුණු සොරකම් කිරීමටයි.
ඔබේ ඉතා සුලු නොසැලකිලිමත් බවකින් ඔබ Phishing Attack එකක ගොදුරක් බවට පත්වෙන්න තියෙන ඉඩ තියෙනවා. RSA Online Fraud Phishing Reports වාර්තා අනුව සාමන්‍යයෙන් මසකට Phishing Attack 30,151 ක ප්‍රමානයක් දියත් වෙනවා. පසුගිය 2012 දෙසැම්බර් මස සිට එම ප්‍රමාණය 2% පමණ ඉහල ගොස් තිබෙනවා.
Phishing Attack එකක් වැඩ කරන්නෙ කොහොමද?
කලින් කිව්වා වගේ Phishing Attack එකක් දියත් කරන කෙනෙක්ගෙ මූලික අරමුණ වෙන්නෙ රහස් තොරතුරු සොරාගැනීම. ඔවුන් ඒ සඳහා විවිද ක්‍රියාමාර්ග යොදාගන්නවා. බොහෝවිට කරන්නේ ඔවුන්ට අවශ්‍ය කරන තොරතුරු ලබාගැනීමට අදාල Company එකේ අනුරුවක් නිර්මානය කරගැනීමයි. සත්‍ය වෙබ් අඩවියට හාත්පසින්ම සමාන වෙබ් පිටුවක් නිර්මානය කිරීම, සත්‍ය වෙබ් අඩවියේ Domain නාමයට කිට්‍ටු Domain නාමයක් භාවිතා කිරීම සහ සත්‍ය වෙබ් අඩවිය භාවිතා කරන Email පනිවිඩ අනුරුවක් නිර්මාණය කිරීම වගේ කරුණු Phishing attackers ලගේ පොදු ලක්ශනයි. ඔවුන්ගෙ හැකියාව අනුව ඒ ක්‍රම සූක්ශම වීමේ හැකියාව රඳා පවතිනවා.
එක එක මාලු බාන්නන්ට ආවේනික ක්‍රම තියෙනවා වගේ Phishing attack කරන අයත් බොහෝ විට තමන්ට ආවේනික ක්‍රම, වචන එහෙම භාවිතා කරනවා. සමහර විට එයාලගෙ ඊමේල් එකෙන් කියන්න ඉඩ තියෙනවා "ඔබේ ගිනුම අක්‍රීය වීමෙන් වලක්වාගැනීමට නැවත Log in වෙන්න" කියලත්. අපි උනත් එහෙම Mail එකක් ආවම ටිකක් බයවෙනවා. නොදන්න අය දෙපාරක් නොහිතා දීල තියෙන ලින්ක් එකට ගිහින් තමන්ගෙ Username / password ගහලා ලොග් වෙන්න හදනවා. එතකොට ඉතින් Hacker ට අවශ්‍ය දේවල් ලැබිල ඉවරයි. පොදුවෙ Phishing Email එකක තියෙන ගති ලක්ශන තමයි,
- ඔයාට Email එක එන්නෙ වැදගත් වෙබ් අඩවියක අනුරුවකින්. (උදා : Facebook, Twitter, Paypal)
- ඊමේල් එකේ කියල තියෙයි ඔයාගෙ ගිනුම් තොරතුරු අලුත් කරන්න කියලා. (උදා : Username/Password/Credit Card Details)
Phishing Attack එකකින් ආරක්ශා වෙන්න කරන්න පුලුවන් සරල ක්‍රම
ඔය වගේ Email එකක් ආවම උඩින් පල්ලෙන් බලල ලින්ක් ක්ලික් කරන්නෙ නැතුව පොඩ්ඩක් Mail එක හොඳට කියවල බලන්න. සමහර Hackers ලා කරන්නෙ ගොඩක් අය Target කරලා Phishing එකක් දාන එක. ඒ හින්දා තනි User කෙනෙක්ගෙ නම් එහෙම එයාල Mail වල දාන්නෙ නෑ. නිකන් Dear User, Dear Customer වගේ තමා දාන්නේ. ඒත් ඇත්ත වෙබ්සයිට් වලින් ගොඩක් වෙලාවට ඔයාගෙ නම භාවිතා කරනවා.
ගොඩක් වෙලාවට වැදගත් වෙබ් අඩවි Secure Socket Layer (SSL) සහතිකයක් භාවිතා කරනවා. ඒ කියන්නෙ URL එක තියෙන්නෙ HTTPS:// කියලා. ඒත් Phishing වලට භාවිතා කරන අඩවි වලට SSL භාවිතා කිරීම 99%ක්ම වගෙ අඩුයි. ඒ නිසා ලින්ක් වල HTTPS:// තියෙනවද බලන්න.
සමහර වෙලාවට URL එකෙනුත් මිනිස්සු රවට්ටන්න ඉඩ තියෙනවා. ඒ කියන්නෙ වැදගත් වෙබ් අඩවියක ලින්ක් එකක් පේන්න තිබුනත් ඒක ක්ලික් කරාම යන්නෙ Hacker ගෙ අඩවියට. ඒ නිසා ලින්ක් ක්ලික් කරද්දි පරිස්සම් වෙන්න. සැකයි වගේ ඊමේල් වල තියෙන ලින්ක් වල රයිට් ක්ලික් කරලා URL එක කොපි කරගෙන Browser Address Bar එකට හරි Notepad එකකට හරි Paste කරගෙන බලන්න පෙන්නලා තියෙන ලින්ක් එකමද තියෙන්නෙ කියලා. (උදා :- https://mail.google.com/mail/)
Short URL එකක් භාවිතා කරල තියෙනව නම් ඒක ඇතුලෙ තියෙන්නෙ මොන URL එකද කියල බලන්න. ඒකට Unshort.me කියන අඩවිය භාවිතා කරන්න පුලුවන්. (ඒ පිළිබඳ අපේ ලිපිය බලන්න)
ගොඩක් වෙලාවට සමහරු පුරුදු වෙන්න වගෙත් Phishing කරනවා. එතකොට මොනව හරි ටයිප් කරද්දි එක එක වැරදීම් වෙන්න පුලුවන්. සත්‍ය වෙබ් අඩවියකින් එන මේල් එකක නම් අකුරක්වත් වරදින්න විදියක් නෑ. ඒ හින්දයි මුලින් කිව්වෙ Mail එක හොඳට කියවන්න කියලා. සමහරුන්ට හරියට HTML වත් බැරුවයි Phishing හදන්නෙ. එහෙම මේල් වල Structure එක එහෙම අවුල් විදියට තියෙන්නත් පුලුවන්.
ඔයා භාවිතා කරන වෙබ් අඩවියෙන් ලබාදෙන උපරිම Security විශේශාංග භාවිතා කරන්න. කම්මැලි කමට වගේ ඒවගෙ වැලකිලා ඉන්න එපා. උදාහරනෙකට ගත්තොත් Facebook එකේ සහ Gmail වල 2way security mode වලින් ඔබේ දුරකතනයට කේතයක් එන විදියට හදාගන්න. එතකොට වැරදිලාවත් හැකර්ට ඔයාගෙ පාස්වර්ඩ් ලැබුනත් ලොග් වෙන්න බෑ.
Phishing Guard එකක් දෙන හොඳ Anti Virus Guard එකක් භාවිතා කරන්න. පෞද්ගලිකව මං භාවිතා කරන්නෙ කැස්පා & බිට් ඩිෆෙන්ඩර්. (ෆිශිං වලින් ආරක්ශා කරනවා කියල ඒවටම හදල තියෙන සොෆ්ට්වෙයා එහෙම ගූගල් එකෙන් ගද්දි පරිස්සම් වෙන්න)
අපෝ මං හැක් වෙන්නෙ නෑ. මාව හැක් කරන්න එකෙක් නෑ කියල ඔලුවෙන්ද ඉන්නේ?
කවදාවත් එහෙම හිතාගෙන ඉන්න එපා. තෝරු මෝරු අස්සෙ ඔයා නිකන් හාල්මැස්සෙක් විතරයි. රජයේ වෙබ් අඩවි පවා හැක් වෙන කාලේ පුලුවන් උපරිමයෙන් ආරක්ශා වෙන්න. ඔන්ලයින් තොරතුරු බෙදාගනිද්දි කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා. වැදගත් තොරතුරු කිසිම කෙනෙක්ට දෙන්න එපා. මොකද දක්ශයෙක්ට පුලුවන් කට වැරදිලා කියවෙන එක වචනෙකින් උනත් ප්‍රයෝජන ගන්න.
SonicWALL කියන වෙබ් අඩවියෙන් මේකට අපිට පොඩි ප්‍රොග්‍රෑම් එකක් හදල දීල තියෙනවා. ඒකෙන් වෙන්නේ අපි Phishing ගැන කොච්චර දුරට දන්නවද කියල මැනල දෙන එක. එයාලා Phishing සහ Phishing නොවන ඊමේල් අනුරූ ටිකක් දීලා අපිට උත්තර දෙන්න කියනවා. උත්සහ කරල බලන්න ඒකත්.
SonicWALL Phishing IQ Test













+ comments + 3 comments
godaik proyojanawath !
good job.thanx bro..
maxa