Google සමාගම කියන්නෙ නිතර නිතර විවිද ආකාරයේ විශේශාංග ඉදිරිපත් කරන ආයතනයක්. තම පාරිභෝගිකයන්ට වටින කියන දේවල් නිතර නිතර ඉදිරිපත් කරන්නට මහන්සි වන ඔවුන් පසුගිය මාසයේ Google Drive Keep ලෙස නව සොයාගැනීමක් ඉදිරිපත් කරා. මෙම Google Keep අංගය සෘජුවම Google Drive සමඟ සම්බන්ධව ක්‍රියාකරන Memory Note සේවාවක් විදියට ක්‍රියාකරන සේවාවක්. මෙහිදී අපිට පුලුවන් අපට ක්ශණයකින් මතක තබාගැනීමට අවශ්‍ය වන විවිද ආකාරයේ මතක සටහන් ගබඩා කර තබන්නට. (අවශ්‍ය නම් පින්තූරද අමුණා තැබිය හැකියි.) මෙය Google Drive සමඟ සම්බන්ධ නිසා ඔබ ඔනෑම තැනක ඕනෑම වේලාවකදී භාවිතා කල හැකියි.
මෙහි තවත් විශේශත්වයක් වන්නේ ඔබට අන්තර්ජාල පහසුකමක් නොමැති අවස්ථාවකදී වුවද භාවිතා කල හැකි වීමයි. ඒ Google Chrome Add-on එකක් සහ Android Application එකක් මාර්ගයෙනි. එහිදී එම ඇඩෝනය ඇප්ලිකේශන් එකක් ආකාරයෙන් ක්‍රියාකරන අතර Sync වීමක් මගින් ඔබේ නව සටහන් අප්ලෝඩ් කිරීමත් දැනට අප්ලෝඩ් වී ඇති සටහන් ඩවුන්ලෝඩ් වීමත් සිදු වෙනවා. එමගින් ඔබට අපහසුතාවකින් තොරව ඔබේ සිතට එන සටහන්, සටහන් කර තැබිය හැකියි.
තව දුරටත් සරලවම කිවහොත් මෙය වැඩි දියුණු කරන ලද "Sticky Note" විශේශාංගයකි.
Google Keep Add-on | Android App | Visit Google Keep











