අපි දන්නවනේ මේ දවස් වල Shorten Url Share කරන එක දැන් ගොඩක් අය කරන දෙයක්නෙ. t.co (Twitter), bit.ly, TinyURL, Google goo.gl, Facebok fb.me, tr.im, Ow.ly වගේ තව ගොඩක් මේ වගේ සේවාවන් දෙන සයිට් තියෙනවා. ගොඩක් වෙලාවට මේ Short url සේවාවෙන් අපිට වෙන්නෙ පහසුවක්. ඒත් සමහර අවස්ථා වල මේ සේවාව අපිට කරදරයක් වෙන වෙලාවකුත් තියෙනවා. ඒ සමහර අය වයිරස්, දැන්වීම් සහ ඒවගේ දේවල් හංගලා Share කරන්නත් මේ සේවාව භාවිතා කරන නිසා. මං මේ ලිපියෙන් කියල දෙන්න යන්නෙ අපිට ලැබෙන ඒ වගේ Shorten කරපු Url එකක් ඇතුලෙ තියෙන ඇත්ත URL එක මොකද්ද කියල බලාගන්න පුලුවන් ක්‍රමයක්. අපි මේකට පාවිච්චි කරන්නෙ වෙබ් අඩවියක්.http://unshort.me
මේ අඩවියෙන් අපිට පුලුවන් අපිට කැමති ඕනම Shorten URL එකක් Unshort කරගන්න. උත්සහ කරල බලන්න.











