අවශ්‍ය දෑ :-
01. පට්ට ලස්සනයි කියල හිතාගෙන ෆොටෝ එකක් දාගෙන කොල්ලො පිස්සු වට්ටන ෆේස්බුක් කෙල්ලෙක්. (කොල්ලොත් ඉන්නවා)
02. ගූගල් දේවාලය.

හරි. මෙහෙමයි අපි වැඩේ කරන්නෙ. ඔය කවුරුත් දන්නවනේ ඉතින් කොල්ලෙක් පියාඹන ෆොටෝ එකක් දැම්මත් ලයික් දෙක තුනක් වැටිලා, කෙල්ලෙක් අහක බලන් ගහල දාන blur ෆොටෝ එකක් දැම්මොත් ලයික් දහ, දෙදහ ගනන් වැටිල අනේ ස්වීට් නන්ගියා කියන කාලයක්නෙ මේ. දැන් අපි මේ වැඩෙන් කරන්නෙ ඔය ස්වීට් නංගිලා දාන ෆොටෝ ඇත්තම බඩු ද කියල හොයන එකයි. කරන්න තියෙන්නෙ මෙච්චරයි.
01. ගූගල් ඉමේජ් සර්ච් එකට ගියා. https://www.google.lk/imghp?hl=en
02. ඊට පස්සෙ අර ස්වීට් නංගියා දාපු ෆොටෝ එකේ Image URL එක ගත්තා.

03. ගූගල් සර්ච් බයි ඉමේජ් ඔප්ශන් එකට ලින්ක් එක දුන්නා.


04. සර්ච් කරා.
ඔය කියන ස්වීට් නංගි ෆොටෝ එක කොහෙන් හරි උස්සලා දාපු එකක් නම් ගින්නක් නැතුව ගූගල් දෙයියන්ට පේනවා ඔය ෆොටෝ එක තියෙන අනිත් තැන් ටික. එහෙම ඉමේජ් එකක් හොයා ගන්න නෙට් එකේ කොහෙවත් නැත්තං බොහෝ දුරට ඒ ෆොටෝ එක Account එකේ අයිති කාරයගෙම තමා. ඒත් ඉතින් තව හොයන්නෙ නැතුව ඕව කියන්න අමාරුයි ඈ.
පසුවදන : ගූගල් එකේ මේ ඔප්ශන් එක අපේ වෙනත් පින්තූර සෙවීමේ වැඩ වලටද ගොඩක් ප්‍රයෝජනවත්












+ comments + 1 comments
https://chrome.google.com/webstore/detail/search-by-image-by-google/dajedkncpodkggklbegccjpmnglmnflm
මේකෙන් වැඩේ තවත් ලේසි වෙයි බං :D URL එක කොපි කරන්න ඕනි නැ.. Image එක උඩ රයිට් ක්ලික් කරාම Search google with this image කියල එනව.. ^_^ එල ඇ.. මේම පොස්ට් එකක් හරි දැම්ම එක :D