ෆේස්බුක් කියන්නෙ ඉතින් අපේ මාක් අයියා අපිට වද දෙන්ඩ නිතර නිතර වෙනස් කරන දෙයක් නෙ. මාක් අයියටත් අත පය තියන් ඉන්ඩ බැරුවට එක එක දවසට එක ගැජට් කෑලී එකතු කරනවා. මේ ලඟදි එකතු කරපු මල වදේ තමා නෝටිෆිකේශන් එකක් එනකොට "ටිලිං ටිලිං" ගාන එක. මට නම් ඇත්තටම ඕක වදයක්. හොයල බැලුවම මට තේරුනේ නම් අපි Follow කරන Status, Photos වලින් එන නොටිෆිකේශන් වලින් තමා ඔය ටකරං සද්දෙ එන්නේ. කොහොම උනත් වදයක් නෙ. ඉතින් මෙන්න ඔය ටිලිං ටිලිං ගෑවිල්ල නවත්තන ක්‍රමය. මේක මේ අමුතු ජිල්මාට් එකක් නෙමෙයි. ෆේස්බුක් එකෙන්ම පුලුවන් ඒක නවත්තල දාන්න. මෙහෙමයි. මම කියල තියෙන විදියට පිලිවෙලට කරන්න. එතකොට හරි.
01. Account Settings වලට යන්න (https://www.facebook.com/settings)
02. Notifications වලට යන්න. (https://www.facebook.com/settings?tab=notifications)
03. How You Get Notifications කියල තියෙන කොටසේ On Facebook කියන එක Click කරන්න. (https://www.facebook.com/settings?tab=notifications§ion=on_facebook&view)
04. දැන් Play a sound when each new notification is received කියල තියෙන එකේ "හරි" ලකුන අයින් කරල දාලා සේව් කරන්න.
පැහැදිලි මදි නම් මේ පින්තූරත් බලන්න
එච්චරයි. ආයෙ ටිලිං ටිලිං ගාන්නෙ නෑ.
+ comments + 1 comments
ස්තුතියි දැනුවත් කිරිමට.
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)