හරි අද මං මේ පෝස්ට් එකෙන් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ අපේ වින්ඩොව්ස් XP පාවිච්චි කරන යාලුවන්ට වැදගත් වෙන දෙයක්. හරි හරි 8 ආවා තමා. ඒත් XP පාවිච්චි කරන අය තවමත් අඩු නෑ කියලා මම අත්දැකීමෙන්ම දන්නවා.
හරි මාතෘකාවට බහිනවනම් මං කියල දෙන්න යන්නේ අපේ මැශින් එක ෆෝමැට් කරද්දි මතුවෙන Drivers ප්‍රශ්නෙට ලේසිම සරල නිවෑදි උත්තරයක්.
අපි දන්නවනේ අපි ගාව දැනට Drivers CD එකක් හරි බැකප් එකක් හරි නැත්තං ෆෝමැට් කරාට පස්සේ ඩ්‍රයිවර්ස් දාන්න ගියාම මාර දුකක් නෙ විඳින්න ඕනෙ. හරියන ඩ්‍රයිවර් එක හොයාගෙන ලොකු සයිස් ෆයිල් ඩවුන්ලෝඩ් කර කර, Lan/Ethernet ඩ්‍රයිවර්ස් තිබ්බෙ නැත්තං ඔක්කොම කොට උඩ දාගෙන විඳින්න තියෙන්නේ ලේසි පහසු දුකක් නෙමේනෙ.
ඉතිං මේ මං කියල දෙන්නෙ මැශින් එක ෆෝමැට් කරන්න කලින් අපේ මැශින් එකේ දාලා තියෙන අවශ්‍ය කරන ඩ්‍රයිවර්ස් ඔක්කොම කිසිම වදයක් නැතුව Backup කරගෙන තියාගන්න පුලුවන් ක්‍රමයක්. ඔයා දැං හිතනවා ඇති තවත් Driver Backup/Update සොෆ්ට්වෙයා එකක් ගැනයි කියන්නේ කියලා. අපෝ නෑ. මේකෙදි ඕනෙ කරන්නෙ 1kb වගේ තියෙන පොඩි CMD එකක් විතරයි.
මේකෙදි වෙන දේ පැහැදිලි කරොත්, මේකෙන් වෙන්නෙ දැනට අපේ මැශින් එකේ දාල තියෙන ඩ්‍රයිවර්ස් අඳුරගෙන පොඩි විදානයකින් ඒ ඔක්කොම එක ෆෝල්ඩර් එකකට කොපි කරන එකයි. වැඩිය ලොකු සයිස් එකක් එන්නෙත් නෑ. මැශින් එකේ ඩ්‍රයිවර්ස් අනුව තමා ඉතිං. ඒත් මාර වටිනවා මේ ක්‍රමේ. ඔයාට පුලුවන් ඒ ෆෝල්ඩර් එක CD එකකට Write කරගෙන හරි USB එකකට දාගෙන හරි තියාගන්න. ෆෝමැට් කරල ඉවර උනාම Drivers Search කරන්න අහද්දි ඒ ෆෝල්ඩර් එක දුන්නම වැඩේ ගොඩ. එහෙනම් පියවරින් පියවර අපි වැඩේ කරමු.
පියවර 1 : මං මේ පහතින් දීල තියෙන කෝඩ් එක කොපි කරගෙන නෝට්පැඩ් එකට දාල Driver.cmd කියලා සේව් කරගන්න.
echo off
echo This driver backup batch file was developed by WeekHacker.org
echo This will back up the folders containing your
echo hardware drivers to a folder called Drivers_Backup inside My Documents.
pause
%homedrive%
cd "%homepath%\my documents"
md Drivers_Backup
cd Drivers_Backup
xcopy %windir%\help /y
xcopy %windir%\inf /r /y
xcopy %windir%\system /r /y
xcopy %windir%\system32 /r /y
xcopy %windir%\system32\drivers /r /y
cd ..
attrib -h Drivers_Backup
echo Your Driver folders are backed up. You should now copy the contents of the
echo Drivers_Backup folder to a CD or to a USB.
pause
cls
(මේක Text File එකක් විදියට සේව් කරන්න එපා.)
පියවර 2 : හරි දැන් හදාගත්තු හරි ඩවුන්ලෝඩ් කරගත්තු හරි CMD එක ඕපන් කරගන්න. ඊට පස්සෙ Press any key to continue.. කියල ආවම මොකක් හරි බ්ට්න් එකක් ඔබන්න.
පියවර 3 : දැන් ඉතිං Backup වෙන එක පටන් ගයි. ඉවර උනාම ක්ලෝස් කරන්න. ඊට පස්සෙ My documents Folder එකේ තියෙන Driver_Backup කියන ෆෝල්ඩර් එක Write හෝ USB එකකට කොපි කරලා තියාගන්න.
ෆෝමැට් කරාට පස්සෙ ඩ්‍රයිවර්ස් දාගන්න විදිය මෙහෙමයි.
මැශින් එක ෆෝමැට් කරල ඉවර උනාම ඉතිං තියෙන විදිය අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ.
අපි බැකප් කරගත්තු ඩ්‍රයිවර්ස් ටික දාගන්න විදිය මෙන්න. ඒ විදියට කරන්න. වැඩේ අත්දුටුවයි ප්රත්යක්ශයි. (මේක මම ට්‍රයි කරේ XP වල විතරයි. මොකද vista/7/8 වල ඔටෝ ඩ්‍රයිවර්ස් ගන්න හින්දා.
![]() |
| My Computer එකේ රයිට් ක්ලික් කරලා Manage කියන එකට යන්න |
![]() |
| Drivers දාන්න ඕනෙ device එකේ රයිට් ක්ලික් කරලා Update Driver කියන එක ක්ලික් කරන්න. (මේකෙදි අලුතෙන් ෆෝමැට් කරපු මැශින් එකක තියෙන්නෙ කහ පාට ප්‍රශ්නාර්තයක්.) |
![]() |
| Install from a list of........ කියන එක ලකුනු කරලා Next කරන්න |
![]() |
| දැන් Driver Backup ෆෝල්ඩර් එක මෙතනට දීලා OK කරලා Next කරන්න. වැඩේ ගොඩ. |

















+ comments + 2 comments
පට්ට මචන්
thanx