මොනවද මේ බෑඩ් සෙක්ටර්ස්......? What are those BAD Sectors
සාමාන්‍යෙයන් අපි දන්නවා අපේ පරිගණකයේ දත්ත ගබඩා වෙලා තියෙන්නේ....දෘඩතැටිය තුල කියලා. ඉතිං ඕක හරියට අපේ අයියලාට වැදගත්,මොකද ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙ ෆොටෝ එක,කොල්ලො හොරෙන් බීපු හැටි....ඒ වගේ ෆන්ෂන් වල පොටෝ එහෙමත් හංගලා ඇති. ඉතිං මොනව නැතත් හාඩ් එක පරිස්සම් කරගෙන ඉන්න එපැයි කම්පියුටර් එක වැඩ කරවගන්න.
ඉතිං බෑඩ් සෙක්ටර් ඒකක් කියල කියන්නේ කියවීමට නොහැකි දත්ත පොකුරක්/ටිකක්,කියන එක.ඉතිං මෙහෙම උනාම කම්පියුටර් එක ස්ලෝ ඩවුන් වෙනවා. බය වෙන්න දෙයක් නෑ, පොඩි ජිල්මාට් ටිකක් දැම්මහම වැඩේ කර ගන්න පුළුවන්.
විවිධ හේතු කිහිපයක් තියෙනවා හාඩ්ඩිස්ක් එකක බෑඩ් සෙක්ටර්ස් ඇතිවෙන්න.
» නුසුදුසු ක්‍රම වලට පරිගණකය විසන්ධි කිරීම.
» බාල තත්ත්වයේ හාඩ් ඩිස්ක් යොදා තිබීම.
» දුහුවිලි බැදී තිබීම.
» තත්ත්වයෙන් බාල වර්ගයේ කේබල් භාවිතය.
» ඩිස්ක් හෙඩ් එක අතපත ගෑම.
» සීමාව ඉක්මවා රත්වීම/ඕවර්හීට් වීම.
» තත්ත්වයෙන් බාල කූලිං ෆෑන් භාවිතය.
බෑඩ් සෙක්ටර්ස් වර්ග දෙකක් අපට හදුනා ගැනීමට පුළුවන්
Hard bad sectors
ඇත්ත වශයෙන්ම මෙම වර්ගයේ බෑඩ් සෙක්ටර්ස් නැවත ප්‍රකෘතිමත් කිරීමට නොහැකි,භෞතික වශයෙන් දෘඩ තැටියට වූ හානි ලෙස අපට හදුන්වන් පුළුවන්. ඔබ පර්ගණකෙය් වැඩ කරන අවස්ථාවකදී/හාඩ් ඩිස්ක් ඒක ඩේටා රයිට් කිරීමක යෙදී ඉන්න අවස්ථාවකදී ගැස්සීමකට මුහුණ දෙනවානම් ඇත්ත වශයෙන්ම එය හාඩ් ඩිස්කයක් තුල බෑඩ් සෙක්ටර් එකක් ඇති කිරීමට හේතු වෙනවා. මෙම හාඩ් බෑඩ් සෙක්ටර්ස් අපිට ප්‍රකෘතිමත් කල නොහැකි අතර ඇතිවීම වළක්වා ගැනීමට පුළුවන්.
Soft bad sectors
මෙම වර්ගයේ බෑඩ් සෙක්ටර්ස් හමුවන්නේ Error Correction Code (ECC) එකක් ඩිස්ක් එකක් තුල හමු වූ විටයි. මෙවැනි සොෆ්ට් බෑඩ් සෙක්ටර්ස් හමුවන්නේ පරිගණකය ෆෝමැට් කිරීමේදී සිදුවන වැරදීම් නිසා. ඇත්ත වශයෙන්ම මේවා භෞතික නොවන බැවින් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කිරීමට හැකිය. එසේ කිරිමට හැකිවන්නේ මුල සිටම නැතව ඔපරේටිං සිස්ටම් එක ප්‍රතිස්ථාපනය කල විටයි.
බෑඩ් සෙක්ටර්ස් රිපෙයාර් කිරීමටට වින්ඩෝස් තුලම ටූල් එකක් දීලා තියෙනවා....
To run Check Disk do this:
Find the My Computer icon on your desktop and double-click it;
Find the disk you want to check, right-click it and go to Properties;
In the Properties dialog box go to Tools;
Click Check now;
A new dialog box will appear, check both options and click Start;
Most likely you will get a message that Check Disk wants exclusive access to the disk and wants to start right after your reboot. Click OK;
Restart your computer.
අපි කවුරුත් අහල තියෙනවනේ ලෙඩේට බෙහෙත් හොයනවට වඩා ලෙඩේ හැදෙන එක වළක්ව ගන්න එක ඇගට ගුණයි කියලා.බෑඩ් සෙක්ටර් වලටත් ඒ පට්ට ටෝක් එක වළංගුයි. බෑඩ් සෙක්ටර්ස් ඇති වෙන්න කලිං අපි වළක්වාගත්තොත් අපි දිනුම්.....
බෑඩ් සෙක්ටර්ස් ඇතිවීම වලක්වාගැනීම > Preventing bad sectors
You can help prevent bad sectors (always better than trying to repair them!) by paying attention to both the hardware and the software on your computer.
Preventing bad sectors caused by hardware
» Make sure your computer is kept cool and dust free;
ඔබගේ පරිගණකය දුහුවිල්ලෙන් තොරව හා සිසිලන පද්ධතිය සක්‍රීයව පවත්වා ගන්න.
» Make sure you buy good quality hardware from respected brands;
සෑම විටම උසස්ම වර්ගයේ අමතර කොටස් සුප්‍රසිද්ධ වෙළදනාමකරුවන් ගෙන් පමණක් ලබා ගන්න.
» Always move your computer carefully;
පරිගණකය එහා මෙහා රැගෙන යාමේදී හැකි සෑම විටම ප්‍රෙව්ශම් වන්න.
» Keep your data cables as short as possible;
ඩේටා කේබල්ස් හැකි පමණ කෙටියෙන් තබා ගන්න.
නිවැරදි/සුදුසු ආකාරයෙන්ම පමණක් පරිගණකය ක්‍රියා විරහිත කරන්න. ඔබගේ නිවසේ නිකරම විදුලිය බිද වැටේනම් යූ.පී.එස් (අමතර විදුලි සැපයුමක්) භාවිතා කරන්න.
» ජෙනුයින් වයිරස් ගාඩ් භාවිතයට ගන්න.
ලිපිය ලියූවේ : Susantha Sri Ekanayaka
පෞද්ගලිය අඩවිය : Susanthasri.blogspot.com
කරුණු : Axic Communications
පෞද්ගලිය අඩවිය : Susanthasri.blogspot.com
කරුණු : Axic Communications












