කවුරුත් දන්න දෙයක් තමා කාර්යබහුල ජිවන රටාවත් එක්ක තමන්තේ දේපළ,වතුපිටි,නිවාස ආරක්ෂාකර ගන්න තමන්ටම හැකි වෙන්නේ නෑ. මොකද ඒකට වෙලාවක් නැති නිසා. ඒ කියලා මුර කාරයෙක් දාන්නත් බෑ. අද කාලේ එවුන් තියන ටිකත් අතගාගෙන යන නිසා. අනික මුරට දාන්න හිතාගෙන කෙනෙක් ගෙනාවත් වෙන්නේ. එයා ඉල්ලන වැටුප ගැන ඇහුවහම ,ඒකත් ඕනේ නෑ කියලා අල්ලලා දාන්න...
මේ වගේ ප්‍රශ්න වලට තමා එදිනෙදා මූණ දෙන්නේ. ඒකට හොද පිළියමක් නම් තියෙනවා. ඒ තමා තමන්ගේ දේවල් වලට ෂුවර් ආරක්ෂාවක් දාගන්න එක. අද ඉතිං තාක්ෂණේ දියුණුව තමා අපේ පිහිටට ඉන්නේ. නවීන පන්නයේ ආරක්ෂිත කැමරා (Security camera system) එකක් තියෙනවනම් ඒ කරදරෙත් ෂේප්...
What is a IP camera? මොකක්ද මේ IP කැමරාවක් කියන්නේ?
පළවෙනි කේන්ද්‍රිත අයි.පී කැමරාව නිෂ්පාදනය කරල තියෙන්නේ....1996 ඇක්සිස් කමියුනිකේෂන්ස් (Axis Communications) කියන සමාගම...
මෙවන් කැමරාවක් භාවිතා කිරීමට අන්තර්ජාල සම්බන්ධතාව තමා බෙහෙවින්ම බලපාන කරුණ. අන්තර්ජාලය භාවිතා කරන අයනම් දන්නවා අයි.පී ඇඩ්‍රස් එක කියන්නේ මොකක්ද කියලා. ඒක අන්තර්ජාලය තුල තමන්ට හිමි අංකයක්.පර්ගණකයක් වේවා..ප්‍රින්ටර් එකක් වේවා. රවුටඑකක් වේවා. අපි මේ කතා කරන අයි.පී. කැමරාවක් වේවා. ඒ හැම උපකරණයකටම තියෙන්නේ වෙනමම අයි.පී අංකයක්. දැන් දැන් ඇහෙන කතා බහ වලට අනුව මේ කාලෙදි. භාවිතා කරන 32-bit Internet Protocol Version 4 (IPv4) එක මදිවෙයි කියලා. ඒ තරමටම අද ලෝකය අන්තර්ජාලය භාවිතා කරනවා. ඒක නිසා Internet Assigned Numbers Authority (IANA) කියන ජාත්‍යන්තර ආයතනය නවතම අයි.පී ඇඩ්‍රස් ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. ඒ තමා 128-bit Internet Protocol Version 6 (IPv6). එතකොට වැඩි අයි.පී අංක ගණනක් ජනනය කිරීමට හැකියාව ලැබෙනවා....
එතකොට මේ අයි.පී කැමරා භාවිතා කරන්නේ කොහොමද......
මේ කැමරාව අදාල කේබල් මාර්ගයෙන් පරිගණකයට සම්බන්ධ කරනවා.කැමරාව අවශ්‍ය ස්ථානයේ සාථානගත කරනවා. (සාමාන්‍යෙයන් මේ කැමරා වල අයි.පී අංකය කම්පැණිඑකෙන්ම කැමරාව පිටුපස මුද්‍රණය කරලා එවනවා)
ඊට පස්සේ වෙබ් බ්‍රවුසර් එකක් මාර්ගයෙන් ඇඩ්‍රස් බාර් එක තුල. මේ කැමරාවේ අයි.පී ඇඩ්‍රස් එක ටයිප් කරලා සර්ච් කරනවා. එතකොට අදාල දර්ශන තලය නිවැරදිව හා ඉතාමත් පැහැදිලිව දැක ගැනීමට පුළුවන්...
අනික මෙම කැමරාව ඇතුලතම මෙමරි ස්ටික් එකක් ඇතුල් කරලා දර්ශන පටිගත කිරීමේ හැකියාවද ඇතුලත් කරල තමා නිපදවලා තියෙන්නේ. ලෝක ප්‍රසිද්ධ අයි.පී.කැමරා වර්ගය තමා මොබොටික්ස් (MOBOTIX ip camera solutions)කියන්නේ. මෙයාල කියන විදිහට Closed-circuit television (CCTV) වලටත් වඩා තාක්ෂණයෙන් අනූනයි...
ලිපිය ලියූවේ : Susantha Sri Ekanayaka
පෞද්ගලිය අඩවිය : Susanthasri.blogspot.com
කරුණු : Axic Communications
පෞද්ගලිය අඩවිය : Susanthasri.blogspot.com
කරුණු : Axic Communications













