Windows How to : කිසිම මෘදුකාංගයක් නැතුව Windows Partition එකක් 101% සාර්ථකව PassWord Lock කරන්නෙ මෙහෙමයි [Windows Vista / Windows 7 / Windows 8]

1 comments

මේ ලිපියට කලින් ලිපියෙ ලිව්ව ඕනම ෆෝල්ඩර් එකක් සොෆ්ට්වෙයා නැතුව ලොක් කරන හැටි කියන ලිපිය ලියද්දිම මට හිතට ආපු දෙයක් තමයි Windows වල Partition Lock කරන හැටිත් ලියන්ඩ ඕනෙ කියලා. ඉතිං ඔන්න අදහස ක්‍රියාත්මක කරනවා.

මං මේ කියල දෙන්න යන්නේ Windows 7 / 8 පාවිච්චි කරන හැමකෙනෙක්ටම ගොඩක් වැදගත් වෙන, අනිවාර්‍යයෙන් දැනගෙන සිටිය යුතු දෙයක්. කලින් ලිපියෙ ලිව්වා වගේම අපි හැමෝටම අපේ මැශින් එකේ Top Secrets තියෙනවනේ. ඒව ඉතින් මොන මොන ඒවද කියල කියන්න බෑ. මොනා උනත් අපි වෙන කෙනෙක් ඒවා දකිනවට කැමති නෑ.

ඉතිං ඔය වගේ දේවල් ආරක්ශා කරගන්න අපි කරන්නෙ මොකක් හරි හොඳ Partition/Folder Locker සොෆ්ට්වෙයා එකක් අරගෙන දාගන්න එකනේ. ඒත් ඔබ දන්නවද වින්ඩොව්ස් වලම ඔය ප්‍රශ්නෙට අති සාර්ථක විසඳුමක් තියෙනවා කියලා ? ඒ තමයි BitLocker කියල කියන්නේ. Windows Vista, Windows 7 සහ Windows 8 වල මේ මෘදුකාංගය නොමිලේ අපිට ලබාදීල තියෙනවා. ඇත්තටම BitLocker කියන්නේ වින්ඩොව්ස් දුවන පරිගණකයකට දාන්න පුලුවන් හොඳම Partition Lock මෘදුකාංගය කියලයි මම හිතන්නේ. මේ මෘදුකාංගයෙන් අපිට පුලුවන් අපේ හාඩ් එකේ අපි කැමති ඕනම Partition එකක් Password දාල ලොක් කරන්න. අපිට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට ඒක ඕපන් කරන්න බෑ. කොටින්ම අපි හාඩ් එක ගලවලා වෙන මැශින් එකකට ගැහුවත් පාස්වර්ඩ් එක ගහන්නෙ නැතුව ඒ පාටිශන් එකේ තියෙන දේවල් බලන්න බෑ. Format කරොත් නම් සොරි තමයි හැබැයි :)

හ්ම් මං හිතන්නෙ වැදගත් කම තේරෙන්න ඇති. එහෙනම් අපි වැඩ පටන් ගමු. මෙන්න මෙහෙමයි Bit-locker පාවිච්චි කරන්නෙ

පියවර 01 - BitLocker On කරගන්න Control Panel එකට ගිහින් Bitlocker Drive Encription කියන එක උඩ ක්ලික් කරන්න.


පියවර 02 - දැන් එන Window එකේ ඔයාගෙ හාඩ් ඩිස්ක් එකේ තියෙන පාටිශන් ටික දක්වලා ඊට ඉස්සරහින් Turn on BitLocker කියල ඇති. ලොක් කරන්න අවශ්‍ය පාටිශන් එකට අදාල Bitlocker option එක උඩ ක්ලික් කරන්න.


පියවර 03 - දැන් ඔයාට එන වින්ඩෝ එකට පාස්වර්ඩ් එකක් දාල Next කරන්න



පියවර 04 - මෙතනදි වෙන්නෙ හදිස්සියෙවත් ඔයාට ඔයා දාපු පාස්වර්ඩ් එක අමතක උනොත් කියලා වැඩි ආරක්ශාවට Recovery Key එකක් හදන එකයි. මෙහෙම හදන කී එක පරිස්සමින් අරන් තියාගන්න. SAVE TO A FILE කියන එක ඔබලා කැමති තැනකට සේව් කරගන්න. ඊට පස්සෙ Next කරන්න.




පියවර 05 - දැන් Encript used disk space only (faster and best for new PC's and Drives)
කියන එක ලකුණු කරලා NEXT කරාම එන වින්ඩෝ එකේ තියෙන Start encripting කියන බ්ට්න් එක ඔබන්න.




හරි දැං ඉතිං ඕක ඉවර වෙනකල් වෙන වැඩක් කර කර හරි බකන්නිලාගෙන හරි ඉන්ඩ තමා තියෙන්නේ. ඉවර උනාම My Computer එකට ගිහින් බලන්න අදාල Partition එක Lock වෙලාද කියලා.



පසුවදන : මේ විදියට Lock කරන පාටිශන් ඔයා මැශින් එක Off කරල On කරන හැම වෙලාවෙන Unlock කරගන්න ඕනෙ පාස්වර්ඩ් එක ගහලා. මැශින් එක ඔන් කරලා පාටිශන් එක අන්ලොක් කරාට පස්සෙ ආයෙ ඔන් එකේ තියෙද්දිම ලොක් කරන බෑ. මැශින් එක Restart කරන්ඩම ඕනෙ.

NOTE : මේ විදියට ඔයා කැමති USB/ External Hard Disk වගේ ඕනම එකක් ලොක් කරන්න පුලුවන්. එහෙම ලොක් කරපු USB අන්ලොක් කරන්න පුලුවන් Windows Vista/7/8 තියෙන මැශින් එකකින් විතරයි.

Windows Xp වල අන්ලොක් කරන්න බෑ. ඒත් පෙන් එකේ තියෙන දේවල් බලන්න පුලුවන්. ඒකට Windows XP වලට තියෙනවා BitLocker to Go කියලා tool එකක්. ඒක Install කරල තියෙන්න ඕනෙ.

වැදගත් : ඔයාට ඔහොම දාපු පාස්වර්ඩ් එකක් වෙනස් කරන්නෙ ඕනෙ නම් මුලදි කිව්වා වගේ control panel එකෙන් Bitlocker එකට යන්න. එතකොට තියෙනවා අදාල පාටිශන් එක ඉස්සරහා පාස්වර්ඩ් එක වෙනස් කරන option එක.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 1 comments

Anonymous
Wednesday, October 3, 2012 at 11:28:00 AM GMT+5:30

කොපියක්ද මන්දා....

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.