හ්ම්ම්ම් අපි හැමෝටම ඉතිං අපේ මැශින් වල සෑහෙන වැදගත් දේවල් තියෙනවනේ. මොනවද කියල කියන්ඩ ඕනෙ නෑ ඉතිං එක එක්කෙනාගෙ පාවිච්චිය අනුව තමයි යම් යම් දේවල් වල වැදගත් කම තීරනය වෙන්නේ. ඉතිං ගොඩක් වෙලාවට අපි කැමති නෑ නෙ අපෙ මැශින් එක පාවිච්චි කරන වෙන කෙනෙක් ඔය ෆයිල් දකිනවට. ඒකට විසඳුමක් විදියට අපි කරන්නෙ මොකක් හරි හොඳ Folder Lock මෘදුකාංගයක් හොයාගෙන ලොක් කරල දාන එකනේ. හැබැයි ගොඩක් Folder Lock මෘදුකාංග නොමිලේ දෙන ඒව නෙමේ සහ ටිකක් පාවිච්චි කරන්න ගියාම කරදර වලට මූණදෙන්ඩ වෙන ඒවා.
ඉතිං මං මේ කියල දෙන්නේ ඔයාට අවශ්‍ය ඕනම Folder එකක් කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුව ලේසියෙන්ම ලොක් කරගන්න හැටි ගැනයි. ඒ සරල VB කෝඩ් එකක් මගින්. එහෙනම් පටන් ගමු.
එහෙනම් Notepad එක එහෙම ඕපන් කරගෙන ලෑස්ති වෙන්ඩකෝ...
හරි Notepad එක Open කරගත්ත නම් දැන් කරන්න තියෙන්නේ මේ පහත මං දීල තියෙන කෝඩ් එක Copy/Past කරන්න.
cls
@ECHO OFF
title WeekHacker.org Folder Lock
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo Are you sure to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== weekhacker goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End
NOTE: මං ඔය රතුපාටින් දීල තියෙන weekhacker කියන තැනට ඔයාකැමති පාස්වර්ඩ් එකක් දාන්න. ඒ දාන එක තමයි ලොක් එක අරිද්දි ගහන්ඩ ඕනෙ.
ඊට පස්සෙ ඔය නෝට් එක Save As ගිහින් Locker.bat කියලා Save කරන්න
දැන් ඒ හදාගත්තු Locker.bat ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට MyFolder කියලා අලුත් ෆෝල්ඩර් එකක් හැදෙයි. දැන් ඔයාට හංගන්න ඕනෙ ෆයිල් ටික ඒ ෆෝල්ඩරේ ඇතුලට දාලා ආයෙත් අර Locker.bat කියන ෆයිල් එක උඩ Double ක්ලික් කරන්න.
එතකොට අහයි "Are you sure to lock this folder? (Y/N)" කියලා. Y අකුර ගහලා Enter කරන්න.
වැඩේ හරි ඒ ෆෝල්ඩරේ නැති වෙයි. බය වෙන්න එපා ආපහු අර Locker.bat එක උඩ ඩබල් ක්ලික් කරම අහයි පාස්වර්ඩ් එක ගහන්ඩ කියලා. ගහල එන්ටර් කරාම ආපහු අර ෆෝල්ඩර් එක එනවා.
පසුවදන : මේක 100%ක්ම සාර්ථක Folder ලොක් එකක් කියලා කියන්න බෑ. මේකෙන් වෙන්නේ අපේ ෆෝල්ඩර් එක වින්ඩොව්ස් වල System Folder එකක් විදියට හරවලා හංගන එකයි. අපි පාස්වර්ඩ් එක ගහලා එන්ටර් කරාම ආපහු සාමාන්‍ය ෆෝල්ඩර් එකක් බවට හරවලා Unhidden කරනවා. හොදට දන්න කෙනෙක්ගෙන් නම් මේ විදියට ෆෝල්ඩර් හැංගුවා කියල වැඩක් වෙන්නෙ නෑ. දැනුම වැඩි වෙන්නයි මේක කියල දුන්නේ.













+ comments + 1 comments
සුපිරි වැඩක් ජය වේවා.