හ්ම්ම්ම් දැං නං ඇත්තමයි පෝස්ට් ලියල ලියලම පටන් ගන්නෙ කොහොමද කියල කිසිම අයිඩියා එකක් එන්නෙම නෑ. ආයුබෝවන් කියල පටන් ගන්නම් නේ ??
හරි එහෙනං ආයුබෝවන් මගේ බ්ලොග් රසික රසිකාවියනේ... මං අද කියල දෙන්න යන්නේ අපි පාවිච්චි කරන හොඳම වෙබ් බ්‍රවුසර් අතර දෙවෙනියට හොඳම (මට ෆයර්ෆොක්ස් හොඳ හින්දයි එහෙම කිව්වෙ ඈ) වෙබ් බ්‍රවුසරේට අපි සේව් කරපු අන්තර්ජාල ගිනුම් වල පාස්වර්ඩ් ලේසියෙන්ම බලාගන්න විදියයි. හැක් හැක් ෆයර්ෆොක්ස් වල ඔය වැඩේ කරගන්න විදිය මං කලින් කියල දුන්නා.
මෙතනින් ඒක බලන්න පුලුවන් Link to Post
හරි මං හිතනවා අමුතු විස්තරයක් කියන්න ඕනෙ නෑ කියලා. සුපුරුදු පරිදි වැඩ පටන් ගමු. ඔය වැඩේ කරන්න අමාරු නෑ. මොකද මේකෙදි අමුතුවෙන් අපිට ක්‍රැක් කරන්ඩ උවමනාවක් නෑ. වෙබ් බ්‍රවුසරෙන්ම Option එකක් දීල තියෙන හින්දා.
එහෙනම් පියවර වශයෙන් යන්න. පහලින් මම දීල ඇති රූප සටහන් එක්කම..
පියවර 01 : Google Chrome Option Menu එකට යන්න
පියවර 02 : Option Menu එකෙන් Settings වලට යන්න
පියවර 03 : Show Advanced Settings කියන ලින්ක් එක ඔබන්න
පියවර 04 : Manage Saved Passwords Link එක ක්ලික් කරන්න
පියවර 05 : දැන් ඔයාට ඔයාගේ Chrome එකේ Save කරල තියෙන Passwords සේරම බලාගන්න පුලුවන්. කරන්න තියෙන්නේ අදාල Account එක උඩ ක්ලික් කරලා Password එක ලඟ තියෙන Show කියන බ්ට්න් එක ඔබන්නයි. වැඩේ ගොඩ.


















+ comments + 4 comments
ඒකනම් සුපිරි
අපිට බැරිද ඔය ටික කොපි කරගන්න?
එල එල
@ නිශාන් : ඔක්කොම ටික Show කරලා Screen Shot එකක් ගහන්න ;) ✔
@ සුදු මහත්තයා : ස්තූතියි කමෙන්ට් එකට ✔
http://www.weekhacker.org/2012/07/Send-Sms-To-a-Number-From-Any-Number.html
මේක නම් එල.ඇත්තටම මේ විදියට යවපු එස්.එම්.එස් එකක් ආපු නම්බර් එක හොයාගන්න බැරිද.