Chrome වලින් ඔබ කැමති ඕනම Website/Blog එකක් Hack කරමුද? [WeekHacker Fun]

1 comments

ඔන්න මං මේ පෝස්ට් එකෙන් පට්ට පට වැඩ කෑල්ලක් කියල දෙන්න හදන්නේ. අපි හැමෝටම ඉතිං Hack උණක් තියෙනවනේ. ඇත්තම කිව්වොත් ඉතිං හොඳම වැඩ කාරයෝ කිහිප දෙනෙක් ඇරුනම ගොඩාක් අය හැකර් ලම නෙවෙයි. හැකර් කෙනෙක් වෙන එක ලේසි නෑ. (කාට උනත් එච්චරම තමයි) ඒත් ඉතිං ඒක එහෙමයි කියලා අපි නිකන් ඉඳල හරියනෙ නෑ නෙ. අපිත් ඔය දන්න වැඩ කෑලි දාන්ඩ එපැයි. මං මේ බ්ලොග් එක ලියන්නෙත් මං ඉගෙන ගන්න දේවල් කට්ටිය එක්ක බෙදාගන්ඩ මිසක් වෙන දේකට නෙවෙයි.

හරි මේ රූපෙ ඉස්සෙල්ලම බලන්ඩකෝ. මේ තියෙන්නෙ මං කියල දෙන දෙයින් කරන්න පුලුවන් වැඩ කෑල්ලක්.

පැහැදිලි මදි නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න

දැන් පණ්ඩිතයෙක් කියයි "යකෝ ඔය ෆොටෝශොප් නෙ කියලා". හරියට දන්න කෙනෙක්නම් දන්නවා Sinhala Unicode Adobe Photoshop වලට සපෝට් නෑ කියලා.

අපි මේ වැඩේ කරන්නෙ පොඩි Java Script එකකින්. (ඇත්තටම හැක් එකක් නෙවෙයි. ෆන් විතරයි) මේකෙන් පුලුවන් අපි කැමති ඕනම සයිට් එකක් අපි කැමති විදියට වෙනස් කරන්ඩ. කරන්න තියෙන්නෙ මං මේ පහතින් දීල තියෙන Java script Code එක හරියට Address Bar එකට Past කරලා Enter කරන එක විතරයි.

javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0

පෙනුමෙන් වෙනසක් වෙන්නෙ නෑ. ඔයා නිකන් ඔය Text එකක් උඩ ක්ලික් කරල Edit කරල බලන්ඩකෝ. (ඕනෙ නං WeekHacker එකම එඩිට් කරාට මං මුකුත් කියන්නෙ නෑ.

මෙහෙම කරලා Screenshot එකක් ගහලා යාලුවෙක්ව එහෙම පොඩ්ඩක් බයිට් කරන්ඩ පුලුවන්. හැබැයි Google Chrome / Opera විතරයි.

NOTE: සමහර වෙලාවට ඔය කෝඩ් එක Copy/Past කරද්දි මුලින් තියෙන javascript: කියන කෑල්ල නැති වෙනවා. ඒක අනිවා ඕනෙ හින්දා Address Bar එකට javascript: කියන කෑල්ල ටයිප් කරල එන්ටර් කරන්න.

ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 1 comments

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.