නවතම iPhone 5 හි Official Design එක සහ එළිදැක්වීමේ දිනය නිකුත් කෙරේ.....!!!

1 comments

ඔන්න Apple රසිකයො ගොඩ දෙනෙක් ඇඟිලි ගැන ගැන හිටපු iPhone 5 ජංගම දුරකතනයේ Official Design එක නිළ වශයෙන් ඇපල් සමාගමෙන් ඉදිරිපත් කරල තියෙනවා. Apple iPhone ගැන උනන්දුවෙන් ඉන්න හැමෝටම මේක සුභ ආරංචියක්. මේ iPhone එක ගැන කියනවනම් මෙතෙක් කාලෙට ඇපල් සමාගමෙන් නිකුත් කරපු සිහින්ම Display එකෙන් සමන්විතවයි නිකුත් වෙන්නේ. ඒ වගේම නිකුත් කිරීමේ දිනය විදියට ඇපල් සමාගම පවසලා තියෙන්නේ 2012 සැප්තැම්බර් මස 21 වෙනිදා ලොව පුරා ඇපල් ශොප් වලින් මිලදී ගත හැකි බවයි.

කෙටි විස්තරය »

» A6 Chip ප්‍රොසෙසරයක් සහිත මෙම iPhone 5 දුරකතනයේ උස අඟල් 4.87 වන අතර, පළල අඟල් 2.31 කි. බර ග්‍රෑම් 112කි.

» iPhone 5 හි මෙතෙක් iPhone වල භාවිතා වූ Micro Sim වෙනුවට භාවිතා වන්නේ Nano-Sim කාඩ් පත් වේ.

» වැඩි දියුණු කරන ලද Wi-Fi තාක්ෂණයෙන් යුතුය. නවතම LTE තාක්ශනය භාවිතා කර අන්තර්ජාල වේගය ඉතා ඉහල මට්ටමකට ගෙන ඇත.

» මෙතෙක් පැවති සියලුම ඇපල් EarPhones වලට වඩා වෙනස් නැවුම්ම ආකාරකය earPhone දෙකක්ද ඇපල් iPhone 5 සමඟින් ලැබේ.

» Panorama Photos, HD Video Recording, Facetime HD Camera මෙන්ම වීඩියෝ ගත කරන අතරතුරේදීම ෆොටෝ ගැසීමේ හැකියාවද ඇතුලත් මෙගාප්පික්සල් 8ක කැමරාවක් මෙහි ඇතුලත් වේ.

» අමුතුවෙන්ම වෙනස් කරන ලද Data Cable එකක් ද, නවතම iOS 6 මෙහෙයුම් පද්ධතියෙන්ද බල ගැන්වුනු iPhone 5 හි, Siri, AirPlay, AirPrint සහ වැඩිදියුණු කරන ලද Google Map GPS අංග වලින්ද සමන්විත වේ.

වැඩි විස්තර »

http://www.apple.com/iphone/design/
http://www.apple.com/iphone/features/







ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 1 comments

Anonymous
Saturday, September 15, 2012 at 3:53:00 AM GMT+5:30

mp 29 k da?

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.