මොකද්ද මේ Blogger කියන්නේ? මොනවද කරන්න පුලුවන්? බ්ලොගර් හි ඉතිහාසය

2 comments

මොකද්ද මේ Blogger කියන්නේ?

සරලවම කියනවනම් ගූගල් සමාගම මගින් නොමිලේ බ්ලොග් අඩවි නිර්මාණය කිරීමට ලබා දෙන ඉතා සාර්ථක සේවාවක් තමයි Blogger/Blogspot කියන්නේ. ඔබට www.blogger.com යන වෙබ් අඩවේයෙන් මෙම සේවාව නොමිලේම ලබාගන්න පුලුවන්. සාමාන්‍ය බ්ලොගර් බ්ලොග්ස්පොට් අඩවියක ඇඩ්‍රස් එක Yourname.blogspot.com ලෙස සඳහන් වන අතර 2010 මැයි 1 වනදායින් පසු ගූගල් සමාගමෙන් මෙය වෙනස් වෙබ් ලිපින වලටද සහය දක්වන ලෙස සකස් කලා. ඒ අනුව දැන් පරිශීලකයාගේ සිතැඟි පරිශි තමන්ගේ .blogspot.com බ්ලොග් අඩවිය .com ලෙස හෝ එවැනි වෙනත් වෙබ් ලිපිනයකට වෙනස් කල හැක.

ඔබට මෙම සේවාව මගින් ඔබගේම වෙබ් ඉඩක් ලබාගත හැකි අතර එම වෙබ් ඉඩ ඔබට, ලිපි ලිවීමට, ඔබේ නිර්මාණ ඉදිරිපත් කිරීමට, ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථා යහළුවන්-පවුලේ සාමජිකයන් සමග බෙදාගැනීමට, ඔබේ ආගමික/දේශපාලනික/සමාජීය/ආයතනිකමය අදහස් හෝ අත්දැකීම ජනයා සමග බෙදා ගැනීමට, වැනි ඔබ කැමති ඕනෑම අවශ්‍යතාවයකට පාවිච්චි කරන්න පුලුවන්. නොමිලේ ලබාදෙන විවෘත සේවාවක් නිසා ඔබට අන්තර්ජාලය ආශ්‍රිතව බොහෝ දේවල් මෙම Blogger blogspot කරන්න අවස්ථාව ලැබෙනවා.

Blogger ඉතිහාසය

බ්ලොග් සේවාවන් ලබාදෙන බ්ලොග් සේවා ආයතන අතර පැරණිම සේවාවක් වන බ්ලොගර් සේවාව ආරම්භ කරන ලද්දේ 1999 වසරේ අගෝස්තු 23 වන දින Pyra Labs කියන ආයතනයෙනුයි. සරල නිමැවුමකින් යුතු මෙම බ්ලොගර් බ්ලොග්ස්පොට් සේවාව මගින් බොහෝ අන්තර්ජාල කටයුතු සිදුකල හැකි මෙන්ම දැනට භාෂා 50කට වැඩි ප්‍රමාණයකින් සේවාව සපයයි. 2003 වසරේ පෙබරවාරි මස Pyra Labs ආයතනය මගින් ගූගල් ආයතනය සමඟ ප්‍රසිද්ධ නොකරන ලද කොන්දේසි වලට යටත්ව Blogger සේවාව සම්බන්ඳ කරන ලදී. ඒ හේතුවෙන් බ්ලොගර් සේවාව ගූගල් හි ලාබ නොඋපදවන සේවාවක් එනම් නොමිලේ ලබාදෙන බවට පත් කරන ලදී. (Pyra Labs ආයතනය බ්ලොග්ස්පොට් සේවාව නොමිලේ ලබානොදෙන, ලාබ ලැබීමේ අදහසින් මෙම සේවාව දියත් කරන ලදී.) කෙසේ වෙතත් ගූගල් හා සම්බණ්දව බ්ලොග්ස්පොට් සේවාව ස්ථාවර ජනප්‍රිය සේවාවක් බවට පත් වෙමින් තිබුනි. නමුත් 2004 වසරේ ඔක්තොම්බර් මස Pyra Labs හි සම-නිර්මතෲ "එවාන් විලියම්ස්" මහතා ගූගල් ආයතනය අතහැර යන අතර තවදුරටත් බ්ලොග්ස්පොට් සේවාව ගූගල් ආයතනය සතුවම තිබුනි. 2004 වසරේදීම ගූගල් ආයතනය, අන්තර්ජාලය මත සාර්ථක Photo sharing සේවාවක්ව පැවති Picasa සේවාව මිලදීගන්නා අතර ඔවුන් එම සේවාව බ්ලොග්ස්පොට් සේවාව හා අනුබද්ධ සේවාවක් ලෙස දියත් කරන ලදී. එමගින් බ්ලොග්ස්පොට් බ්ලොග් අඩවි භාවිතා කරන්නන්ට තම බ්ලොග් අඩවි මගින් නොමිලේ Photo Share කිරීමට අවස්ථාව උදාවිනි.

ගූගල් ආයතනය බ්ලොග්ස්පොට් සේවාව පවරා ගැනීමෙන් පසු 2004 මැයි 9වෙනි දින Blogger හි සම්පූර්ණයෙන්ම වෙනස් කරන ලද අතුරු මුහුණතක් ඉදිරිපත් කලේය. ඔවුන් ඒත් සමගම

  • වෙනස් බ්ලොග් පෙනුමක් භාවිතා කිරීමේ හැකියාව,
  • ලේඛනාගාරයක් ආකාරයෙන් ලිපි ගබඩා කිරීමේ හැකියාව (Archive pages) ,
  • ලිපි සඳහා කමෙන්‍ටු යෙදීමේ හැකියාව,
  • ඊමේල් මගින් ලිපි, කමෙන්‍ටු යෙදීමේ හැකියාව,

සහ තවත් එවැනි විශේෂාංග බොහොමයක් හඳුන්වා දුන්නේය.

2006 වසරේ අගෝස්තු 14 දින බ්ලොගර් හි නව සංස්කරණයේ බීටා (Testing) වර්ශන් එක හඳුන්වා දුන් අතර මෙම නව සංස්කරනය ගූගල් ආයතනය මගින් වෙනත් භාෂා වලින්ද කටයුතු කල හැකි අයුරින් ඉදිරිපත් කලහ. 2007 වසරේ මැයි මස සම්පූර්ණ වර්ශන් එක ඉදිරිපත් කලේය. මේ වන විටත් භාවිතා වන්නේ එම ස්ථාවර සාර්ථක සංස්කරනයයි. 2007 වසරේ අග වන විට බ්ලොගර් සේවාව ගූගල් හි සියළුම සේවාවන්ට සහය දක්වන බ්ලොග් සේවාවක් බවට පත් වූ අතර 2007 වසරේ වැඩිම ජනගහනයක් පැමිනෙන වෙබ් අඩවි අතර 16 වන තනතුරට පත්වීමට හැකියාවද හිමි විය.

නව සංස්කරණය මොකද්ද? මොනවද කරන්න පුලුවන්?

2006 වසරේ ඉදිරිපත් කරන ලද නව සංස්කරණය ඉතා සාර්තක සංස්කරණයක් බවට පත්විය. එය ගූගල් සර්වර් සමග හොඳින් ක්‍රියාකරන විශ්වාසී ස්ථාවර සේවාවක් වූ අතර ඒ හේතුවෙන් ජනප්‍රියතාවද වැඩි විය. එම සංස්කරනයෙන් තවදුරටත් වැඩි දියුනු කරන ලද විශේෂාංග කිහිපයක්ම හදුන්වා දී තිබූ අතර,

  1. බ්ලොග් පෙනුම වෙනස් කිරීමට පහසු කිරීම (Templates),
  2. ලිපි කියවීම සීමා කිරීමේ හැකියාව (Permissions to read),
  3. Html සහ සාමාන්‍ය ලෙස දෙආකාරයෙන් ලිපි ලිවීමට හැකි වීම,
  4. ලිපියක් මගින් නවත්වා පසුව ලිවීමේ හැකියාව (draft),
  5. ලියූ ලිපියක් බ්ලොගයට දැමීමට පෙර (Publish) බ්ලොගයට දැමූ පසු ඇති ආකාරය නැරඹීමේ හැකියාව (Previewing),
  6. පහසුවෙන් පිංතූරු යෙදීම සහ හැසිරවීමේ හැකියාව,

වැනි අංග බොහොමයක් ඊට අඩංගු විය.

2009 වසරේ සැප්තැම්බර් මස ගූගල් සමාගමේ 10 වන සංවත්සරයේදී තවත් නව අංග කිහිපයක් බ්ලොගර් සේවාවට හදුන්වා දෙන්නට ගූගල් සමාගම කටයුතු කලා. ඒ අනුව තමන් සිටින ස්ථානය ලිපි වල දැක්වීමේ හැකියාව, ලිපියක් තමන්ට අවශ්‍ය දිනයක වෙලාවක ඇතුලත් කල ආකාරයට ඉදිරිපත් කිරීමට හැකි වීම, ලිපි මත යොමු (Links) සරලව හැසිරවීමට හැකිවීම, පිංතූරු හැසිර වීමට පහසු හා ගබඩා කිරීමට පහසු වීම, ලිපි ලිවීමේදි වැඩි අංග ප්‍රමාණයක් ඇති ToolBar එකක් වැනි විශේෂාංග කිහිපයක් බ්ලොගර් සතු විය.

කෙසේ වෙතත් 2010 වසරේදී ගූගල් සමාගම මගින් බ්ලොගර් හි අතුරුමුහුනත නැවතත් වෙනස් කල අතර ඔවුන් එය කැමති පරිශීලකයන්ට පමනක් භාවිතා කල හැකි අන්දමට හදුන්වා දුන්නා. ඒ කියන්නෙ ඒ අතුරු මුහුනත අත්හදා බලල එයට අකමැති අයට පරණ අතුරු මුහුනතම පාවිච්චි කරන්න පුලුවන් විදියටයි හදුන්වා දුන්නේ. වර්ථමානයේ භාවිතා වන්නේ මෙම අලුත් අතුරු මුහුණතයි.

කාටද භාවිතා කරන්න පුලුවන්?

මෙම බ්ලොගර් බ්ලොග්ස්පොට් සේවාව කිසිදු වයස් සීමාවකින් තොරව ඕනෑම අයෙකුට භාවිතා කරන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ ගූගල් ගිණුමක් පමණයි. එහෙත් විවිද හේතු නිසා මෙම බ්ලොගර් බ්ලොග්ස්පොට් සේවාව සමහර රටවල් වලට විවිද කාලසීමාවන් තුල අත්හි‍ටුවල තියෙනවා. කියුබාව, ‍ෆිජි රට, ඉරානය, කසකස්ථානය, මියන්මාරය, පකිස්ථානය, චීනය, සිරියාව හා තුර්කිය කියන රටවල් වල අන්තර්ජාලය භාවිතා කරන්න්නට බ්ලොගර් බ්ලොග්ස්පොට් සේවාව භාවිතා කිරීමට අවස්ථාව අවහිර කරල තියෙනවා. ඒ කියන්නේ ඒ රටවල් වලට blogger.com හා blogspot.com කියන වෙබ් නාම දෙක block කරලයි තියෙන්නේ.

Blogger හි සීමාවන්

කිසිම වයස් සිමාවකින් තොරව බ්ලොග්ස්පොට් සේවාව භාවිතා කිරීමට අවස්ථාව උදා කරල තිබ්බත් එක් පරිශීලකයෙකුට අදාල වන සීමවන් කිහිපයක් බ්ලොග්ස්පොට් සේවාවෙ තියෙනවා.

  • නිර්මාණය කල හැකි බ්ලොග් අඩවි ගණන = ඕන තරමක් (Unlimited)
  • ලිවිය හැකි ලිපි ගණන = ඕන තරමක් ලිපි ලියන්න පුලුවන්. (නමුත් එක් ලිපියක ප්‍රමාණය 1MB විය යුතුයි.)
  • භාවිතා කල හැකි ලේබල්ස් ගණන = බ්ලොග් අඩවියකට 2000 යි. එක් ලිපියකට 20 යි.
  • ගබඩා කල හැකි පිංතූරු ප්‍රමාණය = පිකාසා වෙබ් ඇල්බම් එකක 1GB දක්වා
  • බ්ලොග් එකකට ඇතුලත් කල හැකි සාමාජිකයන් ගනන = 100යි. (ලිපි ලිවීමට)
  • බ්ලොග් එකක භාවිතා කලහැකි පි‍ටු (Pages) ගණන = 20යි.

මෙම තොරතුර් ලබාගන්නා ලද්දේ Wikipedia අඩවියෙනි.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 2 comments

Friday, September 21, 2012 at 11:32:00 AM GMT+5:30

සුපිරි තොරතුරු ටික

Friday, September 21, 2012 at 11:40:00 AM GMT+5:30

ඉතාම වැදගත් තොරතුරු ටිකක්.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.