ඕනම ෆයිල් එකක්/ ලින්ක් එකක් දැනට ලෝකෙ තියෙන හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Install නොකර එකවර Scan කරගන්නෙ මෙහෙමයි.

1 comments


මේ දවස් වල ඉතිං හැමෝටම වයිරස් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ. හැමෝම අහනවා මොකද්ද හොඳම වයිරස් ගාඩ් එක? කැස්පගේ ලයිසන් එක දෙනවද? අවාස්ට් ලයිසන් එක දෙනවද? වගේ එක එක ප්‍රශ්න කෝටියක් වයිරස් ගැන හැමෝටම තියෙනවා. සමහරු තමන්ට හොඳයි කියලා හිතෙන වයිරස් ගාඩ් දෙකක් විතරම මැශින් එකට දාගෙන ඉන්නවා. ඒත් වයිරස් ගාඩ් එකින් එකට ක්‍රියා කරන විදිය බොහෝ දුරට වෙනස් වෙනවා. එක එක ඒවගේ Definisions Database එකිනෙකට වෙනස්. ඉතිං අපි හැමෝටම වයිරස් ගාඩ් දෙක තුනක් එකවර මැශින් එකට දාගන්න විදියක් නෑ නෙ. සමහරු එක වයිරස් ගාඩ් එකක් දාලත් මාර දුකක් විදින්නේ. ඉතිං මං මේ කියන්න යන්නේ ඔබට මොකක් හරී ෆයිල් එකක් හරි , වෙබ්සයිට් එකක් හරි වයිරස් ගාඩ් ගොඩකින් එක වැර Scan කරගෙන ඒ ඒ වයිරස් ගාඩ් එකෙන් වෙන වෙනම Report එකක් අරගන්න පුලුවන් Web Site එකක් ගැන. ඇත්තටම මොකක් හරි වැදගත්ම වෙබ්සයිට් එකක් හරි/ ෆයිල් එකක් හරි ඔයාට වයිරස් ගාඩ් එකකින් චෙක් කරගන්න ඕනෙ උනොත් එහෙම මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි. විශේෂයෙන්ම Software Engineer's ලට, Web Engineer's ලට වගේම අනිත් අයටත් ගොඩක් වැදගත් වෙයි.

මේ සයිට් එක තමයි - Virustotal.com

මේ සයිට් එක ගැන පොඩි හැඳින්වීමක් කරොත් මේකෙන් අපිට පුලුවන් දැනට තියෙන ප්‍රසිද්ධම සහ හොඳම වයිරස් ගාඩ් හැම එකකින්ම අපිට ඕනෙ ෆයිල් එකක් Scan කරගෙන Result එක අරගන්න. කරන්න තියෙන්නේ File එක සයිට් එකට අප්ලෝඩ් කරලා පොඩ්ඩක් වෙලා බලං ඉන්න විතරයි. එතකොට අපිට පුලුවන් ඒ ෆයිල් එකේ වයිරස් තියෙනවද කියලා Report එකක් ගන්න. එහෙමත් නැත්තං අපිට මොකක් හරි වෙබ්සයිට් එකක වයිරස් තියෙනවද කියලා බලාගන්න ඕනෙ නම් කරන්න තියෙන්නේ URL එක දීලා Scan කරන්න විතරයි. වයිරස් තියෙනවද කියලා බලාගන්න පුලුවන්. එහෙනම් ගිහිල්ලම ට්‍රයි කරල බලන්න.

File එකක් අප්ලෝඩ් කරල Scan කරගන්න යන්න ඕනේ : මේ ලින්ක් එකට
https://www.virustotal.com/#file

Website එකක URL එකක් දීල Scan කරගන්න යන්න ඕනේ : මේ ලින්ක් එකට
https://www.virustotal.com/#url



ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 1 comments

Anonymous
Saturday, September 22, 2012 at 5:41:00 PM GMT+5:30

Ela

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.