ගූගල් වල Search Tools හරියට පාවිච්චි කරන්න - සෑම Internet User කෙනෙක්ම දැන සිටිය යුතුයි !!!

5 comments

Google ගැන කාටවත් අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනෙ නෑ නේ. ඉන්ටර්නෙට් පාවිච්චි කරන ඕනම කෙනෙක් Google කියන්නෙ මොකද්ද කියලා දන්නවා. ඒ වගේම ගූගල් පාවිච්චි කරනවා. අපිට යමක් අන්තර්ජාලයේ හොයාගන්න ඕනෙ උනාම කරන්නේ ටක්ගාලා Google.com ගිහින් අපිට ඕනෙ දේ ගහලා Search කරන එක. ඒත් ඔබ දන්නවාද Google Search Engine එක සතුව ඉතාවැදගත් Tool Set එකක් තිබෙන බව? ඉතිං මං කියල දෙන්න යන්නේ ලංකාවේ අපිට වැදගත් වෙන මේ වගේ Tools කිහිපයක් ගැන හඳුන්වලා දෙන්න. මං හිතනවා ප්‍රයෝජනවත් වෙයි කියලා.


Google Calculator එක පාවිච්චි කරල ලේසියෙන්ම ගණං හදමු


"ගණං තමයි මගෙ හිතට වදේ" කියලා අපි අපිට මොකක් හරි ගානක් ඉක්මනට හදාගන්න ඕනේ නං අපි කරන්නෙ Calculator එකක් පාවිච්චි කරන එකනේ. ඒත් හදිස්සියට Cal එකකුත් නැති උනොත් මොකද කරන්නේ? කිසි ප්‍රශ්නයක් නෑ Google Calculator එක තියෙනවා. ඉතාම දියුණු Scientific Calculator එකක් තමයි Google සතුව තියෙන්නේ.



කරන්න තියෙන්නේ මෙච්චරයි. සරලවම හදන්න ඕනේ ගාන පිලිවිලෙට ගූගල් සර්ච් එකේ ගහලා එන්ටර් කරන්න.

ඒකක පරිවර්ථකය භාවිතා කරලා මිනුම් හොයමු


එදිනෙදා ජිවීතේදි අපිට ගොඩක් මිනුම් වර්ග මැන ගන්න ඕනෙ වෙනවා. උස, දුර, බර, වේගය වගේ සාමාන්‍ය දේවල්. ඔය වැඩේ ලේසියෙන්ම අපිට කරගන්න පුලුවන් Google Unit Convertor එකෙන්.

උදාහරනෙකට අපි කියමු අපිට ඕනෙ කියලා ෆැරන්හයිට් 40 සෙල්සියස් වලින් බලාගන්න ඕනෙ කියලා. ගූගල් සර්ච් එකේ ගහන්න " 40 degrees f to c " කියලා.



රට රට වල මුදල්වල අගයන් සසදන්න Currency Convertor භාවිතා කරන්න


සරලයි. අපිට නිතරම උවමනා වෙන දෙයක් තමයි ලංකාවේ හෝ, වෙනත් රටක මුදල් තවත් රටක මුදලින් බලනවා නම් කීයක්ද කියලා බලාගන්න එක. මිල ගනං සංසන්දනය කරන්න, අඩු වැඩි වීම් බලන්න වගේ වැඩ වලට Google Currency Convertor එක හොඳ Tool එකක්.

උදාහරනයකය කියමු අපිට ඕනෙ කියලා ඇමෙරිකානු ඩොලර් 10ක්, ලංකාවේ මුදලින් කීයද කියලා බලාගන්න. සරලවම ගූගල් සර්ච් එකේ ටයිප් කරන්න "10 US Dollars to SL Rupees" කියලා. එච්චරයි.


Google භාවිතා කරලා තමන්ගෙ IP Address එක හොයාගන්න


කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. නිකන් Google Search එකේ ගහන්න My IP කියලා. එච්චරයි.


කාලගුණ වාර්ථාව අරගන්න Weather Tool එක භාවිතා කරන්න

ඔබට අවශ්‍ය යම් ඕනම ස්ථානයක කාලගුණ තත්වය පරික්ශා කරන්න දැන් Google භාවිතා කරන්න පුලුවන්. කරන්න තියෙන්නේ Weather කියලා ටයිප් කරලා ඊට ඉදිරියෙන් අවශ්‍ය නගරය හෝ රට ටයිප් කරල Enter කරන්න.


ඉර උදාව සහ ඉර බැසීම දැනගන්න Google එකෙන්ම


ඕනම රටක හෝ නගරයක ඉර උදාව සහ බැසීම සිදුවන වෙලාවන් Google Sun Rise & Set Tool එකෙන් බලාගන්න ඔබට පුලුවන්. කරන්න තියෙන්නේ මං පහලින් දීල තියෙන විදියට Search කරන එක විතරයි.

Sunrise අවශ්‍ය රට / නගරය හෝ ඒ දෙකම (Sunrise Kandy, Sri Lanka)
Sunset අවශ්‍ය රට / නගරය හෝ ඒ දෙකම (Sunset Kandy, Sri Lanka)




අවශ්‍ය තැනක වෙලාව හරියටම බලාගන්න Google Times


මේ ගැන නම් අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑ නේ. අපි හැමෝටම එක එක වෙලාවට එක එක රටවල වෙලාවන් දැනගන්න ඕනෙ වෙනවා. එහෙමත් නැත්තං නගරයක. ඉතිං ඔය වැඩේ අපිට පුලුවන් ලේසියෙන්ම ගූගල් එකෙන් කරගන්න. කරන්න තියෙන්නේ නිකන් ගූගල් සර්ච් එකේ "Time අවශ්‍ය රට/නගරය හෝ ඒ දෙකම" ගහලා Enter කරන්න. එච්චරයි.




ඉංග්‍රීසි ඩික්ශනරියක් නැතුවම වචනයක තේරුම බලාගන්න


සමහර වෙලාවට අපිට ඕනෙ වෙනවා යම් යම් ඉංග්‍රීසි වචන වල තේරුම ඉංග්‍රීසි වලින්ම විස්තරාත්මකව බලාගන්න. ඉතිං ඒ වැඩේට අපිට පුලුවන් අංගය භාවිතා කරන්න. කරන්න තියෙන්නේ සර්ච් කරන්න අවශ්‍ය වචනෙට ඉස්සරහින් Define කියල දාලා එන්ටර් කරන්න. එච්චරයි.


රට රටවල් වල ජනගහනය බලාගන්න Google Public Data


සරලයි. ඔබට කුමක් හෝ යම් දෙයකට යම් රටක ජනගහනය බලාගන්න ඕනෙ උනොත් කරන්න තියෙන්නේ පුංචි දෙයක්. ගූගල් සර්ච් එකේ ගහන්න "Population අවශ්‍ය රට" Enter කරන්න.

උදා: Population Sri Lanka



මම මේ ලිපියෙන් සඳහන් කරල තියෙන්නේ ලංකාවේ අපිට වැදගත්ම විදියට පාවිච්චි කරන්න පුලුවන් Google Tools කිහිපයක් විතරයි. මීට වඩා ගොඩක් Tools තියෙනවා Google Search Engine එක සතුව. ඒත් සමහර ඒවා ලංකාවට වැඩ කරන්නෙ නෑ. ඔයාට අවශ්‍ය නම් ඒ ටූල්ස් මොනවද කියලා බලාගන්න මෙන්න මේ ලින්ක් එකෙන් යන්න. වැදගත් වෙයි කියල මං හිතනවා.

Search Features - Google »»»

ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 5 comments

Dasun ranasinghe
Wednesday, September 26, 2012 at 11:57:00 AM GMT+5:30

Pattai Machannn... supiri...

Wednesday, September 26, 2012 at 5:10:00 PM GMT+5:30

loweth na man kiyawapu usefulma post eka

Anonymous
Sunday, September 30, 2012 at 9:43:00 PM GMT+5:30

ela

Anonymous
Saturday, October 6, 2012 at 8:11:00 PM GMT+5:30

niyamayi machan niyamayi

Anonymous
Thursday, October 11, 2012 at 6:41:00 PM GMT+5:30

ගොඩක් වටින ලිපියක් මචන්

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.