ඔබත් බ්ලොග් කරුවෙක්ද? බ්ලොග්කරණයට අළුත් ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද?

5 comments

"බ්ලොග්කරණය" කියන මාතෘකාව දැන් සුලභ, ඒ වගේම ගොඩක් දෙනෙක් දන්න මාතෘකාවක් වෙලා. ගොඩක් දුරට අන්තර්ජාලය භාවිතා කරන, බ්ලොග්කරණය ගැන නොදන කෙනෙක් නැති තරම්. ඒ වගේම දැන් ගොඩක් දෙනා බ්ලොග්කරණයට පිවිසෙන්නත් පුරුදු වෙලා ඉන්නවා. මේ ‍රැල්ලට හොඳම හේතුව විදියට අපිට කියන්න පුලුවන් මේ බ්ලොග් අඩවි ඕනෑ තරමක් නොමිලේ නිර්මාණය කිරීමට ඇති හැකියාවත් ඒ වගේම පිවීසීමටත්, ඉගෙන ගැනීමටත් ඇති පහසුව. ගොඩක් වෙලාවට සමහරුන් ‍රැල්ලටත් බ්ලොග් එකක් හදාගන්න පුරුදු වෙලා ඉන්නවා. අපි කියන්නෙ නෑ ඒක නරකයි කියලා. ඇත්තටම නිකමට හරි බ්ලොග්කරණයේ යෙදෙන එක ගොඩක් හොඳ දෙයක්. මොකද බ්ලොග්කරණයත්, බ්ලොග් කියවීමත් කියන කොටස් දෙකෙන්ම ගොඩක් දෙනාට දැනුම, විනෝදය වගේම ලබාගැනීමට හැකි වීම මෙන්ම පනිවිඩ හුවමාරු කිරීමේ නව ක්‍රමයක් ලෙසද වර්ථමානයේ ඉහලින්ම පවතින්න පුලුවන් වෙලාතියෙනවා.

හැබැයි බ්ලොග්කරණයට පිවිසෙන තරම්ම ලේසි නෑ එහි ‍රැදී සිටීම. මේ වෙනකොට ගොඩක් බ්ලොග් කරුවන් මුහුණ පාන ගැටළුවක් තමයි ඒක. ඒකට හේතුව කියනවනම්, නිශ්චිත අරමුනකින් තොරවීම, හරිහැටි දැනුමක් නොමැති වීම, කවුරු හරි කිව්ව පලියට බ්ලොග් එකක් පටන් ගැනීම වගේ කරුණු කිහිපයක්ම ප්‍රධාන වශයෙන් බලපානවා.

බ්ලොග්කරණය පහසුයි! ඒත් අපහසුයි! මෙහෙම කියන්න හේතු කිහිපයක් තියෙනවා. හරියට ඉගෙනගෙන, නිසි අරමුණකින්, නිවැරදිව බ්ලොග්කරණයේ යෙදෙන කෙනෙක්ට බ්ලොග්කරනයේ යෙදෙන්නත් ‍රැදී සිටින්නත් ගොඩක් පහසුයි. ඒ වගේම තමා ඒකෙ අනිත් පැත්ත. ඔබ බ්ලොග්කරණයට එලබෙන්න කලින් සිතිය යුතු කරුණු කිහිපයක් අපිට දක්වන්න පුලුවන්. විශේශයෙන්ම අරමුණකින් තොරව පටන් ගන්න බ්ලොග් එකකින් අවසානයේ ඔබට යමක් ලබාගත නොහැකි නම් ඒක කාලය නාස්ති කිරීමක් වගේම හිත රිදව ගැනීමක්.

බ්ලොග්කරනයට ඇතුලු වීමට පෙර ඔබ ඔබෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. "මට ඇත්තටම බ්ලොග්කරණය උවමනාද?" පිලිතුර "නෑ" නම් අපට දිය හැකි අවවාදය නම් කරුණාකර අනවශ්‍ය කරුණකට වටිනා කාලය මිඩංගු නොකර ඔබ කැමති වෙනත් දෙයකට යොමුවන්න. විශේෂයෙන්ම ඔබ "මුදල් ඉපැයීමේ" මූලිකාර්ථයෙන් බ්ලොග්කරනයට එලබෙනව නම් එය ඇත්තටම මෝඩ, ඒ වගේම ඵලක් නැති ක්‍රියාවක්. විශේෂයෙන්ම ඔබ අසාර්ථක වුවහොත් ඔබ ඔබටම දෝශාරෝපනය කරගන්න ඉඩ තියෙනවා. "අයියෝ සල්ලි" කියවෙන්න ඉඩ තියෙනවා.

ඔබට බ්ලොග්කරණය අවශ්‍ය වන්නේ ඇයි?

බ්ලොග්කරණය අංශ කිහිපයකට විවිදාකාරයෙන් පාවිච්චි කරන්න පුලුවන්. දැනුම බෙදාගැනීමට, ඔබේ හැකියා ප්‍රදර්ශනයට, ඔබේ පෞද්ගලික දිනපොත ලෙස, දේශපාලනික මෙන්ම පොදු කරුණු මූලික කොටගැනීමට, යම් ආයතනයක තොරතුරු ඉදිරිපත් කිරීමට වගේ අංශ රාශියකට බ්ලොග්කරනය බෙදා දක්වන්න පුලුවන්. ඔබ කුමන අංශයකින් බ්ලොග්කරනයේ යෙදුනත් ඔබ එය ඔබේ අත්‍යවශ්‍යම කරුණක් නොවේ නම් ඒ අංශයෙන් බ්ලොග්කරනයේ යෙදිල ප්‍රයෝජනයක් නෑ. ගොඩක් වෙලාවට බ්ලොගකරනයේ යෙදෙන අය කොටස් දෙකක් වෙනවා.

01. තමන්ව ලෝකයට හඳුන්වාදීමට බ්ලොග්කරනයේ යෙදෙන අය,
02. මුදල් ඉපැයීමට බ්ලොග් කරනයේ යෙදෙන අය.

මෙහිදී 02 කාණ්ඩයට අයත් වන අය ගැන අපට සැලකිල්ලට ගත නොහැකිය. විශේෂ වන්නේ 01 කාණ්ඩයේ අය පමණි. මොකද ඔවුන්ට බ්ලොග්කරණයේ දිගු අනාගතයක් ප්‍රදර්ශනය වෙනවා.

ඔබ බ්ලොග්කරනයේ යෙදෙන්නේ කුමක් ගැනද?

මේ ප්‍රශ්නය හැම බ්ලොග්කරුවෙකුටම ඉතාම වැදගත් දෙයක්. ඔබට ඉවර කරන්න බැරි දෙයක් පටන් අරගෙන වැඩක් නෑ. ඒ හින්දා බ්ලොග්කරනයේ යෙදෙන්න කලින් ඔබ, බ්ලොග්කරනයේ යෙදෙන්නෙ කුමක් ගැනද කියන එක ගැන ගොඩක් හිතල පටන් ගන්න එක වැදගත් වෙනවා. මොකද ඔබ පටන් ගන්න මාතෘකාව ගැන කලක් යද්දි ලිවීමට දෙයක් නැති වෙනවනම් ඔබට සාර්ථක බ්ලොග්කරුවෙක් වෙන්න බැරි වෙනවා. විශේෂයෙන්ම දැනුම බෙදාගැනීමේ බ්ලොග් පටන් ගන්න අය සහ විනෝදාස්වාද බ්ලොග් පටන් ගන්න අය මේ ගැන ගොඩක් හිතිය යුතු වෙනවා.

ඔබට බ්ලොග්කරණයට කාලය යෙදවිය හැකිද?

සාමාන්‍යයෙන් ඕනම වැඩක් පටන් ගන්නකොට ඔබට හැකියාව තියෙන්න ඕනෙ ඒ සඳහා විශේෂ කාලයක් යොදවන්න. ඔබ ඉතා කාර්‍යබහුල අයෙක් වුවත් යම් කාලසීමාවක් ඔබේ බ්ලොග් එක වෙනුවෙන් යෙදවීමේ හැකියාව තිබිය යුතු වෙනවා. දිනපතා ලිපි ලිවිය යුතුයි ලෙස නිතීයක් නෑ. ඒත් ඔබට සාර්ථක වන්නට නම් සතියකට ලිපි තුනක් වත් ලිවිය හැකි නම් ගොඩක් වටිනවා. ඒ වගේම කාලය වැඩිපුර තිබෙන වෙලාවක ලිපි කිහිපයක් ලියාතැබිය හැකි නම් ඔබට කාර්‍යබහුලව වුවත් සාර්ථක බ්ලොග් කරුවෙක් වෙන්න පුලුවන්. එසේ නොහැකි නම් ඔබ බ්ලොග්කරනයේ යෙදීමෙන් ඵලක් නෑ.

ඔබට සැලැස්මක් තියෙනවද?

බ්ලොග්කරණයේ යෙදෙන ඔබට සැලැස්මක් තිබීම අනිවාර්‍යය වෙනවා. මොකද ඔබ ආරම්භ කරන්නෙ කේසේද, පවත්වාගෙන යන්නේ කෙසේද සහ අන් අයට ලබාදෙන්නෙ මොනවද කොහොමද කියන එක ගැන සැලැස්මකින් තොරව බ්ලොග්කරණයට පිවිසුනහොත් ආරම්භයේදීම ඔබට අසාර්ථක බව හිමි කරගන්න පුලුවන්.

ඔබ කම්මැලියෙක්ද?

මේ ප්‍රශ්නයට පිලිතුර "නෑ" නොවේ නම් ඔබ දැනටමත් අසාර්ථක බ්ලොග් කරුවෙක්. මොකද බ්ලොග් කරුවෙක් සෑම විටම ක්‍රියාකාරි වෙන්න ඕනෙ. නිතරම අලුත් ලිපි, අලුත් විදියට ඉදිරිපත් කරන්න ඕනෙ. ඔබේ බ්ලොග් පාඨකයෝ ඔබත් සමඟ ‍රැදී සිටින්නෙ ඔබේ ලිපි මතයි. ඔබ අලුත් කරුණු හොයන්නෙ නැතුව, අලුත් මාතෘකා නොමැතිව පැරණි මාතෘකා සමගම ‍රැදිල ඉන්නව නම් ඔබේ පාඨකයො ඔබෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා. විශේශයෙන්ම ඔබට යමක් ලබා දෙන්නෙ නැතුව යමක් ලබා ගන්න බෑ. ඒ වගේ තමා කැපවීමක් නැතුව සාර්ථක බ්ලොග් කරුවෙක් වෙන්න බෑ.

කෙසේ වෙතත් බ්ලොග්කරණය කියන්නෙ ගොඩක් දුරට, විවිද අංශ වල පුලුල් පරාසයක දිව යන දෙයක්. එය මෙහෙමයි එහෙමයි කියල අවසන් කරන්නවත් හදුන්වන්නවත් බෑ. ඔබට සාර්ථක බ්ලොග් කරුවෙකු වන්නට නම් ඉහත මා සඳහන් කරපු කරුනු වගේම තව තවත් කැපවීම් ‍රැසක් කරන්න වෙනවා.

ඉතින් යාලුවනේ මම හිතනවා මගේ මේ කරුණු ඔයාලට වැදගත් වෙන්න ඇති කියල. ලිපිය කියෙව්වට ස්තූතියි. ඔබේ අදහසකුත් දක්වලාම යන්න. සාර්ථක බ්ලොග් කරුවෙක් වෙන්න ඔයාට මම සුභ පතනවා.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 5 comments

Nissanka
Thursday, September 20, 2012 at 10:07:00 PM GMT+5:30

නියමයි ! වැදගත් පෝස්ට් එකක් අපි වගේ බ්ලොග් වලට අලුත් අයට

Thursday, September 20, 2012 at 10:31:00 PM GMT+5:30

නියමයි

Sumedha
Friday, September 21, 2012 at 11:23:00 AM GMT+5:30

it's a good advice. thank you very much

Wednesday, November 21, 2012 at 2:24:00 AM GMT+5:30

ගොඩක් හොදයි..

3idiots CS
Thursday, May 16, 2013 at 11:35:00 AM GMT+5:30

බොහොම වැදගත් ලිපියක්.. බොහොම ස්තූතියි..

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.