Web Browser එකේ Google.lk වෙනුවට Google.com ම ගන්නෙ මෙහෙමයි

0 comments

ගූගල්.කොම් ගැන නොදන්නෙ කවුද? මේක ගැන ඉතිං නොදන්න පොඩි එකෙක්වත් නෑ මං හිතන්නේ. හ්ම් අපි හැමෝම Google පාවිච්චි කරනවනේ. ඒත් ඔයාලට එන්නේ ඇත්තටම Google.com මද? Ip එක හංගලා තියෙනවනං ඇරෙන්න ලංකාවෙ අපිට විතරක් නෙවෙයි ඇමෙරිකාවට ඇරෙන්ඩ වෙන කිසිම රටකට කවදාවත් Google.com කියන එක පාවිච්චි කරන්න බෑ. මොකද්ද මං මේ කියන කුනුහරපේ කියල හිතෙනවා නේ? හරි එහෙනම් පටන් ගන්නත් එක්ක අලුත් ටැබ් එකකින් Google.com කියල ගහලා හරියටම යන්න පුලුවන්ද කියල බලන්ඩකෝ. බෑ නේ? ඔයාට අනිවා එන්ඩ ඕනෙ Google.lk මිසක් Google.com නෙවෙයි. මේකට හේතුව තමයි ගූගල් වලින් ඒ ඒ රටවල් වලට අදාල IP Numbers දීල තියෙනවා. ඒ හින්දා අපි අපේ රටේ පරිගණකයකින් අපි Google.com කියල ගැහුවම ඒක Re-Direct වෙලා Google.lk වෙනවා.

මං මේ කියල දෙන්න යන්නෙ පොඩි Trick එකක්. ඒ කියන්නෙ ඔයා Google.com කියල ගැහුවම LK වෙන්නෙ නැතුව Google.com ම තියෙන්න විදියක්. මෙහෙම කරාම ඔයාලට ගොඩක් Search Results වල වෙනසක් වගේම වැදගත් කමක් දැනෙයි.

අපි ඕක කරන්නෙ Google.com එකේ IP එකෙන්. මං ලියපු Ip හංගන පෝස්ට් එකේ මං කිව්වනේ හැම වෙබ්සයිට් එකකටම Ip එකක් තියෙනවා කියලා. ඉතිං ගූගල් එකේ ඔර්ජිනල් ip එක තමයි (173.194.38.183). එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. මේ තමයි මං පාවිච්චි කරන එක. නිකමට වගේ ඔය IP එක ඇඩ්‍රස්බාර් එකේ ගහල එන්ටර් කරල බලන්ඩ. තේරුනා නේ වැඩේ? අපි යන්නෙ ඔය IP එක අපේ Home page Address එක වෙනුවට දාන්න. එතකොට අපි අපේ වෙබ් බ්‍රවුසරේ ඕපන් කරගත්තම එන Home පේජ් එක Google.lk නෙවෙයි Google.com

IP එක හංගන්නෙ නැතුව ඔයාට කෙලින්ම ගූගල්.කොම් යන්න ඕනෙ නං ඔය IP එක 173.194.38.183 Address Bar එකේ ගහන්ඩ. :)

IP එක හංගන්ඩ හොඳම විදිය බලන්ඩ මේ පෝස්ට් එකෙන්.

FireFox වල මෙහෙමයි Home Page එක වෙනස් කරන්නේ.

Tools - Options - General - Change Homepage Address - 173.194.38.183 දාල Ok කරන්න.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6hZqx-dLa24GAUF7GRT7HWiDlj1KOrOQ_vTmFy0JbvzuUkeArhOB-tQLn_HcGspb-oe103lMMO6av35ex9I5ChddQci_VKG8KAUtVrPjhIgEbClYz3H9Cb1We1psyARd63vAIOONtsXBU/s1600/option+firefox.jpg




Chrome වල මෙහෙමයි Home Page එක වෙනස් කරන්නේ.

Tools - Options - Home Page - Open This Page කියන එකට මේ 173.194.38.183 Ip එක දාල Save කරන්න.



දැන් වැඩේ හරි.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.