අපි හැමෝම දන්නවනේ Microsoft කියන්නෙ මොකද්ද කියලා. 1975 වසරෙදි Bill Gates ඇතුලු කණ්ඩායමක් තමයි Microsoft කියන සමාගම ආරම්භ කරේ. එදා මෙදා තුර මයික්‍රොසොෆ්ට් සමාගම පරිගණක තාක්ශනය කනපිට හැරෙව්වා කිව්වොත් කවුරුත් මාත් එක්ක වාද කරන එකක් නෑ කියල හිතනවා. තවමත් කිසිම විදියකින් පහල දමන්නට නොහැකි Windows මෙහෙයුම් පද්ධති ඒ අතුරින් ප්‍රධානත්වයක් ගන්නවා. ඉතිං මේ විදියට ලෝකය වෙනස් කරමින් ඉන්න මයික්‍රොසොෆ්ට් සමාගමට දැන් ඔන්න එයාලගෙ නිල ලාංඡනය දැකලම ඇති වෙලාලු. අවුරුදු විසිපහක් තිස්සෙ එයාලා එයාලගේ නිල ලාංඡනය ඒ කිව්වෙ LOGO එක වෙනස් කරන්න උත්සහ කරල නෑ. මොකද ඒ ලාංඡනය ගොඩක් දෙනාගෙ හිත්ගන්නා සුලු එකක් උනු නිසා. සමාගම ආරම්භයේ ඉදන් එයාලා මේ ලාංඡනය වෙනස් කරල තියෙන්නෙ 3 වතාවක් විතරයි. ඒත් දැන් මයික්‍රොසොෆ්ට් සමාගම කියනවා අවසන් වරට 1987 Logo එක වෙනස් කරාට පස්සෙ ( ඒ කියන්නෙ අවුරුදු 25කට පස්සෙ) දැන් එයාලගෙ ලෝගො එක වෙනස් කරන්න කාලය ඇවිල්ලා කියලා. මේ වෙනසට වැඩිපුරම බලපාන හේතුව තමයි මයික්‍රොසොෆ්ට් සමාගම එයාලගෙ අලුත්ම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩොව්ස් 8 ලඟදීම නිකුත් කිරීමට සූදානම් වෙන එක.
මයික්‍රොසොෆ්ට් නිල බ්ලොග් අඩවිය පවසන විදියට මේ විදියට ලෝගො එක වෙනස් කරන්නෙ අලුත් පෙනුමකින් අලුත්ම අලුත් නිශ්පාදන එලියට එනකොට පරණ Logo එකත් පෙනුමෙන් අලුත් වෙන්න ඕනෙ කියලා.
ඒත් Logo එක කියන්නෙ හුදෙක්ම නිල නාමයට පෙනුමක් දීමක් විතරක් වෙන අතර එයාල වැඩිපුරම අවදානය යොමු කරන්නෙ දිනකට බිලියනයකට වඩා මයික්‍රොසොෆ්ට් නිශ්පාදන බාවිතා කර සෑහීමකට පත්වන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමටයි කියලා මයික්‍රොසොෆ්ට් නිල බ්ලොගයට ලිපියක් ඉදිරිපත් කරමින් Jeffrey Meisner පවසලා තියෙනවා.














