Windows 8 (RTM - Release to Manufacturing) වර්ශන් එක නිකුත් කරා. වෙනස් කම් මොනවද කියල බලමු! (2012-8-15)

2 comments


ඔන්න අපි ඇඟිලි ගනං කර කර ඉන්න වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්දතියේ RTM වර්ශන් එක පෙරේදා නිකුත් කරා. හැබැයි මේකත් Developers ලට තමයි. අපිටත් ඕනෙ නං Test කරල බලන්න පුලුවන්. ඒත් අපිට පාවිච්චි කරන්න පුලුවන් Public වර්ශන් එක දෙන්න තව ගොඩක් කල් යන්නෙ නැති හින්දා මං නං හිතන්නෙ ට්‍රයි කරන එක බොරු වැඩක් කියලා. මේකෙ තියෙන වෙනස් කම් ගොඩක් අය දන්නෙ නැති හින්දා මං හිතුවා මගෙ බ්ලොග් එකෙන් පොඩ්ඩ්ඩක් එකේ වෙනස් කම් ටික කිව්වොත් හොඳයි කියලා. මුලින්ම කියන්න ඕනෙ Windows 8 Release Preview එකේ පෙනුමම තමයි තියෙන්නේ. පොඩි වෙනස් කම් ටිකක් ඇරෙන්න ලොකු වෙනසක් කරල නෑ. ඒත් මේ වෙනකල් නිකුත් කරපු Previews වල තිබුනු නැති වෙනස් කම් කිහිපයක්ම තියෙනවා. ඒ කියන්නේ අපිට දැනෙන්නෙ නැතුව සිදුකල වෙනස්කම්. මතක ඇතිනේ මං කලින් පෝස්ට් එකක් ලිව්වා Win8 වල තියෙන වෙනස්කම් මොනවද කියලා. (මෙතනින් බලන්න) ඒව අතර තිබුනු නැති විශේශ අංග කිහිපයක්ම තියෙනවා මේ RTM වර්ශන් එකේ.

Developer / Consumer / Release Previews වල තිබුනු නැති වෙනස්කම්..........

1.Metro Start එකට අපි කැමති Background පින්තූරයක් දැමිය හැක. ) කලින් හැකිවූයේ වර්ණ වෙනස් කිරීමට පමනි.

Windows 8 Personlization Tattoos

දැං ඉතිං ඔයාල දන්නවනේ windows 8 වල තියෙන Metro Start Menu එක. ඒකේ Background එක වෙනස් කිරීමේ හැකියාවක් කලින් තිබුනේ නෑ. පාට කීපයකට වෙනස් කරන්න විතරයි පුලුවන් උනේ. ඒත් දැන් අපි කැමති කැමති විදියට ඒ කියන්නෙ පාටක් හරි පින්තූරයක් හරි දාන්න පුලුවන්.


2.IE10 මෙන් Bing Search Engine එකේ සර්ච් රිසල්ට්ස් Tile විදියට පි‍ටු එහා මෙහා කල හැක. (Metro Start එක මෙන් Bing Search Engine එක දිස්වේ.)

Windows 8 Bing App

අපි හැමෝම දන්නවනේ Bing Search Engine එක ගැන. (ඔය Internet Explorer එකේ තියෙන්නේ) ඒක මයික්‍රොසොෆ්ට්ලගේ කියලත් දන්නවනේ? හ්ම් Win8 වල Bing Search එක වෙනස්. ඒ කියන්නේ ඒකෙ පි‍ටු තියෙන්නෙත් Start Menu එකේ Tile වගේ. අර ටච් සිස්ටම් එකෙන් ඇගිල්ලෙන් පි‍ටු එහා මෙහා කරනවා වගේ කරන්න පුලුවන්.

3.කලින් හැකි නොවූ Windows Store එකේ Search කර Applications ගැනීමේ හැකියාව ඇති කර තිබේ. ඔබට අවශ්‍ය Apps දැන් Store එකෙන් සෙවිය හැක.

http://cloud.addictivetips.com/wp-content/uploads/2012/08/Windows-8-Store-Search.jpg

අපිට තවමත් microsoft Store එක අමුතුත්තක් නේ. ඒකත් නිකන් අර Apple Store එක වගේ තමයි දැන්. අපි කැමති, අපිට අවශ්‍ය කරන Application එක අපිට හොයල මැශින් එකට දාගන්න පුලුවන් දැන්. කලින් වර්ශන් වල ඒ හැකියාව තිබුනේ නෑ මං බලපු විදියට නං. :)

4.Facebook/Hotmail/Twitter/Outlook/Linkedin/Google යන අන්තර්ජාල අඩවි වලට ඔබට People Application එකෙන් කෙලින්ම සම්බන්ඳ වී සිටිය හැකි අතර ඒ ඒ ගිණුම් වලට එන Notification වෙන වෙනම පි‍ටු ලෙස Windows 8 තුලින්ම බැලිය හැක.

Windows 8 People

ඔන්න මේ වැඩේ නං එල. අමුතුවෙන් වෙබ් බ්‍රවුසර් වල ලොග් වෙවී එක එක ඒවගේ ඊමේල්, Notification බලන උවමනා වෙන්නෙ නෑ Win8 පාවිච්චි කරනවනං. Win8 වල තියෙන People App කියන Application එකෙන් පුලුවන් ඔයාගේ වෙලාව ඉතුරු කරගන්න. මොකද ඒ ඇප් එකෙන් අපි අපේ Account වලට ලොග් වෙලා හිටියම ලේසියෙන්ම Notifications එනවා.

5.Aero Glass Effect එක ඉවත් කර ඇත. වින්ඩොව්ස් විස්ටා වලින් ආරම්භ කල Aero Glass Effect එනම් වින්ඩොව්ස් තුල විනිවිද පෙනෙන අංගය ඉවත් කර ඇත. ඒ වෙනුවට Solid Colors පාවිච්චි වේ.

Windows 8 Aero Removed

මේකටනං මං කැමතිම නෑ. ඇයි අප්පා මැශින් එක ලස්සනට තියෙන්නෙ ඔය Aero Effect එක හින්දා. ඒක අයින් කරපු එක නං කැත වැඩේ. මොනව නැතත් ඔය Aero එක අපිට දෙන public Version එකේ තිබුනොත් නං ලොකු දෙයක්. එහෙම නැති උනොත් ඒක දාගන්න සිස්ටම් එකක් හොයාගන්න වෙනවා.

හ්ම්ම්ම් මේව තමයි විශේශයෙන් අපිට දැනෙන්න කරල තියෙන වෙනස්කම් Windows 8 RTM එකේ. Developers ල නං ඉතිං ඔයිට වඩා දෙයක් දකිනවා ඇති. ඒත් කෙටියෙන්ම කියනවනං මේව තමයි Major changes Windows 8 Release Preview එකත් එක්ක බැලුවම.

Windows 8 RTM එක Download කරගන්න ඕනේ අයට මෙන්න >

System Requirements

Windows 8 works on the same hardware that powers Windows 7:

Processor: 1 gigahertz (GHz) or faster
RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
Hard disk space: 20 GB
Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver

Download the 32-bit (x86) version: Here
Download the 64-bit (x64) version: Here

එහෙනං මේ පෝස්ට් එක ගැනත් ඔයාලගෙ අදහසක් Comment කරන්ට ඈ..
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 2 comments

Anonymous
Saturday, December 22, 2012 at 12:12:00 AM GMT+5:30

uh

Anonymous
Saturday, December 22, 2012 at 12:14:00 AM GMT+5:30

meka giunien karana heti dala netho ekadanne nedda lokka

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.