ෆේස්බුක් වල Notifications මළ වදයක්ද? පේජ් එකෙන් පේජ් එකට යන්නෙ නැතුව Facebook Notifications නවත්තන්න ලේසිම ක්‍රමය

0 comments

ඔන්න මං මේ කියල දෙන්න යන්නෙ අපේ ෆේස්බුක් එකේ නිදාගෙන ඉන්න යාළුවන්ට ගොඩක් වටියි කියල හිතුනු වැඩ කෑල්ලක්. අපි හැමෝම දන්නවනේ ඉතිං අපිට Facebook Notifications එහෙම සමහර වෙලාවට ඇත්තටම මල වදයක් නේ. ගොඩක් වෙලාවට ඔය Notifications එහෙම එන්නේ කිසිම වැඩකට නැති, ගොඩක් වෙලාවට අපි දන්නෙ නැතුවම අපිව ඇඩ් කරපු ගෲප් වලින්, pages වලින්. මාත් මේ ලඟදි චෙක් කරල බලනකොට මාවත් ගෲප් 300කට විතර ඇඩ් කරල. හැම වෙලේම එක එක Notifications එනවා. ඇත්තටම කරදරයි. ඉතිං මං හිතුවා මේ ප්‍රශ්නෙ අපේ සමහර අනිත් යාලුවන්ටත් ඇති කියලා. ඔහොම Notifications එන එකට කරන්න තියෙන්නේ පොඩි වැඩක් ඒව නවත්තලා දාන්න. වැඩි කතා පැත්තක කියලා අපි වැඩ පටන් ගමු,,,

කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. ඔයාට ඔය විදියට ආපු Notification එකක් ලගට යන්න. ඔය උඩ තියෙන ලෝක බෝලෙ ක්ලික් කරන්න. හෙහේ...

Facebook Notifications_Turn Off

ඊට පස්සේ ඒ වැඩක් නැති notification එකේ මුල්ලේ තියෙන්න කතිරෙ ගාවට ඔබල Turn Off කියන එක ඔබන්න. පින්තූරෙ තියෙන විදියට.

Facebook Notifications_Turn Off_Confirm

දැන් ඉතිං ආයෙ කවදාවත් ඒ ගෲප් එකෙන් හරි පේජ් එකෙන් හරි ඔයාට Notifications එන්නෙ නෑ.

අපි කියමු ඔයා මොකක් Status එකක්ට හරි ෆොටෝ එකකට හරි නිකන් ලයික් කමෙන්ට් කරා දැන් එකේ notification වදයක් කියලා. කරන්න තියෙන්නෙ උඩ කරා වගේම කතිරෙ ඔබලා Unfollow කරන එක විතරයි. හරිම ලේසියි නේ?

Facebook Notifications_Unfollow

මේ වගේ වැදගත් ෆේස්බුක් වැඩ කෑලි දාපු ගමන් දැනගන්න අපේ පේජ් එක ලයික් කරන්න.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.