මම කලින් ලියපු
Facebook එකේ වදකාර Notification නවත්තන්නෙ කොහොමද කියන ලිපියෙ කිව්වා වගේම මේ ෆේස්බුක් එක මාර වටිනවා උනාට ඒකෙන් එන Notifications නම් ඇත්තටම මල වදයක්. විශේෂෙන්ම අපි නොදැනුවත්වම අපිව දාන Group/Page වලින් තමයි ඔහොම Notifications එන්නේ. දැන් ඉතිං අපි දන්නවනේ ඔය විදියට Facebook එකට එන Notifications ලේසියෙන්ම නවත්තන්නෙ කොහොමද කියලා. දන්නෙ නැති කට්ටිය මේක බලන්න. මං මේ පෝස්ට් එකෙන් කියල දෙන්න යන්නෙ ඔය විදියට එන Facebook Notifications අපේ Email එකටත් එන එක නවත්තන විදියයි. ෆේස්බුක් එකට එනවට වඩා වදයක් ඊමේල් එකට ඔය Notifications එනකොට. ගොඩක් වෙලාවට ඔය මේල් හින්දා අපිට වැදගත් මේල් ආපුවත් මග අරෙනව. ගොඩ දෙනෙක් ඕකට පිලියමක් විදියට කරන්නෙ ෆේස්බුක් එකට වෙනම මේල් එකක් හදනවා. ඒත් Security වලට ටිකක් ඒක හොඳ මදි. වෙලාවකට එහෙම ෆේක් මේල් හදපුවම අපිට ඒවගෙ පාස්වර්ඩ් එහෙම අමතකත් වෙනවා. Account එක හැක් උනොත් එහෙම සොරි.කොම් තමයි. හරි අපි එහෙනං බලමු පියවරින් පියවරට කොහොමද ෆේස්බුක් email නවත්තන්නෙ කොහොමද කියලා.
පියවර 1 : Facebook Account Settings වලට යන්න.
පියවර 2 : දැන් එන Page එකේ තියෙනවා වම් පැත්තෙ Notifications කියලා Tab එකක්. ඒක ක්ලික් කරන්න. එතකොට එයි මේ වගේ පිටුවක්. ඔය පිටුවෙ දැන් පේනවා ඇති Email Icon එකක් දාලා එක එක ගනං තීයෙනවා.
පියවර 3 : ඔයාට කරන්න තියෙන්නෙ ඒ icon එක ඉස්සරහා තියෙන Edit කියන Link එක ඔබන්න. එතකොට එන්නෙ මේ වගේ පිටුවක්.
පියවර 4 : දැන් ඉතිං ඔය දාල තියෙන හරි සලකුණු ඔක්කොම ටික අයින් කරල දාලා Save Changes කියන බ්ට්න් එක ඔබන්න. දැන් වැඩේ හරි. ඔයා හරි අයින් කරපු Notification Email ආයෙ ජීවිතේට ඔයාගෙ Mail Account එකට එන්නෙ නෑ. ඕව ඉතිං ඔයා කැමති විදියට වෙනස් කරගන්න පුලුවන්. :)
පියවර 5: දැන් ඔය කරා වගේ අනිත් ඒවට අදාල Notification ටිකත් නවත්තලා දාන්න. මම පිංතූරු ටිකක් දැම්මා උදව්වක් විදියට.