Pen එකට වයිරස් ගිහින්ද? තිබුනු Folder ඔක්කොම Shortcuts වෙලාද? මෙන්න විසඳුම

1 comments

හ්ම්ම් මේ පෝස්ට් එක ලියන්න හිතුවේ මගේ බ්ලොග් එකට ආපු යාළුවෙක්ගෙ ප්‍රශ්නෙකට උත්තරයක් විදියට. එයාට වගේම තව කට්ටියට මේ ප්‍රශ්නෙ ආවොත් විසඳගන්න පුලුවන් හින්දා පෝස්ට් එකක්ම ලියන්න හිතුවා. හරි වැඩි කතා ඕනෙ නෑ. දන්නවනේ වයිරස් කියන්නෙ ඉතිං මාරම හිසරදයක් කියලා. ඉතිං ඔය Short Cut Virus එක එහෙම මහ ජරා වටිරස් එකක්. ඕක ආවම ඉතිං අපේ වැදගත් මොනවහරි පෙන් එකේ තිබුනොත් සොරිම තමයි. අනේ මොන දෙයියන්ට කියන්ඩද නේහ්? හ්ම් මං මේ කියලා දෙන්න යන්නෙ ලේසියෙන්ම ඔය Short Cut වයිරස් එක අයින් කරගෙන Pen එකේ තිබුනු Folder ටික ආයෙ ගන්නෙ කොහොමද කියලා. එහෙනං වැඩ පටන් ගමු.

01. ලේසියි මං කියල තියෙන විදියට කරන්න. ඉස්සෙල්ලම Windows වල Command Prompt Dialog එක ගන්ඩ ඕනේ. ඒකට,

Start Key (WinKey) එකයි R එකයි ඔබලා Run Window එක අරගෙන ඒකෙ CMD කියලා ටයිප් කරලා OK කරන්න. (WinKey+R) on Keyboard ;)



(වින්ඩෝව්ස් 7 වල නම් Start Menu එකේ Run කියලා Search කරලා ඒ තියෙන Run එක රයිට් ක්ලික් කරලා Run As Administor විදියට දීලා ඕපන් කරගන්න ඕනෙ.)

02. දැන් CMD Window එක ඔයාට ලැබෙයි. ඒකෙ මේ දීල තියෙන කෝඩ් එක ගහලා Enter කරන්න. මෙතන මං G කියලා දාලා තියෙන්නේ Pen එකේ Drive Letter එක. එතනට ඔයාගෙ පෙන් එකේ Drive Letter එක දාන්න අමතක කරන්න එපා.

attrib -h -r -s /s /d G:\*.*



දැන් වැඩේ හරිගිහින් ඇති. පෙන් එක බලන්න ;) හරිගස්ස ගත්තා වගේ නෙවෙයි, හොඳ අප්ඩේට් කරපු වයිරස් ගාඩ් එකකින් මැශින් එක ෆුල් Scan පාරකුත් දාන්න.

ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 1 comments

Anonymous
Wednesday, September 19, 2012 at 9:45:00 PM GMT+5:30

meka mcn kaspersky virus gard ekata ahuwenne nane. Puluwannam me virus eka ahuwena virus gard ekak kiyanna.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.