හ්ම්ම්ම්ම් Apple ද Android ද? මාර සීන් එක කියන්නෙ කොහෙ බැලුවත් මේ දෙකට තරම් චන්ද ලැබෙන වෙන කිසිම Mobile OS එකක් නැති තරං. ඇත්තටම කිව්වොත් මේ ලෝකෙ මොබයිල් ෆෝන් තාක්ශනේ වෙනස් කරන්නෙ මේ OS තමයි. (මට හිතෙන හැටියට ඈ) කොහොම උනත් අපිට කොයින්ද බූල් බල්ලො කියලා ලංකාවේ ගොඩක් අයනං ඇපල් ගන්නෙ නෑ. මොකද ඇපල් වලට වඩා දොඩම් (Android) ලාබෙට ගන්න පුලුවන් එකත්, Android Os එක තියෙන ෆෝන් වලින් වැඩ ගොඩක් කරන්න පුලුවනුත් හින්දා. මොකද Android ඉතිං ඕපන් සෝස් නේ. ලංකාවෙ අලුත්ම ට්‍රෙන්ඩ් එකත් ඇන්ඩ්‍රොයිඩ්. ඔන්න ඉතිං මං ඔහොම ඉන්නකොට හිතුවා අනේ මටත් ඇන්ඩ්‍රොයිඩ් කට්ටක් තිබුනානං කියලා. ඒත් ඉතිං බූල් බල්ලො, මූදේ මාලු අපිට කොයින්ද. හ්ම් මේ ආටිකල් එක මං ලියන්ඩ හිතුවේ ගොඩක්ම අපේ අයියන්ඩි ගේ සැම්සුන්ග් නෝට් එකේද මොකේදෝ තිබ්බ පට්ට ගේම් එකක් දැකලා. ඒක ගහල එපා වෙන්නෙම නෑ. ඒත් ඉතිං අයියන්ඩි වැකේශන් ආවට මොකෝ ආයෙ ගියාම මං කොහොමැයි ඕක ගහන්නෙ කියලා හිතනකොට මං බැලුවා මැශින් එකට ඕක ගහන්ඩ බැරිද කියලා. හොයාගෙන හොයාගෙන යනකොට තමයි මේක හම්බුනේ. අපේ ඇන්ඩ්‍රොයිඩ් මේනියාව තියෙන අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතනවා.
මම මේ දෙන්න යන්නෙ පට්ටම බඩුවක්. මේක පොඩි Software කෑල්ලක්. හැබැයි පොඩි කිව්වට පොඩිත් නෑ. (135 MB) විතර එකක්. හැබැයි අවශ්‍ය කට්ටිය බාගත්තට කිසිම පාඩුවක් නෑ ඈ. මේ Software එකෙන් පුලුවන් අපි කැමති ඕනම Android ගේම් එකක්, ඇප්ලිකේශන් එකක් වගේ ඕනම දෙයක් අපේ මැශින් එකේම කිසිම අවුලක් නැතුව දාගෙන වැඩ කරන්න. මම ටෙස්ට් කරලා බැලුවා. හප්පේ නියමෙට වැඩ. MB ගාන පාඩු නෑ.
මේ Software එක Windows වල වගේම Apple Mac වලත් වැඩ කරනවා
කරන්න තියෙන්නේ සොෆ්ට්වෙයා එක බාගෙන Install කරගෙන ඒක ඕපන් කරගත්තම අපි Android ෆෝන් එකක ඉන්නවා වගේ තියෙනවා. අපිට ඕනෙ කරන Application එක Search කරලා Install කරාම හරි.
මේ Software එකේ නම තමයි "BlueStack"

![]() |
| මෙන්න එහෙනං BlueStack Dowanload කරගන්න |

+ comments + 1 comments
thanks bro