Google Chrome වල Incognito Mode එකෙන්
ඔය වැඩේට ගූගල් ක්‍රෝම් එකේ තියෙනවා ලේසි ක්‍රමයක්. ඒ තමයි Incognito කියන Mode එක. Private Mode එක කියලත් කියනවා. මේ ක්‍රමය පාවිච්චි වෙද්දි ක්‍රෝම් වල Cookies/History එහෙම සේව් වෙන්නෙ නෑ. ඔයාට පුලුවන් සාමාන්‍ය Chrome Mode එකෙන් එක ෆේස්බුක් එකකට ලොග් වෙලා, Incognito Mode එකෙන් තව ෆේස්බුක් එකකට ලොග් වෙන්න. හරිම ලේසී. Incognito Mode එක දාගන්න මං දීල තියෙන පිංතූරෙ විදියට කරන්න.
Internet Explorer වල Use New Session Option එකෙන්
වින්ඩොව්ස් වල Default එන Internet Explorer එකත් පාවිච්චි කරන අය ඉන්නවනේ. ඉතිං ඒ අයට තියෙනවා New Session කියන ක්‍රමය. කිසිම අමාරුවක් නෑ හරිම ලේසියි. ඔයාට ඕන තරම් Account ගානකට login වෙන්න පුලුවන්. ෆේස්බුක් විතරක් නෙවෙයි මේ ක්‍රමයෙන් වෙන Online Account ගොඩකට උනත් ලොගින් වෙන්න පුලුවන්. New Session එකක් දාගන්න කරන්න ඕනෙ Internet Explorer එක ඔන් කරගෙන Keyboard එකේ ALT යතුර ඔබන්න. එතකොට උඩ මෙනු එක පෙනෙයි. ඒකෙ File මෙනු එකට ගිහින් තියෙන New Session කියන එක ඔබන්න. එතකොට හරි.
FireFox වලට MultiFox Add-on එක දාගන්න
Firefox ඒ කියන්නෙ මගේ කැමතිම බ්‍රවුසරේ පාවිච්චි කරන යාලුවන්ට වැදගත් Add-on එකක් තියෙනවා ඔය වැඩේට. මාත් පාවිච්චි කරනවා. මේ ඇඩෝන් එක දාගත්තම ඔයාට පුලුවන් ඕන තරම් Online Account ගානකට Firefox වලින් log වෙන්න. Facebook/Gmail/Ymail වගේ ඕනම එකකට. කරන්න තියෙන්නෙ ඇඩෝන් එක දාගෙන Firefox Restart කරලා, Tab එකක රයිට් ක්ලික් කරලා Open in a New Identity Profile කියන එක ඔබන්න.
මෙතනින් Multifox අරගන්න
















+ comments + 1 comments
H