Mobile | Sony Ericson දුරකතනයේ Software (Firmware) එක ගෙදර ඉදන්ම Update කරන්නෙ මෙහෙමයි

0 comments

සෝනි එරික්සන් ජංගම දුරකතන වල Firmware Update කරන්න


අප මෙහිදී වැඩි හඳුන්වා දීමක් කිරීමට බලාපොරොත්තු නොවන අතර පිරවර කිහිපයක් මගින් ඔබගේ Firmware ගැටළුව විසඳා දීමට උත්සහ ගන්නෙමු. පලමුවෙන්ම ඔබට ආරම්භයට පෙර මෘදුකාංග 2ක් ඔබගේ පරිගණකයෙහි ස්ථාපිත කිරීමට සිදුවන අතර එවා අන්තර්ජාලයෙන් භාගත කර ගැනීමේ යොමු අප ඉදිරිපත් කර ඇත.

වැදගත් :-
  • ඔබ සතුව අන්තර්ජාල පහසුකමක් තිබිය යුතුය.
  • ඔබේ දුරකතනයට අදාල USB කේබලය තිබිය යුතුය.
  • ඔබේ දුරකතනයේ බැටරිය සියයට 50% වත් චාර්ජ් වී තිබිය යුතුය.

  • පියවර 01 : අවශ්‍ය මෘදුකාංග ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න.

Sony Ericsson PC Suite 6.011.00
Sony Ericsson Update_Service_Setup-2.11.12.5

  • පියවර 02 : පළමුවෙන්ම Sony Ericsson PC Suite මෘදුකාංගය පරිගණකයෙහි පිහි‍ටුවා ගන්න.
  • පියවර 03 : ඉන්පසු Sony Ericsson Update Service මෘදුකාංගය පරිගණකයෙහි පිහි‍ටුවා ගන්න.
Note : Sony Ericsson PC Suite මෘදුකාංගය පිහි‍ටුවන්නේ ඔබේ දුරකතනයට අදාල Drivers නිසිපරිදි පරිගණකයට ස්ථාපිත කිරීමටයි. මෘදුකාංගය පිහි‍ටුවීමේදී ඔබේ දුරකතනය පරිගණකයෙන් විසන්දි කොට තබන්නේ නම් උචිත වේ.
  • පියවර 04 : ඔබ විසින් පිහි‍ටුවා ගත් Sony Ericsson Update Service Application එක Open කරගන්න.

වැදගත් : මෙම Application එක මගින් ක්‍රියාකිරීමට නම් ඔබ සතුව අන්තර්ජාල පහසුකම අනිවාර්්‍යයෙන්ම තිබිය යුතුය.

  • පියවර 05 : Update Service Application  එක Open කරගත් පසු එය ඔබගේ අන්තර්ජාල පහසුකම පරික්ශා කරනතුරු මදක් සිටින්න. ˙pǝʌɹǝsǝɹ sʇɥbıɹ ןןɐ ˙dɹoɔ xıɹʇɐɯʎʎʞs 2102-1102

  • පියවර 06 :  Update Service Application  එක විවෘත වූ පසු එහි මුලින්ම පැමිනෙන්නේ License agreement එකට එකඟ වීමේ වින්ඩෝවයි. ඔබ එහි "I hereby accept the license agreement" ලෙස ඇති සලකුනු කිරීමේ හිඩස පුරවා "Start" බොත්තම ඔබන්න.

  • පියවර 07 : මීලගට පැමිනෙන වින්ඩෝවේදී ඔබ කල යුත්තේ ඔබගේ දුරකතනය ‍තෝරා දීමයි. මෙහිදී ඔබට Model එක වශයෙන් හෝ Model එක අමතක නම් රූපය වශයෙන් ‍තෝරා දිය හැක. ඉන්පසු "Next" බොත්තම ඔබන්න.˙pǝʌɹǝsǝɹ sʇɥbıɹ ןןɐ ˙dɹoɔ xıɹʇɐɯʎʎʞs 2102-1102

  • පියවර 08 : මෙම අවස්ථාවේ ඔබ කල යුත්තේ පැමිනෙන වින්ඩෝවේ පවසන අන්දමට ක්‍රියා කිරීමයි. මෙම පියවරෙහිදී ඔබ කල යුතු දේ දුරකතනයෙන් දුරකතනයට වෙනස් වන නිසා අප පොදුවේ කල යුතු දේ පවසන්නෙමු.

  1. ජංගම දුරකතනය විසන්දි කොට තත්පර 30ක් පමන තබන්න.
  2. ජංගම දුරකතනයෙන් බැටරිය ඉවත් කොට නැවත් පිහි‍ටුවන්න.
  3. USB කේබලය මඟින් දුරකතනය පරිගණකයට සම්බන්ඳ කරන්න.
  4. Update Service Application එකෙහි වින්ඩෝවේ පවසන බොත්තම ඔබාගෙන USB කේබලය පරිගණකයට සම්බන්ඳ කල යුතුය. (බොහෝ විට එම බොත්තම වන්නේ "C" බොත්තමයි)
  5. Update Service Application එක ඔබේ දුරකතනය හඳුනාගන්නා තුරු ඔබා සිටි බොත්තම අතනොහැර තබා ගන්න.

  • පියවර 09 : ඔබගේ දුරකතනය පරිගනකය හඳුනා ගත් පසු ඉහත පියවරේදී ඔබ සිටි බොත්තම අත හරින්න. මෙම අවස්ථාවේදී Update Service එක ඔබගේ දුරකතනයේ පවතින Firmware Version එක සොයා බලන අතර ඔබගේ දුරකතනය දිනයට අදාල Firmware එකට හිමිකම් කියන්නේ නම් ඔබගෙන් එය Replace කිරීමට අසයි. ˙pǝʌɹǝsǝɹ sʇɥbıɹ ןןɐ ˙dɹoɔ xıɹʇɐɯʎʎʞs 2102-1102

  • පියවර 10 : දැන් ඔබ "Start" හෝ "Install" ලෙස ඇති බොත්තම ඔබන්න.

මින් පසුව ඔබට කිරීමට ඇත්තේ බලා සිටීම පමණි. Update Service එක මගින් ඔබගේ දුරකතනයට අදාල Firmware එක භාගත කොට Install කරයි.

මෙම පියවරයන් සියල්ල අත්හදා බලා අප ඉදිරිපත් කර ඇති අතර ඔබගේ නොදැනුවත් කම හේතුවෙන් ඇති වන ගැටළු සඳහා අප වග කියනු නොලැබේ..

ඔබේ අදහස් අපට ශක්තියකි. අදහසක් දක්වා යෑමට මිනිත්තුවක් ගත කරන්න.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.