Reviews | මයික්‍රොසොෆ්ට් අලුත්ම බෙදාහැරීම හෙවත් බිස්නස් එක | Microsft Surface Review

0 comments

හ්ම්ම්ම්ම් මං බලාගෙන හිටියෙ කවුරු හරි මයික්‍රොසොෆ්ට් සර්ෆේස් එක ගැන Review එකක් ලියයි කියලා. තාම නම් සිංහලෙන් එකක්වත් දැක්කෙ නෑ. ඉතිං මංම හිතුවා Review එකක් ලියන්න ඕනෙ කියලා. එහෙනම් කියවලා ඔයාගෙ අදහසකුත් දක්වන්නකෝ...

Microsoft Surface Review

ඇත්තටම මේ දවස් වල ගොඩක් අය කතා කරන්නෙ වින්ඩොව්ස් 8 ගැන. ගොඩක් තාක්ශනික අඩවි වල, ෆෝරම් වල එහෙම කතා කරන අයගෙන් අපිට තේරෙන්නෙ ගොඩක් දෙනා ඉන්නෙ වින්ඩොව්ස් 8 එක එනකල් බලාගෙන. (මාත් ඒ එක්කෙනෙක්) හ්ම්ම් ඇත්තටම වින්ඩොව්ස් 8 ගැන කතා කරද්දි දැන් අනිවා කතාවට එන දෙයක් තමයි මයික්‍රොසොෆ්ට් සර්ෆේස් එක. ඇත්තටම මොකද්ද මේ සර්ෆේස් කියන්නෙ? වින්ඩොව්ස් 8 එක්ක එන වැඩ කෑල්ලක් වත් ද? නෑ. ඇත්තටම මයික්‍රොසොෆ්ට් සර්ෆේස් කියන්නෙ Microsoft සමාගමෙන් අලුතෙන්ම පටන් ගත්තු බිස්නස් එක. එයාලගේ අදහස තමයි වින්ඩොව්ස් 8 එක්ක මේ සර්ෆේස් එකෙනුත් ආදායමක් ලබන්න. අපි කලින් කතා කරපු වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්දතිය ගැන ලිපියෙ මං කිව්ව නේ Windows 8 RT කියලා වර්ශන් එකක් ගැන. අන්න ඒ වර්ශන් එකට සරිලන විදියට තමයි මේ සර්ෆේස් එක හදල තියෙන්නෙ. තාම කිව්වෙ නෑ නෙ මොකද්ද සර්ෆේස් කියන්නෙ කියලා. හරි! හරියටම කියනවනම් Microsoft Surface කියන්නෙ ලැප්ටොප් එකක පෙනුමට සමානව හදපු ටැබ්ලට් කොම්පියුටර් එකක්. ඒ කිව්වෙ අපි සාමාන්‍යයෙන් කියන විදියට ටැබ් එකක්. ඔය හුවාවි, සැම්සුන්ග් වලින් එහෙම තියෙන්නෙ. අන්න ඒ වගේ එකක්. හැබැයි මේ භාණ්ඩෙ නම් අමුතු ගතියක් තියෙනවා. වෙනසකට තියෙන්නෙ මේක ඇන්ඩ්‍රොයිඩ් OS නෙමේ. මේකෙ දුවන්නෙ Windows 8 OS එක. වින්ඩොව්ස් 8 එකෙත් වර්ශන් දෙකකට විතරක් වැඩ කරන විදියටයි මේ ටැබ් එක හදල තියෙන්නෙ. විශේෂයෙන්ම හදල තියෙන්නෙ Windows 8 RT වර්ශන් එකට වැඩ කරන විදියටයි. ඒ OS එක දාපුවම තමයි මේ ටැබ් එකේ ගතිය අපිට දැනෙන්නෙ. මොකද ටච් සිස්ටම් එක එහෙම එතකොටයි ස්මූත් විදියට එලකිරි වගේ වැඩ කරන්නේ. ඒ වගේම ඔයාට පුලුවන් Windows 8 PRO OS එකත් මේ ටැබ් එකට පාවිච්චි කරන්න. නිව්ස් වලට අනුව නම් මේ OS දෙක වැඩ කරන්න ටැබ් වර්ග දෙකක් මයික්‍රොසොෆ්ට්ල නිකුත් කරන්නලු හිතාගෙන ඉන්නෙ. RT වර්ශන් එක වැඩ කරන ටැබ් එකේ ප්‍රොසෙසරේ ARM වර්ගයේ ප්‍රොසෙසර් වලිනුත්, PRO OS එක වැඩ කරන ටැබ් එක Core i5 ප්‍රොසෙසරුත් අඩංගු කරල ඒ ඒ ටැබ් එකේ වැඩ වලට හරියන විදියටයි නිකුත් කරනවා කියන්නේ.


කොහොම උනත් මයික්‍රොසොෆ්ට් සමාගම මේ බැස්සෙ නං එසේ මෙසේ බිස්නස් එකකට නෙමේ. මොකද කලින්ම පූර්ව ප්‍රචාරනයක් එහෙම දීල, වින්ඩොව්ස් 8 එකට කලින්ම මේ සර්ෆේස් එක එළිදැක්වුවේ වින්ඩොව්ස් 8 එකට තියෙන ඉල්ලුමත් වැඩි කරගන්න හිතාගෙන. මොනා උනත් මේ වැඩෙත් ඇපල් සමාගමට තරගකාරි දෙයක් වෙනවා කියලයි හැමෝම කියන්නෙ. මොකද මේ ටැබ් එකේ පෙනුමත් එක පාරටම දැක්කම ටිකක් iPad එකක් වගේ. Windows 8 වල තියෙන Metro Style එක ගැන ඔයාල දන්නවනේ. මේ ටැබ් එකත් ඒ ඒ වගේ විවිද වර්ණ වලින් තියෙනවා. iPad එකට වඩා වෙනස් කියන්නෙ, මේ ටැබ් එකට වෙනම කීබෝඩ් එකක් තියෙනවා. ඒ කීබෝඩ් එක හදල තියෙන්නෙ රබර් වලින්. ඒ කීබෝඩ් එක ලැප් එකක් වගේම අරින්න වහන්න පුලුවන්. ගලවන්න, සෙට් කරන්නත් පුලුවන්. ඒ කියන්නෙ ඒක කවර් එකක් (Type Cover) විදියටත් තියන්න පුලුවන්. ඒ වගේම ලැප්ටොප් එකක් වගේ පාවිච්චි කරන්න පිටිපස්සෙන් තියන්න පුලුවන් පොඩි ආදාරකයකුත් තියෙනවා. (KickStand). ඒ ආදාරකය සෙට් කරාම ඔයාට මේසයක් උඩ තියාගෙන උනත් මේ ටැබ් එක ලැප් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන්. එහෙම මේසයක් උඩ තිබ්බම ඔයාට ලැප් එකක් පාවිච්චි කරනවා වගේම හැඟීමක් දැනෙන්න තව විශේශත්වයක් තමයි සාමාන්‍ය ලැප් එකක තියෙන ආනතිය (Angle එක) මේ ටැබ් එකටත් එන හින්දා. මේ ටැබ් එකේ ඩිස්ප්ලේ එක (Display) අඟල් 10.6ක ටච් තිරයකින් සමන්විත වෙනවා වගේම හාඩ් ඩිස්ක් එක වර්ග 3ක්, ඒ කියන්නෙ 32GB, 64GB සහ 128GB කියල සයිස් තුනකිනුයි එන්නෙ. එක එක සයිස් එක, විවිද ගනං වලට තියෙනවා.

තව ඔයාට ඕනෙ නම් පෙන් එකක් එහෙම ගහන්න (USB Ports) සහ Micro SD චිප් ගහන්න Port එකකුත් තියෙනවා. ඉඩ ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන් ඒ හින්දා. ඊට අමතරව මේ ටැබ් එක High Definition වීඩියෝ සපෝට් කරන විදියටයි හදල තියෙන්නෙ.

ඒ මේ තොරතුරු කොහොම උනත් මේ මයික්‍රොසොෆ්ට් සර්ෆේස් ටැබ්ලට් එක ගැන හරිහැටි විස්තරයක් නම් තවම Officially නිකුත් කරල නෑ. ඒ ටැබ්ලට් එකේ මිල, calls, SMS ක්‍රමය ගැන, බැටරියේ විස්තර සහ Market එකට දාන දවසක් ගැන එහෙම කිසිම විස්තරයක් නෑ. ඒව තවමත් රහස් තොරතුරු. මිළ නම් කොහොමත් ටිකක් වැඩි වෙයි. හැමදාම කියනවා වගේ අපිට කොයින්ද බූල් බල්ලො කියල අපිටත් උඩ බලං ඉන්න වෙයි. කොහොමත් වින්ඩොව්ස් 8 එක්ක නිකුත් කරනවා කියල කිව්වට තාම වින්ඩොව්ස් 8 එන දවසක් වත් හරියටම මයික්‍රොසොෆ්ට්ලා කියල නැති හින්දා ඒ ගැන හරියටම හිතාගන්නත් අමාරුයි. කොහොම උනත් මේ භාණ්ඩෙත් අනිවා ඇපල් ලට තරගයක් වෙන එක නම් කියන්න දෙයක් නෙවෙයි.

 Microsoft
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.