Editors Choice | මම පාවිච්චි කරන්නෙ Firefox 16.0a1 (2012-07-04) අලුත්ම එක. කැමතිද වෙනස දැනගන්න?

0 comments

ඔන්න කට්ටියට ගොඩක් දෙනා දන්නෙ නැති දෙයක් දෙන්න යන්නෙ. හැමදාම අලුත් දෙයක් පාවිච්චි කරන්න කැමති යාළුවො මේකට කැමති වෙයි. ම්ම් මම දෙන්න යන්නෙ Firefox වෙබ් බ්‍රවුසර් එකේ ප්‍රසිද්ධ නොකරන ලද, අලුත්ම වර්ශන් එක. ඒ තමයි FireFox Nightly V.16. මේ සංස්කරණය නිකුත් කරේ 2012 අවුරුද්දෙ මේ මාසෙ. ඒ කියන්නෙ ජූලි මාසෙ තමයි නිකුත් කරේ. ඇත්තටම මේ සංස්කරණයට නම් මං මාර කැමතියි. ඒකට හෙතු කිහිපයක් තියෙනවා. හැමෝම පිලිගන්න දෙයක්නෙ වෙබ් ඩිවෙලොප් කරන කට්ටියට Firefox ගොඩක් වැදගත් බ්‍රවුසර් එකක් කියලා. ඉතිං මේ එඩිශන් එකේ ඒ වැදගත් කම තව ටිකක් වැඩි කරල තියෙනවා. තව මේ බ්‍රවුසර් එක ක්‍රෝම් එකට කැමති කට්ටියටත් අවුලක් නැති වෙයි කියල මට හිතෙනවා. මොකද මේ සංස්කරනය ක්‍රෝම් එකේ Smooth ගතියයි, පෙනුමයි ටිකක් අරන් තියෙනවා. ඒ වගේම ක්‍රෝම් එකේ වගේ ටැබ්ස් තියෙන Start Page එකකුත් තියෙනවා. ඒ වගේම තමයි මේ ෆයර්ෆොක්ස් වර්ශන් එක ක්‍රෑශ් වෙන ගතිය එහෙම අඩුයි. මොකද ගොඩක් ටැබ්ස් එහෙම ඔපන් කරගෙන වැඩ කරද්දි සමහර වෙලාවට පරන ෆයර්ෆොක්ස් වර්ශන් ක්‍රැශ් වෙනවනේ. වැදගත් වැඩක් කරනකොට එහෙම ඔහොම උනාම එපා වෙනවා. ඒත් මේ සංස්කරනයේ මට තවම එක පාරක් වත් ක්‍රෑශ් උනේ නෑ. මේකෙ නිර්මාණ කරුවො නම් කියනවා මේක තාම 100% හදල ඉවර නෑ, සමහර වෙලාවට ලෙඩ මතු වෙයි කියලා. ඒත් මට නං පරන ෆයර්ෆොක්ස් වල ආපු තරමෙ ලෙඩ එකක්වත් ආවෙ නෑ. මං අන්තිමට පාවිච්චි කරේ ෆයර්ෆොක්ස් 12. ඒකත් එච්චරම ක්‍රෑශ් උනේ නෑ. 3,4 පාරක් උනා. මේක නම් තාම එලකිරි වගේ වැඩ. අනික මේක වර්ශන් 16. එල නේ? කොහොම උනත් මේක තාම පෙර නිකුත් කිරීමක් විතරයි. ඒ කියන්නෙ Pre Release එකක්. ෆුල් එකත් ලඟදිම එයි. ඔයාලට පුලුවන් මේක පාවිච්චි කරල හොඳයිද කියල බලන්න.

එහෙනම් මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න. Download Firefox Nightly Edition For Any Flatform

මේ ලිපිය හොදයි කියල හිතෙනවනම් බ්ලොග් එකට ලයික් එකකුත් දාන්න.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.