ඔන්න හැමෝම බලාගෙන හිටපු දවස උදාවෙන්නයි යන්නෙ. ම්ම්ම්ම්ම් ඔව් ඇත්තටම වින්ඩොව්ස් 8 සම්පූර්ණ නිකුත් කිරීම කරන දිනය මයික්‍රොසොෆ්ට් සමාගමෙන් හරියටම සඳහන් කරා.
මං දන්නවා ඔයාල ගොඩක් දෙනා බලාගෙන හිටියේ මේ දවස උදා වෙනකල් නේ. මාත් එහෙමයි. ඒත් මේ වෙනකල් වින්ඩොව්ස් 8 නිකුත් කරන දිනයක් මයික්‍රොසොෆ්ට් සමාගමෙන් හෙලිදරවු කරල තිබුනෙ නෑ. මෙතෙක් නිකුත් කරපු සියලුම Beta වර්ශන් වලින් ඔවුන් ලබාගත් දුර්වලතා, ජනතා ප්‍රතිචාර වලින් සම්පූර්ණව දැන් මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් වෙලා ඉන්නවා වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්දතිය ඔබ වෙත ලබා දෙන්න.
මයික්‍රොසොෆ්ට් සමාගමේ Steven Sinofsky මහතා තමයි මාධ්‍ය සාකාච්චාවකින් මේ ගැන ලෝකෙටම එලිදරවු කරේ. එයා කියනවා හැමෝටම මේ දවස කැලන්ඩරේ ලකුණු කරගෙන ඉන්න අනිවාර්්‍යයෙන්ම වින්ඩොව්ස් 8 ඔක්තොම්බර් 26 පිට කරනවා කියලා.
දැනට තියෙන ආරංචි මාර්ග අනුව නම් මේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්දතියෙ මිල, Upgrade කිරීමට , ඒ කියන්නෙ දැනට ඕනම මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියක් වලංගු විදියට පාවිච්චි කරන අයෙකුට (වින්ඩොව්ස් XP ඇතුලුව) ඩොලර් $39.99 ක වැනි මුදලකට වින්ඩොව්ස් 8 කරගන්න පුලුවන්. ඒත් මේ වාසිය ජනවාරි මස 31 වෙනිදා වෙනකල් විතරයි දෙන්නෙ. ඉතිං කැමති කට්ටිය ඉක්මන් කරොත් හොඳයි.
ඒ වගේම තමයි මේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්දතිය මුලු ලෝකෙ වටේම 231ක් වෙලඳ පොලවල් වල මේ ඔක්තොම්බර් මස සිට අලෙවි කිරීමට සූදානම් අතර ලොව පුරා භාශා 109කින් සමන්විතයි.
එහෙනම් කට්ටියම ලෑස්ති වෙලා ඉන්න වින්ඩොව්ස් 8 පාවිච්චි කරන්න ඈ.....

2012 ඔක්තොම්බර් 26 වෙනිදා තමයි දවස. :)

+ comments + 1 comments
dear Administrator ,
me blog ekanam maru. mara helapful..man asawen balana site 1k
man podi yojanawak karannada...
windows wagema open sourse software genath meke danna puluawannam niyamai. mokada e software okkoma free use karanna puluwanne