Mobile | Easiest Trick to Unlock Huawei | හුවාවී ඩොංගල් අන්ලොක් කරගන්න වැඩිය දගලන්න ඕනෙ නෑ

6 comments

Easiest Trick to Unlock Huawei | හුවාවී ඩොංගල් අන්ලොක් කරගන්න වැඩිය දගලන්න ඕනෙ නෑ
මං මේ ලිපිය ලියන්න හිතුවෙ මේ දවස් වල ගොඩක් අය තම තමන්ගෙ ඩොන්ගල් අන්ලොක් කරගන්න දගලන දැගලිල්ල දැකලා. ඔය එක එක සොෆ්ට්වෙයා බාගෙන්, ඒවට ක්‍රැක් හොය හොය, චාටර් සොෆ්ට්වෙයා හොයාගෙන ඩොන්ගල් එකටත් ලෙඩ දාගෙන දුක් විදින්න ඕනෙ නෑ යාලුවනේ. ඔය කට්ටිය කියන තරම් ඩොංගල් අන්ලොක් කරන එක එච්චර අමාරු නෑ. සමහරු ඉතිං වැඩ පෙන්නන්න එක එක ජල්තර් පෙන්නල කට්ටියව කඩේ යවනවා. මාත් කාලයක් ගියා. නෑ කියන්න ඕනෙ නෑ නෙ. මගේ ඩොංගල් එකක් අන්ලොක් කරන්න විදපු දුකක් අම්මෝ....

ම්ම්ම් හරි මං ක්‍රමේ කියල දෙන්නංකෝ. ඔක්කොටම කලින් කියන්න ඕනෙ එක එක්කෙනා ඩොංගල් අන්ලොක් කරන පලියට ඔයත් ‍රැල්ලට වගේ ඩොංගල් එක අන්ලොක් කරන්න යන්න එපා. මොකද ඩොංගල් එක අන්ලොක් කරාම Warranty එක නැති වෙනවනේ. අපරාදෙ නිකන්.

ඔයා ඩොංගල් එක අන්ලොක් කරන්න ඕනෙ, ඔයා ගත්තු නෙට් කනෙක්ශන් එකට අමතරව වෙන කනෙක්ශන් එකකුත් පාවිච්චි කරන්න ඕනෙ නං විතරයි. නැත්තං ඉතිං ඔය අන්ලොක් කරා කියල අමුතු දෙයක් වෙන්නෙ නෑ.

මං මේ කියල දෙන්න යන්නෙ හුවාවි ඩොංගල් අන්ලොක් කරගන්න විදියයි. මොකද ZTE අන්ලොක් කරන හරිම ලේසිම ක්‍රමේ තාම හොයනවා. හුවාවි ගැන කියන්නෙ මොකද මාත් මගේ ඩොංගල් එක අන්ලොක් කරපු නිසා.

01. ලේසියි. ඉස්සෙල්ලම ඩොංගල් එකේ IMEI එක හොයාගන්න ඕනෙ. එක හොයාගන්න අමාරු නෑ. ඩොංගල් එකේ උඩ කවරෙ ගැලෙව්වම IMEI කියල අංක 15ක නම්බරයක් ඇති. ඒක ගන්න.

02. ඊට පස්සෙ මේ පි‍ටුවට > Huawei Calculator | ගිහින් Enter IMEI : කියල තියෙන කො‍ටුවට Imei නම්බරේ ගහලා Calculate කියන එක ඔබන්න. එතකොට එයි Unlock Code : කියල අංක 8ක නම්බරයක්. ඒක අරගන්න.

03. දැන් ඔයාගෙ ඩොංගල් එක ගත්තු ගමන් තිබ්බ සිම් එක ගලවලා වෙන සිම් එකක් දාලා (වෙන ආයතනයක) ඩොංගල් එක කොම්පියුටරේට ගහලා ඩොංගල් එකට ආපු සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්න. (Mobile Partner). එතකොට බොක්ස් එකක් එයි අන්ලොක් කෝඩ් එක ගහන්ඩ කියලා. ඔයා අර ඉස්සෙල්ල පි‍ටුවෙ අරගත්තු අන්ලොක් කෝඩ් එක ගහල OK කරන්න. වැඩේ හරි යයි.

පසුවදන : අනිවා මේ ක්‍රමේ හරියන්න ඕනෙ. මං මගේ E173 හුවාවි එක අන්ලොක් කරේ ඔහොම. ඒත් බැරි වෙලාවත් මොකක් හරි Error එකක් ආවොත් Mobile Partner Software එක අලුතෙන් Install කරල අන්ලොක් කරන්න බලන්න. ඩොංගල් එක ගහල තියෙද්දිමයි මොබයිල් පාට්නර් දාන්න ඕනෙ.

Download Mobile Partner Now
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 6 comments

Anonymous
Wednesday, August 8, 2012 at 11:34:00 AM GMT+5:30

e widiyata kala bn eth conect wenne na

Anonymous
Wednesday, August 8, 2012 at 12:32:00 PM GMT+5:30

hari machan wade.. thnxx al d bst

Wednesday, August 8, 2012 at 9:02:00 PM GMT+5:30

@Ano Thanks for the comment Machan :)

Anonymous
Monday, October 8, 2012 at 9:06:00 PM GMT+5:30

meke imei 1 gahanna koheda?

Monday, December 17, 2012 at 8:22:00 PM GMT+5:30

niyamai thankx wewaa

Anonymous
Wednesday, January 9, 2013 at 7:00:00 PM GMT+5:30

methiyena widihata huwaei E303s-01 dongle unlock karana puluwanda?

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.