Windows | වින්ඩොව්ස් 8 එන්නෙ වර්ශන් 3ක් විතරයි! Only 3 editions of Windows 8 ( Win 8, Win 8 Pro & Windows RT )

0 comments

ඔන්න හැමෝම බලාගෙන ඉන්නෙ වින්ඩොව්ස් 8 ඔර්ජිනල් එක එනකල් නේ. මාත් එහෙමයි. මොකද 7 වලට වඩා ඒකේ අමුතුම ගතියක් දකින්න තියෙන හින්දා. කොහොම උනත් පුරුදු වෙන්න නම් ටිකක් දවස් ගත වෙයි. මොකද වින්ඩොව්ස් 8 එන්නෙ Touch System Computers ටාගට් කරගෙනනේ. ඒ කියන්නෙ විශේශයෙන්ම ටැබ්ලට් පරිගණක මූලික කරගෙන. කොහොම උනත් දැනට තියෙන ආරංචි අනුව නං මයික්‍රොසොෆ්ට් සමාගමෙන් හිතාගෙන ඉන්නෙ වින්ඩොව්ස් 8 වර්ශන් 3ක් විතරක් පිට කරන්නලු. ඒ කියන්නෙ වින්ඩොව්ස් 7 නං ඒක එක වැඩ කෑලි තියෙන, වෙනස් වෙනස් විදියට අඩු වැඩි කරල වර්ශන් 6ක් පිට කරානේ. ඒ එක එක ප්‍රමාණයන් විදියට. ඒත් වින්ඩොව්ස් 8 පිට කරන්නෙ 3ක් විතරයි. ඒ., Windows 8, Windows 8 Professional සහ Windows 8 RT කියන වර්ශන් 3.


මට හිතෙන විදියට නං එක එක විදියෙ වර්ශන් එනවට වඩා මේ විදියට 3ක් විතරක් එන එක නං හොඳයි. මොකද එතකොට වදයක් නෑ නෙ මේකෙ තියෙන ඒව අරකෙ නෑ නෑ කිය කිය ඉන්ඩ. ඒ හින්ද මේ තීරනේ නං හොඳයි. ඒත් පොඩි අවුලක් තියෙනවා. අපි හැමෝටම ටච් ස්ක්‍රීන් නෑ නෙ. වින්ඩොව්ස් 8 වර්ශන් 3ක් අවුට් කරාට ඒකෙන් 2ක් විතරයි අපේ සාමාන්‍ය පරිගණක වල පාවිච්චි කරන්න පුලුවන්. ඒ Windows 8 සහ Windows 8 Pro විතරයි. Windows 8 RT පාවිච්චි කරන්න නං අනිවා ටච් ස්ක්‍රීන් කොම්පියුටරයක් ඕනෙ වෙනවා. ඒ කියන්නෙ අපි බාගන්නව නං ගන්න ඕනෙ Win 8 හෝ Win 8 Pro කියන් 2න් එකක්.

Windows 8 - බහුතරයකට පාවිච්චි කරන්න හොඳයි කියල මයික්‍රොසොෆ්ට් සමාගමෙන් කියනවා. ඒ කියන්නෙ සාමාන්‍ය පරිගණක පාවිච්චියට තමයි වින්ඩොව්ස් 8 හරි යන්නෙ. මේකෙ තියෙනවා වෙනස් කරපු Windows Explorar එකක්, Task Manager එකක්, සහ  මොනිටර් ගොඩකට එකවැර සපෝට් කරන්න පුලුවන් සිස්ටම් එකක්. තව දෙයක්., කලින් වින්ඩොව්ස් 7 Enterprise/ Ultimate වල විතරක් කරන්න පුලුවන් වෙච්ච භාශාව වෙනස් කරන එකත් මේකෙ කරන්න පුලුවන්

Windows 8 Pro - මේ වර්ශන් එක නං ගොඩක් වැදගත් වෙන්නෙ වැඩිපුර වැඩ දාන කට්ටියට. ඒ කියන්නෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්ඩ බැරි කට්ටියට. ඒ කියන්නෙ මේ වර්ශන් එකේ වැඩ වැඩියි. වින්ඩොව්ස් 7 වල Ultimate / Enterprise එඩිශන් වල වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්. විශේෂෙන්ම Data Encript කිරීමේ හැකියාව, Virtulization, PC Management වගේම Domain Connectivity වගේ විශේෂාංග මේ එඩිශන් එකෙත් තියෙනවා. Windows Media Center අංගයත් වෙනස් ආකාරයකට දෙන්න තමයි මයික්‍රොසොෆ්ට් ආයතනය හිතාගෙන ඉන්නෙ. හ්ම් ඔව් හිතන්න දෙයක් නෑ, Windows 8 Basic එකට වඩා මේ එඩිශන් එකනං ගණං වැඩි වෙයි.

Windows 8 RT - මේ එඩිශන් එක ගැන කියනවනං මේක පාවිච්චි කරන්න පුලුවන් කියන්නෙ මාරම ගතියක් දැනෙයි. ඒත් ඉතිං අපිට කොයින්ද බූල් බල්ලො නේ...! මේ වර්ශන් එක ටච් සිස්ටම් එකක් හින්ද හැම දේම Smooth විදියටයි තියෙන්නෙ. ඒ කියන්නෙ Start menu එක, Desktop එක, ඒ වගේම මේකෙ තියෙන Application එහෙමත් ටච් සිස්ටම් එකට හරියන විදියටයි ඩිසයින් කරන්නෙ. පාවිච්චි කරන්න පුලුවන් ටච් කිරීමේ හැකියාව තියෙන පරිගණක සහ උපකරණ වල විතරයි.  ඒ වගේම අපි දැනට එයි කියල බලාපොරොත්තුවෙන් ඉන්න MS Office 15 එහෙමත් මේ එඩිශන් එක ටාගට් කරගෙනයි හදන්නෙ කියලයි ආරංචි. ඒ කියන්නෙ MS Office එකත් Win 8 RT එකේ ටච් සොෆ්ට්වෙයා එකක්. එල නේ?

මේ තියෙන්නෙ මේ එඩිශන් වල වැඩ සංසන්දනය කරපු චාට් එකක් ▼

Feature name
Windows   8
Windows   8 Pro
Windows   RT
Upgrades from Windows 7 Starter,   Home Basic, Home Premium
x
x

Upgrades from Windows 7   Professional, Ultimate
x

Start screen, Semantic Zoom, Live   Tiles
x
x
x
Windows Store
x
x
x
Apps (Mail, Calendar, People,   Messaging, Photos, SkyDrive, Reader, Music, Video)
x
x
x
Microsoft Office (Word, Excel,   PowerPoint, OneNote)

x
Internet Explorer 10
x
x
x
Device encryption

x
Connected standby
x
x
x
Microsoft account
x
x
x
Desktop
x
x
x
Installation of x86/64 and desktop   software
x
x

Updated Windows Explorer
x
x
x
Windows Defender
x
x
x
SmartScreen
x
x
x
Windows Update
x
x
x
Enhanced Task Manager
x
x
x
Switch languages on the fly   (Language Packs)
x
x
x
Better multiple monitor support
x
x
x
Storage Spaces
x
x

Windows Media Player
x
x

Exchange ActiveSync
x
x
x
File history
x
x
x
ISO / VHD mount
x
x
x
Mobile broadband features
x
x
x
Picture password
x
x
x
Play To
x
x
x
Remote Desktop (client)
x
x
x
Reset and refresh your PC
x
x
x
Snap
x
x
x
Touch and Thumb keyboard
x
x
x
Trusted boot
x
x
x
VPN client
x
x
x
BitLocker and BitLocker To Go
x

Boot from VHD
x

Client Hyper-V
x

Domain Join
x

Encrypting File System
x

Group Policy
x

Remote Desktop (host)
x


එහෙනං මං හිතනවා කට්ටියට හොඳ විස්තරයක් හම්බුනා කියල. කමෙන්ට් එකක් එහෙම දාල යන්න.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.