මේ ලිපියෙන් නම් මම ලියන්න යන්නෙ මීට කලින් ලියල නැති ටිකක් වෙනස් ලිපියක්. කලින් ලිපි වල නම් මම ගොඩක් තාක්ශනික ලිපි ලිව්ව හින්ද වෙනසක් කරොත් හොඳයි කියල හිතුනා. මම කියන්න යන්නෙ මේ ලෝකෙ දැනට ඉන්න බලගතුම අම්මලා 7දෙනා ගැන. ඒ කියන්නෙ දැනට ලෝකේ මාර ප්‍රසිද්ධියක් දරන, ගොඩක් කට්ටියට දෙනෙන යමක් කරන්න පුලුවන් මවුවරු 7 දෙනා ගැන.
07. මිචෙල් ඔබාමා

ඔබාමා කිව්වම නං ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. ඔව් බැරක් ඔබාමා ගෙ බිරිඳ තමයි මිචෙල් කියන්නෙ. මිචෙල් ඔබාමා තමයි ඇමෙරිකා එක්සත් ජනපදයෙ ප්‍රථම ගැහැනිය කියල හඳුන්වන්නෙ. (ඉපදුනු ප්‍රථම නෙමේ ඈ) මිචෙල් කියන්නෙ ඇත්තටම හොඳ අම්ම කෙනෙක්. මොකද කොච්චර කාර්‍ය බහුල කෙනෙක් උනත් එයා, එයාගෙ දුවල දෙන්න, සාශා සහ මාලියා ගැන ගොඩක් හොයල බලනවලු.
06. සෝනියා ගාන්ධි

සෝනියා ගාන්ධි කියන්නෙ ඉන්දියා ජාතික සන්ධානෙ නායකත්වයයි. දැන් නම් සෝනියා ගාන්ධි ආච්චි කෙනෙක්. ඒ වගේම තමයි සෝනියා ගාන්ධි කියන්නෙ අපේ රටට අදාල ගොඩක් වැදගත් තීරන ගොඩකටම මුලසුන දරපු කෙනෙක්.
05. මෙලින්ඩා ගේට්ස්

මෙලින්ඩා කියන්නෙ අපි කොයි කවුරුත් දන්න බිල් ගේට්ස් ගෙ බිරිඳ. එයාගෙ තත්වෙ ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ. ලෝකෙ ඉන්න ධනවත්ම කෙනාගෙ බිරිඳ උනාම තියෙන බලය මාර ගොඩක්. මෙලින්ඩා, බිල් සහ මෙලින්ඩා අරමුදලෙ සම සභාපති වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම මෙයා ලෝකයේ ගොඩක් අයට මේ අරමුදලෙන් උදවු කරල තියෙනවා. මෙයාලගේ මේ පුන්‍ය කටයුතු නිසා වරක් ස්පාංඤ්ඤයේ Prince of Asturias කියන සම්මාණයද ලබා දීල තියෙනවා.
04. ශර්ලි සෑන්ඩ්බර්ග්

ශර්ලි ට පොඩි ලමයි දෙන්නෙක් ඉන්නවා. මෙයා තමයි ෆේස්බුක් එකේ Cheif Operating Officer විදියට වැඩ කරන්නේ. ඒත් ඔයාල දන්නවද මෙයාට කොච්චර ලොකු පඩියක් හම්බුනත්, මොන වැඩේ තිබ්බත් මෙයා හරියටම 5.30 වෙද්දී හැමදාම ගෙදර යනවලු, ගෙදර කට්ටිය එක්ක රෑ කෑම ගන්න ඕනෙ හින්දා.
03. ඉන්ද්‍රා නූයි

ඇමෙරිකාවෙ සුප්‍රසිද්ධ නිශ්පාදන කිහිපයකම නිර්මාතෲ වන මේතුමිය PepsiCo කියන සමාගමේ හිමිකාරිනියයි. ඇයට දරුවන් දෙදෙනෙකු සිටින අතර, මැයගේ විශේශත්වයක් වන්නේ කොතරම් වැදගත් රැස්වීමක් මැදදී වුවද ඇයට තම දරුවන්ගෙන් ඇමතුමක් පැමිනියහොත් ඇය එම ඇමතුමට පිළිතුරු දෙනවලු.
02. ඩිල්මා රෝසෙෆ්

ඩිල්මා රෝසෙෆ් කියන්නෙ බ්‍රසීලයේ දැනට ඉන්න සහ, 36 වෙනි ජනපති. ඒ වගේම ඇය තමයි බ්‍රසීලයේ ප්‍රථම ජනපතිනිය. (ගැහැණු). 2011 වසරේදී ජාත්‍යන්තර Forbes නාමාවලියේදී, ලෝකයේ බලවත්ම ගැහැනිය ලෙසටත් යෝජනා වී තිබෙනවා. ඇයට දරුවන් තිදෙනෙක් ඉන්නවා.
01. හිලරි ක්ලින්ටන්

දැනට ලෝකයේ බලගතුම කාන්තාව ලෙස සැලකෙන්නෙ මෙතුමියයි. ඇමෙරිකාව රාජ්‍ය ලේකම් වරිය ලෙස කටයුතු කරන මැයට ඉන්නෙ එක දුවයි. ඒ තමයි චෙල්සා.
මෙම ලිපියට කරුණු උපුටා ගන්නා ලද්දේ GossipFirst අඩවියෙනි.