ගොඩක් වෙලාවට අපි බොහෝ දෙනා PDF Documents, නැත්තං PDF Magazines කියවන්න රුචියක් දක්වනවා. ඒ ගොඩක් වෙලා පරිගණකයේ රැදිල ඉන්න අය සහ පොත් කියවන්න කම්මැලි කට්ටිය. ඉතිං මෙහෙම කියවද්දිත් සමහර වෙලාවට ටිකක් එපා වෙනවා. ඉතින් අපි පංතියේදි මැඩම්, සර් කියන එක අහගෙන ඉන්නවා වගේ PDF එකත් අහගෙන ඉන්න තිබ්බ නම් හොඳයි නේද?
ම්ම්ම්... මේ වැඩේ අපිට Adobe PDF reader එක කරල දෙනවා. 7.0 වර්ශන් එකේ ඉදන් පස්සෙ ආපු ඕනම Adobe rdr එකකට මේ වැඩේ කරන්න පුලුවන්. හැබැයි ඉතිං ඉංග්‍රීසි PDF විතරයි. ඔයාට කරන්න තියෙන්නෙ පොඩි වැඩක් විතරයි.
Adobe PDF Reader එක නැත්තං මෙතනිං බාගන්න.
දැන් ඇඩෝබි රීඩර් එකෙන් PDF එකක් Open කරගෙන ඒකෙ Menu එකට ගිහින් View කියන section එකේ පහලම තියෙන Read out Loud කියන එක තෝරන්න. ටික වෙලාවක් Reader එකෙන් PDF එක Check කරාට පස්සෙ ඔයා ක්ලික් කරන ඕනම කොටසක් Computer එකේ Defualt Voice එකෙන් කියවනවා.
උතසහ කරල බලල හොදයි නම් කමෙන්ට් එකකුත් දාලම යන්න.












