බොහෝ විට වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති දාවනය වන පරිගණක වල මතුවන, අනිවාර්යයෙන්ම වලක්වාගත යුතු ගැටළුවක් ලෙස "නිල් තිරයෙහි පැමිනෙන දෝශ" (Blue Screen of death - BSOD) නැතහොත් Stop Error එක හඳුන්වා දිය හැකිය.
සාමාන්‍යයෙන් මෙම දෝශ මතුවන්නේ Hardware, Virus හෝ Drivers සම්බන්ඳ ගැටළු ඇති වූ විටය. මෙලෙස ඇතිවන Blue screen error msgs වල බොහෝ වෙලාවට Stop Code එකක් නැතහොත් Error Code එකක් අන්තර්ගත වේ. එමගින් අපට එම දෝශයට හේතුව මෙන්ම, වලක්වා ගන්නේ කෙසේද යන්න හඳුනාගත හැකි වේ.
වැදගත් : පහත දැක්වෙන්නේ පොදු දෝශ පණිවිඩ කිහිපයක් සඳහා ඔබට කල හැකි දේය. මෙහි ඇති සමහර ක්‍රියාමාරග සඳහා මෙහෙයුම් පද්දතිය "Safe Mode" ලෙස ක්‍රියාත්මක කර තිබිය යුතුය.
1.»» BSOD දෝශ පණිවුඩ සමථ කිරීමේදී අතිශය වැදගත් කරුණක් ලෙස, එම දෝශ පණිවුඩය පැමිනීමට පෙර ඔබ සිදුකලේ කුමක්දැයි සිහිතබා ගැනීම ගතහැකිය.
එම දෝශ පණිවුඩය පැමිනීමට පෙර ඔබ, නව මෘදුකාංගයක්/ යම් පරිගණක අංගයක්/ Driver upadate එකක් හෝ මෙහෙයුම් පද්ධති යාවත්කාල කිරීමක් ස්ථාපනය කලේද?
එය එසේ නම් ඔබට BSOD දෝශය වලක්වා ගැනීමට ඉතාපහසු වනු ඇත. ඔබ සිදුකල එම ක්‍රියාව නැවත වෙනස් කර බලන්න.
2.»» මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කර ඇති Partition එකෙහි අවශ්‍ය අවම ඉඩ ප්‍රමාණය තිබේ දැයි පරික්ශා කරන්න. BSOD දෝශ මෙන්ම දත්ත විනාශ වීම වැනි වෙනත් වැදගත් වින්ඩොව්ස් දෝශ සඳහා බලපාන ප්‍රධාන හේතුවක් ලෙස මෙහෙයුම් පද්ධති Partition එකෙහි ඉඩ ප්‍රමාණය අවම වීම පෙන්වාදිය හැකිය.
ප.ලි. : මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අවම 100MB ක ඉඩ ප්‍රමාණයක් System Partition එකෙහි නිදහස්ව රැඳවිය යුතු යැයි කියූවද, අපගේ අනුමතය නම් අවමය Hard Diskයේ ඉඩෙන් 15% ක් වත් නිදහස්ව තැබීමෙන් ඔබට හොඳ ක්‍රියාකාරීත්වයක් ලබාගත හැකි බවය.
3.»» පරිගණකයට වයිරස ඇතුළු වී ඇත්දැයි සොයාබලන්න. ඇතැම් වයිරස නිසාද BSOD දෝශ ඇතිවේ. විශේෂයෙන්ම Boot sectors වලට හා Master boot record එකට හානි සිදුකරන වයිරස මගින් මෙය සිදුවීමට ඉඩ ඇත.
වැදගත්: ඔබ වයිරස Scan කරන මෘදුකාංගය දිනයට යාවත්කාල වී ඇත්දැයි සහ එය master boot record (MBR) scan කරන්නට සකස් කර ඇත්දැයි සොයා බලන්න.
4.»» Device Manager හි hardware settings "default " තත්වයෙන් තබන්න. ඔබට hardware settings වෙනස් කිරීම අත්‍යවශ්‍යම නම් හැරුනු කොට එවා මුල් ලෙසම තබා තිබීම ඉතා වැදගත් වේ. යම් Hardware එකක Settings එයට උචිත සහ දැරිය නොහැකි ලෙස සකස් කිරීමෙන් ද BSOD දෝශ පණිවුඩ මතුවේ.
5.»» BIOS (basic input/output system) වල Settings "RESET" කරන්න. යම්කිසි වැරදි සකස්කිරීමක් හෝ අදාල නොවන Settings වෙනස් කිරීම් default levels තත්වයට පත්කිරීමෙන්ද BSOD දෝශ මග හරවාගත හැක.
ප.ලි. : ඔබ ඔබගේ BIOS සැකසුම් වල Default Levels බලාපොරොත්තු නොවන අත්‍යවශ්‍යම වෙනස් කිරීමක් සිදුකර ඇත්නම් අවම වශයෙන් clock speed, voltage settings, and BIOS memory options වැනි අංගවත් Default Levels තත්වයට සකස් කරන්න.
6.»» ඇතුලත කේබල, අමතර Harware උපාංග සහ වෙනත් පරිගණකයට සම්බණ්ද කොට ඇති කොටස් නිසි පරිදි සවි වී ඇත්දැයි පරික්ශා කරන්න. නිසි පරිදි පරිගණකයට සම්බන්ධ වී නොමැති (Loose Connections) කොටස් හේතුවෙන්ද BSOD දෝශ ගැටළු මතු වේ.
7.»» ඔබගේ මව්පුවරුවේ Bios යාවත් කාල කර බලන්න. යාවත් කාල නොකරන ලද කල් පැනපු BIOS හේතුවෙන් ද BSOD දෝශ පණිවුඩ පැමිනේ.
ප.ලි. යම් යම් Hardware අංග සඳහා වන නොගැලපීම් මගහරවා ගැනීමට ඔබගේ මව්පුවරුවේ BIOS දිනයට යාවත්කාල කර තිබීම ඉතා වැදගත් වේ.

- මෘදුකාංගයක් නම් එය Uninstall කරන්න.
- යම් පරිගණක අංගයක් ස්ථාපිත කලේ නම් එය ඉවත් කර බලන්න.
- රෙජිස්ට්‍රියෙහි හා Drivers සම්බන්ද වෙනස් වීම් නිවැරදි කිරීම සඳහා, පරිගණකය Restart කොට "Startup using Last Known Good Configuration " ලෙස ක්‍රියාකරවන්න.
- පද්ධති වෙනස්වීම් නිවැරදි කිරීම සඳහා "System Restore" අංගය භාවිතා කරන්න.
- යම්කිසි "Driver Update" එකක් ස්ථාපනය කලෙහි නම්, Roll Back device driver අංගය භාවිතා කරන්න.
2.»» මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කර ඇති Partition එකෙහි අවශ්‍ය අවම ඉඩ ප්‍රමාණය තිබේ දැයි පරික්ශා කරන්න. BSOD දෝශ මෙන්ම දත්ත විනාශ වීම වැනි වෙනත් වැදගත් වින්ඩොව්ස් දෝශ සඳහා බලපාන ප්‍රධාන හේතුවක් ලෙස මෙහෙයුම් පද්ධති Partition එකෙහි ඉඩ ප්‍රමාණය අවම වීම පෙන්වාදිය හැකිය.
ප.ලි. : මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අවම 100MB ක ඉඩ ප්‍රමාණයක් System Partition එකෙහි නිදහස්ව රැඳවිය යුතු යැයි කියූවද, අපගේ අනුමතය නම් අවමය Hard Diskයේ ඉඩෙන් 15% ක් වත් නිදහස්ව තැබීමෙන් ඔබට හොඳ ක්‍රියාකාරීත්වයක් ලබාගත හැකි බවය.
3.»» පරිගණකයට වයිරස ඇතුළු වී ඇත්දැයි සොයාබලන්න. ඇතැම් වයිරස නිසාද BSOD දෝශ ඇතිවේ. විශේෂයෙන්ම Boot sectors වලට හා Master boot record එකට හානි සිදුකරන වයිරස මගින් මෙය සිදුවීමට ඉඩ ඇත.
වැදගත්: ඔබ වයිරස Scan කරන මෘදුකාංගය දිනයට යාවත්කාල වී ඇත්දැයි සහ එය master boot record (MBR) scan කරන්නට සකස් කර ඇත්දැයි සොයා බලන්න.
4.»» Device Manager හි hardware settings "default " තත්වයෙන් තබන්න. ඔබට hardware settings වෙනස් කිරීම අත්‍යවශ්‍යම නම් හැරුනු කොට එවා මුල් ලෙසම තබා තිබීම ඉතා වැදගත් වේ. යම් Hardware එකක Settings එයට උචිත සහ දැරිය නොහැකි ලෙස සකස් කිරීමෙන් ද BSOD දෝශ පණිවුඩ මතුවේ.
5.»» BIOS (basic input/output system) වල Settings "RESET" කරන්න. යම්කිසි වැරදි සකස්කිරීමක් හෝ අදාල නොවන Settings වෙනස් කිරීම් default levels තත්වයට පත්කිරීමෙන්ද BSOD දෝශ මග හරවාගත හැක.
ප.ලි. : ඔබ ඔබගේ BIOS සැකසුම් වල Default Levels බලාපොරොත්තු නොවන අත්‍යවශ්‍යම වෙනස් කිරීමක් සිදුකර ඇත්නම් අවම වශයෙන් clock speed, voltage settings, and BIOS memory options වැනි අංගවත් Default Levels තත්වයට සකස් කරන්න.
6.»» ඇතුලත කේබල, අමතර Harware උපාංග සහ වෙනත් පරිගණකයට සම්බණ්ද කොට ඇති කොටස් නිසි පරිදි සවි වී ඇත්දැයි පරික්ශා කරන්න. නිසි පරිදි පරිගණකයට සම්බන්ධ වී නොමැති (Loose Connections) කොටස් හේතුවෙන්ද BSOD දෝශ ගැටළු මතු වේ.
- සියළුම ඇතුලත DATA කේබල සහ Power කේබල ගලවා නැවත් නිසි පරිදි සවි කරන්න.
- Ram Cards ගලවා පරිස්සමින් පිරිසිදු කොට නැවස සවි කරන්න.
- අමතර expansion cards තිබේ නම් එවාද ගලවා පරිස්සමින් පිරිසිදු කොට නැවත සවි කරන්න.
7.»» ඔබගේ මව්පුවරුවේ Bios යාවත් කාල කර බලන්න. යාවත් කාල නොකරන ලද කල් පැනපු BIOS හේතුවෙන් ද BSOD දෝශ පණිවුඩ පැමිනේ.
ප.ලි. යම් යම් Hardware අංග සඳහා වන නොගැලපීම් මගහරවා ගැනීමට ඔබගේ මව්පුවරුවේ BIOS දිනයට යාවත්කාල කර තිබීම ඉතා වැදගත් වේ.

+ comments + 11 comments
බයෝස් අප්ඩේට් කරන ආකාරය ගැනත් පෝස්ට් එකක් දැම්මනම් ගොඩක් හොඳයි. හොඳ සයිට් එකක්. දිගටම ලියන්න.
@Chinthaka : ස්තූතියි කමෙන්ට් එකට :) මම ඉස්සරහට අනිවා ලියන්නම් :)
blue screen wela thiyanawa mage com1 eth ohoma akuru watila na ekata mokada karanna onna
@isu Maxx ප්‍රශ්නෙ පැහැදිලි මදි මචං. මම කියල තියෙන්නෙ සාමාන්‍යයෙන් Blue Screen එක එන්න හේතුව සහ කරන්න පුලුවන් දේවල් ටික. ඔයාගෙ ප්‍රශ්නෙ ටිකක් විස්තර කිව්වනං උත්තරේ හොයාගන්න ලේසියි :)
bios updat karanne kohamada mchn,mehema blue screen awahama ape apc ekata haniyak wenawada machn
me maxpayne 3 game 1ka instroll krta psseth me scrren 1ka enwa.ekta wisadumak kynna puluwanda bro?
Game එක Uninstall කරල, Registry එක Clean කරල බලන්න. VGA එක සමහර විට මදි ඇති. එහෙම නැත්තං Game Setup එකේ ප්‍රශ්නයක්.
මචන් මගේ lap එකට මම moderm එක connect කරලා නෙට් යන්නේ...හැම වෙලේම වලේmodermඑක සෙට් කලාමblue screen එක එනවනේ..එහෙම වෙන්නේ ලැප් එකේ අව්ලකටද,නැත්නම් moderm එකේ අව්ලකටද..
@Ano : හරියටම කියන්න අමාරුයි. ඔයා Device Manager එකට ගිහින් මොඩෙම් එකේ Drivers Update කරලා බලන්න. වෙන මැශින් එකකටත් මොඩම් එක ගහලා බලන්න. එතකොට ලෙඩේ එන්නෙ නැත්තං ලැප් එකේ අවුලක්. Format පාරක් දාලා වයිරස් ගාඩ් එකකුයි, ඩ්‍රයිවර්ස් ටිකයි හරියට දාල බලන්න.
මචන් කොච්චර හැදුවත් BIOS සේව් වෙන්නේ නැනේ, බැට්‍රියත් මාරු කරනේ බන්.... එත් නැ කියල. BIOS ERR වැටිලා F1 යන්න එකක් denawa
Thanks Bro