USB Flash Drive එක එහෙමත් නැත්තං සාමාන්‍යයෙන් කියන "පෙන්" එක දැන් පරිගණක පාවිච්චි කරන ඕනම කෙනෙක් දන්න කියන දෙයක්. ඕනම කෙනෙකුට ඉතා ප්‍රයෝජනවත් USB එකෙන්, DVD එකක් පාවිච්චි නොකර Windows 7 ඔබට අවශ්‍ය ඕනම පරිගණකය ස්ථාපිත කරගන්න හැටි මෙම ලිපියෙන් කියල දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
USB එකක් භාවිතා කිරීමේ වාසි :
- » අමතර DVD Disks වලට වැය වන මුදල් ඉතිරිය.
- » ඕනම අවස්ථාවක Bootable Windows 7 Setup එකක් සකස් කරගත හැකි වීම.
- » අවශ්‍ය නම් USB එක මකා දමා වෙනත් ප්‍රයෝජනයට ගත හැකි වීම.
- » ඉතා සරල වලංගු ක්‍රමයක් වීම.
- » DVD එකකින් ස්ථාපිත කරනවට වඩා වේගයකින් USB එකෙන් ස්ථාපිත කිරීමට හැකි වීම.
හොඳයි එහෙනම් අපි පියවර වලට යොමු වෙමු.
අවශ්‍ය දේවල් :-
වින්ඩොව්ස් 7 .iso විදියට තිබෙන කොපියක්. (ඔබ සතුව වින්ඩොව්ස් 7 DVD තිබේ නම් Disc Burner මෘදුකාංගයකින් [.iso] එකක් විදියට Burn කරගත හැකියි.)
Download Direct Windows 7 ISO Images (waiting)
Windows 7 USB DVD Download Tool කියන මෘදුකාංගය. (ඔබට පුලුවන් මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් මෙම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.)
Download Windows 7 USB DVD Download Tool
අවම 4GB ඉඩක් පවතින USB Pen එකක්
01.) මුලින්ම ඔබ ඩවුන්ලෝඩ් කරගත් Windows 7 USB DVD Download Tool එක install කරගන්න. Windows 7 ISO file එකත් පහසු තැනක ස්ථානගත කරන්න.
02.) Windows 7 USB DVD Download Tool එක විවෘත කරගෙන එහි ඇති Browse බොත්තම ඔබා, ඔබේ වින්ඩොව්ස් 7 ISO File එක තෝරා දී NEXT බොත්තම ඔබන්න.
03.) දැන් තියෙන්නෙ ඔබට වින්ඩොව්ස් 7 දාන්න ඕනෙ USB එකටද, DVD එකටද කියල තෝරන්න. ඔබට අවශ්‍ය USB එකට නිසා USB device කියන බොත්තම ඔබන්න.
04.) දැන් ඔබගේ USB Stick එක පරිගණකයට සම්බණ්ධ කරන්න. Tool එක මගින් USB එක පෙන්නුවේ නැතිනම් Refresh ලෙස ඇති බොත්තම ඔබන්න.
(මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුනක් වන්නේ ඔබේ USB එකෙහි ප්‍රමාණවත් ඉඩක් තිබිය යුතු බවයි. එසේ නොමැති නම් පහත ලෙස ඔබට දැක ගත හැකි වනු ඇත.)
ප්‍රමාණවත් ඉඩක් නොමැති USB එකක් පාවිච්චි කිරීමෙන් ඔබේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීමට ඉඩ ඇති නිසා අඩු තරමින් 4GB USB එකක් වත් භාවිතා කල යුතුය.
05.) නිවැරදිව ඔබේ USB එක ලබා දුන් පසුව Begin Copying බොත්තම ඔබන්න.
06.) දැන් ඔබේ USB එකට වින්ඩොව්ස් 7 කොපි වීම ආරම්භ වේ. මෙය අවසන් වීමට සාමාන්‍යයෙන් විනාඩි 10-15 අතර කාලයක් ගත වේ.
USB එකට වින්ඩොව්ස් 7 කොපි වී අවසන් වූ පසු ඉහත ආකාරයෙන් දැක ගත හැකි වේ. දැන් ඔබට මෙම ටූලය Close කර දැමිය හැක. නිසිආකාරව සැකසුම් සිදු වී ඇත්දැයි සැක හැර දැන ගැනීමට ඔබේ USB එකෙහි Setup.exe මත Double ක්ලික් කර සාමාන්‍ය පරිදි වින්ඩොව්ස් Setup එක ආරම්භ වනවාදැයි බලන්න.
මතක තබා ගත යුතු තවත් ඉතා වැදගත් කරුනක් වන්නේ ඔබට USB එකෙන් Boot කිරීමට නම් ඔබේ මවු පුවරුවේ BIOS සැකසුම් වල First Boot Device එක ලෙස USB ලබා දී තිබිය යුතුයි.





















+ comments + 1 comments
වැඩේ නම් නියමයි මචං, මේක මට හරිම ප්‍රෙයෝජනවත් වෙනවා..
ඒත පොඩි ප්‍රෂ්ණ කීපයක් තියනවා... ???
1. මේ විදියට එක pen එකකට OS එකයිද දාන්න පුලුවන්..
win 7, xp, Ubuntu වගේ වෙනස් OS කීපයක් දාගන්න පුළුවන්ද ?
2. OS එකට අමතරව pen එකේ ඉඩ තියනවානම් වෙන Data දාල තියන්න පුළුවන්ද ?
3. OS එක Pen එකට දාන වෙලාවෙදි Pen එක Format වෙනවාද ?
Thanks...