FireFox | Best Trick To HIDE Your IP - IP එක හංගන්න හොඳම ක්‍රමය

2 comments

ඔන්න අපේ සයිට් එක .com උනාට පස්සෙ ලියන පලවෙනි පෝස්ට් එක. මං හිතුවා ගොඩක් දෙනෙක් මේ දවස් වල හොයන, ගොඩක් ෆේස්බුක් ගෲප් වල අහපු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෙ කියලා. ම් මේ දවස් වල ඉතින් කට්ටිය හැමෝටම පොඩි උණක් තියෙනවනේ හැංගිලා වෙබ් බ්‍රවුස් කරන්න. ඒ කියන්නෙ නෙට් එකේ ඉන්නෙ ඔයාල නෙමේ කියල පෙන්නන්න IP එක හයිඩ් කරන්න. ඔය ගොඩක් දෙනා IP එක හංගන්න ට්‍රයි කරන්නෙ හැකර්ලගෙන් බේරෙන්නලුනේ. හෙහෙ හරි හරි මං මුකුත් කියන්නෙ නෑ. ඔව් IP Hide කරල නෙට් යන එක ඇත්තටම කිසිම වරදක් නැති දෙයක්. හැබැයි යාලුවනේ IP හයිඩ් කරා කියල ඔයාට හැකර් කෙනෙක්ගෙන් බේරෙන්න පුලුවන් කියන කතාවනං බොරු. IP හයිඩ් කරන එකෙන් ඔයාට තියෙන වාසි තමයි...,

» ඕනම රටක, ඕනම වෙබ් අඩවියකට (තහනම් කරපුවා ඇතුලුව) යන්න පුලුවන්.
» ලංකාවට බ්ලොක් කරල තියෙන Youtube වීඩියෝ බලන්න පුලුවන්.
» වෙබ් අඩවි වල තියෙන IP Tracker ටිකක් කඩේ යවන්න පුලුවන්.

ඔය වගේ තමා ඉතිං. ගොඩක් වෙලාවට IP Hide කරන එකෙන් ඔයාට ලබාගන්න පුලුවන් ලොකුම වාසිය තමයි අන්තර්ජාලයේ වාරන යොදල තියෙන ගොඩක් සේවාවන් ලබාගන්න පුලුවන් වීම.

ඉතින් මං මේ කියල දෙන්න යන්නෙ ඔයාට කිසිම මෘදුකාංගයක් පාවිච්චි කරන්නෙ නැතුව හරියටම, 100% සාර්ථකව Ip එක හංගගන්න ක්‍රමයක්. හැබැයි මේක Firefox පාවිච්චි කරන යාලුවන්ට විතරයි. හරිම ලේසි ක්‍රමයක්. ඔයාට අමුතුවෙන් සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරන්නවත්, ඒවට ක්‍රැක් හොයන්නවත් ඕන වෙන්නෙ නෑ දැන්.

මේ මම දෙන්න යන්නෙ Firefox වලට මාරම වැදගත් Add-on එකක්. මේ ඇඩෝන් එකෙන් ඔයාට පුලුවන් ඔයාගෙ IP එක ඇමෙරිකාවෙ, එංගලන්තෙ සහ නවසීලන්තෙ IP එකක් විදියට පෙන්නවලා අන්තර්ජාලය පාවිච්චි කරන්න. ඔයාට කරන්න තියෙනෙ මේ ඇඩෝන් එක Install කරන්න විතරයි. ඊට පස්සෙ ඔයා මොන වෙබ් සයිට් එකට ගියත් යන්නෙ ඔයාගෙ IP එකෙන් නෙවෙයි. හරිම ලේසියි.

හැබැයි පොඩි අවුලකුත් තියෙනවා. ඒ තමයි මේක ‍ෆ්‍රී හින්දා ඔයා නෙට් යද්දි සමහර වෙලාවට පොඩි ඇඩ් එකක් පෙන්නනවා. ඒක ගනං ගන්න දෙයක් නෑ. නිකන්ම ක්ලෝස් කරල දැම්මම හරි.

මෙන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 2 comments

Sunday, February 24, 2013 at 10:42:00 AM GMT+5:30

meka dammama tikak slow ne

Dulan
Friday, January 24, 2014 at 3:56:00 PM GMT+5:30

thanks bro.if u can put a video that is restricted to USA or Uk it will be easy to check this add-on

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.