මුලින්ම ඉතින් අපි බලමුකෝ මොකද්ද මේ Jail Break කරන එකෙන් වෙන්නෙ කියල. සාමාන්‍යයෙන් Apple I Devices එන්නෙ ඇතැම් රටවලට හෝ ඇතැම් නීති වලට අනුකූලව යම් අංග ලක්ශන හෝ යම් Applications භාවිතා කිරීම සීමිත කරලයි. ඉතින් ඔයා I Device එකක් මිලදී ගන්නවා කියන්නෙ Apple සමාගම විසින් ඔයාට පනවන නීතී වලට එකඟ වෙනවා කියන එකයි. එතකොට ඉතින් Apple සමාගම තමයි ඔයා භාවිතා කරන්නෙ මොනවද කොහොමද කියල තීරනය කරන්නෙ. පොඩි උදාහරනයක් ගත්තොත් අපි හිතමු ඔයාට මොකක් හරි Game එකක් AppStore එකෙන් Download කරගෙන පාවිච්චි කරන්න ඕනෙ කියල. ඉතින් බැරි වෙලාවත් Apple සමාගමෙන් ඒ Game එක Restrict කරල තියෙනව නම් ඔයාට JailBreak කරන්නෙ නැතුව ඒ game එක පාවිච්චි කරන්න බෑ. තව උදාහරණ විදියට ගත්තොත් ඉතිං අපි කියමු ඔයාට ඕනෙ වෙනවා,
• WiFi වලින් වැඩකරන Application එකක් 3G Network එකකින් වැඩකරන්න
• ඔයා යම් Application එකක වැඩ කරන ගමන් තවත් Restrict කරපු Background application එකක වැඩකරන්න
• ඔයාගෙ I Device එකේ Theme එක වෙනස් කරන්න
ඔයාට ඔය එකක්වත් Jailbreak කරන්නෙ නැතුව කරන්න බෑ.
මේ ලඟක් වෙනකල්ම ඉතින් කට්ටියට ඔය කරුණ එහෙමම බලපෑවා. තමන්ගෙ I Device එකේ Apple Software Version එකට ගැලපෙන Jailbreak ක්‍රමය හොයාගෙන JailBreak කරන්න උනා. හැබැයි Hackers ල වඩේ අතෑරියෙ නෑ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට 2010 වසරෙදි Hackers කණ්ඩායමක් Windows සහ Mac යන Flatforms දෙකටම වැඩකරන විදියට Tool එකක් ඉදිරිපත් කලා.
Spirit tool විදියට නම් කරල තිබුණු මෙය ඔයාගෙ ඕනම I Divice එකක් Jail Break කරන්න යොදාගන්න පුලුවන්. (හැබැයි දැනට පවතින Software Version එක 3.1.2, 3.1.3, or 3.2 වෙන්න ඕනෙ) මෙම Tool එක ඇත්තටම ගොඩක් පහසුයි වගේම ඉතා සාරථකයි. කොටින්ම කියනව නම් ඔයාට පුලුවන් ඉතා පහසුවෙන් ඔයාගෙ I Device එක Jail Break කරල ඔයා කැමති App, Games, වගේම System Settings වෙනස් කරන්න, වැඩ කිහිපයක් එක වැර කරන්න වගෙම ඔයාගෙ I device එක ඔයාට ඕන විදියට හසුරවන්න.
දැන් අපි බලමු කොහොමද Spirit Tool එක භාවිතා කරල Jail Break කරන්නෙ කොහොමද කියලා.
අවශ්‍ය දේවල්
• Spirit Jailbreak Tool (Windows, Mac and Linux)[Download]
• iTunes 9.x (version: 9.1.1 සාර්ථකව ක්‍රියාකරයි)[Download]
• i CaBle ( I Pod, Pad, Phone DATA CABLE)
• දැනට Jail Break කර නොමැති On කිරීමේදී හෝ Restart වීමේදී ගැටළු නොමැති වැඩකරන I Device එකක් (දැනට ස්ථාපිත කර ඇති Software Version එක 3.2 හෝ ඊට අඩු.)
- ඔබේ I Device (iPhone/ iPad/ iPod) එක පරිගණකයට සම්බණ්ධ කරන්න. (I Tunes මගින් පෙන්විය යුතුයි)
- ඔබේ I Device එක iTunes library එකට Backup කරගන්න. (Jail Break කිරීමේදී ඇතැම් විට ඔබේ iDevice එකෙහි දත්ත මැකී යාමට ඉඩ ඇති හෙයින් සහ ඔබට පසුව Jail Break අනවශ්‍ය වුවහොත් නැවත ඔබේ iDevice(iPhone/ iPad/ iPod)එක යතා තත්වයට ගැනීමට Bakup කිරීම වැදගත් වේ.)
- දැන් ඔබ පරිගණකයේ Install කරගෙන ඇති Spirit Tool එක Open කරගන්න.
![]() |
| එය මේ ආකාරයට දැකගත හැකි වේ. |
![]() |
| ඔබේ iDevice එක Connect වූ විට මෙලෙස පෙනේ. නැතහොත් නැවත සම්බන්ධ කරන්න. |
Spirit Tool එක මගින් මෙලෙස පෙන්වූ විට "JAIL BREAK" ලෙස ඇති බොත්තම ඔබන්න.
දැන් JailBreak වීම ආරම්භ වේ. මෙම ක්‍රියාවලිය සිදුවන විට ඔබගේ iDevice (iPhone/ iPad/ iPod) එක සමග ක්‍රියා කිරීමෙන් වලකින්න. (iDevice එක සහ පරිගණකය පැත්තක තබා ඔබ පැත්තකට වෙලා සිටින්න.)
![]() |
| Jail Breaking Process |
තත්පර 30-60 අතර කාලයක් තුල Jail Break වීම අවසන් වී ඔබේ iDevice එක Restart වනු ඇත.
![]() |
| Now you're jailbroken. |
දැන් ඔබට Cydia නමින් තවත් Application එකක් ඔබේ iDevice එකට ලැබී තිබෙනු දක්නට ලැබේ. මෙය තව AppStore එකක් වන අතර ඔබට එය මගින් Apple AppStore එකට අමතර බොහෝ apps සහ Games ලබා ගත හැක.
| Cydia AppStore |
ගැටළු සහ ඔබේ අදහස් දක්වා මටද සහයක් ලබාදෙන්න. මෙහි වැරදි ඇත්නම් ඒවාද නිවැරදි කරන්න.
















+ comments + 2 comments
ela,එල
අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි කරන්න ඕනෙද...නැත්ම් කනෙක්ට් කරලම තියන්න ඕනෙද...