[Updated] Write Protect වෙච්ච ඕනම Chip එකක් Pen එකක් Unlock කරන්නෙ මෙහෙමයි!

4 comments

ඔන්න මං කියල දෙන්න යන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක් අහපු දෙයක් ගැන. ඒ තමයි USB PEN සහ Memory Card Write Protected උනාම ඒක හදාගන්නෙ කොහොමද කියලා. මේ පෝස්ට් එක කියවන ඔයා දැනටමත් දන්නවා ඇතිනේ මොකද්ද මේ Write Protect වෙනවා කියන්නෙ කියලා සහ Write Protect උනාම මොකද වෙන්නෙ කියලා.

විශේශ සිද්දියකට කියල ගොඩක් වෙලාවට වෙන්නෙ Write Protect උනාම කිසිම පෙන් එකක් වත් මෙමරි කාඩ් එකක් වත් Format කරන්න බෑ. දැකල ඇතිනේ එහෙම Write Protect වෙච්ච පෙන් එකක් ෆෝමෙට් කරද්දි එන මැසේජ් එක?


ගොඩක් වෙලාවට ඔය විදියට PEN සහ Memory Card Write Protect වෙන්නේ එක එක වයිරස් කේස් හින්දා. ඒත් වයිරස් හින්දම ඕක වෙනවා කියලත් කියන්න බෑ. මොකද සමහර චයිනීස් පෙන්, චිප් එහෙම කම්පැනියෙන්ම ලොක් කරලත් එවනවා. එහෙම නැත්තං ලොක් කරන්න පොඩි සිස්ටම් එකක් එක්ක එවනවා. Write Protect වෙන්න අනිත් හෙතුව තමයි Pen එකේ ඇති වෙන Hardware Problems.  පෙන් එකේ  Hardware ප්‍රශ්නෙකින් Write Protect උනාම නං ගොඩ දාන එක අමාරුයි. ඒකත් හිතේ තියාගෙනම මේ පෝස්ට් එක කියවන්න

මේ ක්‍රම අත්හදා බලන්න කලින් ඉස්සෙල්ලම බලන්න පෙන් එකේ/ Chip එකේ  ලොක් කරන්න තැනක් තියෙනවද කියලා. එහෙම තියෙනව නම් ඒක අන්ලොක් කරල බලන්න.

හරි වැඩි කතා ඕනෙ නෑ ඕනම Chip එකක හරි Pen එකක හරි Write Protect එක අයින් කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. (මේවගෙන් ගොඩක් මං අත්හදා බලපුවා නෙවෙයි. මට කොහෙන්ද ඔච්චර Pen  ඈ) මම ගොඩක් Forum/Web Site වල මේ ගැන හොයලා ගොඩක් දෙනෙක් සාර්ථක උනා කියලා තියෙන ක්‍රම තමයි මේ ලියලා තියෙන්නේ. මේ ක්‍රම අත්හදා බලලා වැඩේ හරි ගියේ නැත්තං, අදාල Pen එකේ සයිට් එකේ බලන්න Repair කරන ටූල් තියෙනවද කියලා. එහෙම නැත්තං Shop එකකට ගිහින් හදාගන්න වෙනවා.
01. Registry එක Edit කරලා Write Protection එක අයින් කරන එක.
01. Start Menu - Run - type (REGEDIT) - OK ඔය විදියට යන්න.

Snoork Images - Premium Image Hosting

(වින්ඩොව්ස් 7 වල නම් Start Menu එකේ RUN කියලා Search කරල Run Window එක ගන්න ඕනෙ.

02. ඊට පස්සෙ REG Edit එකේ මේ කියල තියෙන තැන හොයාගන්න

HKEY_LOCAL_MACHINE\SYSTEM\Currentcontrolset\control\storagedevicepolicies

03. එතනට ගියාම තියෙයි writeprotect Option එක. ඒක උඩ ඩබල් ක්ලික් කරලා 1 වෙනුවට 0 දාල OK කරල Registry Editer එක ක්ලෝස් කරල දාන්න.

04. ( මේ විදියෙ StorageDevicePolicies එකක් ඔයාගෙ Registry එකේ නැත්තං එහෙම Key එකක් හදන්න වෙනවා. හදන විදිය මෙතන කියල දෙන්න බෑ. පොඩ්ඩක් Google එකේ හොයලා බලන්න.)

ඊට පස්සෙ මැශින් එක Restart කරල බලන්න වැඩේ හරි ගිහින්ද කියලා.

Remove Write Protection from USB

02. දෙවෙනි ක්‍රමය තමයි මේ දීල තියෙන Tool එකෙන් වැඩේ කරගන්න එක. හරි ලේසියි. මං කියල තියෙන ක්‍රම පිලිවෙලට කරන්න.

01. එක ඩවුන්ලෝඩ් කරගෙන Winrar වලින් එලියට දාගන්න (Extract)

02. දැන් පෙන් එක හරි චිප් එක හරි මැශින් එකට ගහලා ඔය ඩවුන්ලෝඩ් කරගත්තු ෆෝල්ඩරේ තියෙන Start.bat කියන එක උඩ ඩබල්ක්ලික් කරල ටික වෙලාවක් ඉන්න.

පෙන් එක ෆෝමැට් වෙලා ඉවර වෙනකල් හරි, පෙන් එකේ ලයිට් එක පත්තු වෙන එක නවතිනකල් හරි අනිවා පෙන් එක ගලවන්නවත්, ප්‍රෝග්‍රැම් එක නවත්තනවත් එපා.

03. ෆෝමැට් වෙලා ඉවර උනාම පෙන්/චිප් එක ගලවලා මැශින් එක Restart කරලා ආයෙ මැශින් එකට ගහල බලන්න වැඩේ හරි ගිහින්ද කියලා.

04.  (සමහර අයගෙ Pen වල ලයිට් එකක් නෑලුනේ. එහෙම අය ඔය Start.bat කියන එක රන් කරලා ටිකක් අවදානෙන් බලං ඉන්න ඒකෙ වැඩ ඉවර උනාම තේරෙයි. Start.bat එක ඕපන් කරගත්තම ඒකෙ කියන Instructions හොදට කියවලා තේරුම් ගන්න.)

03. ක්‍රමය 3 Transcend පෙන් වලට

01. මේ පි‍ටුවට ගිහින් එක ඩවුන්ලෝඩ් කරගන්න.

02. ඊට පස්සෙ පෙන් එක මැශින් එකට ගහලා ඒ ඩවුන්ලෝඩ් කරගත්තු Tool එක ඕපන් කරගන්න.

03. ඊට පස්සෙ කැමති Option එකක් ‍තෝරගෙන Start කියන බට්න් එක ඔබන්න. දැන් Format වෙන්න පටන් ගයි. ඒක ඉවර වෙනකල් ඉන්න. බලන්න වැඩේ හරි ගිහින්ද කියලා.


USB එක Low Level Format කරලත් Write Protect එක අයින් කරගන්න පුලුවන්. ඒකට ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි Windows Command Prompt එකෙන් සහ ඒ වෙනුවෙන්ම හදපු Tool එකක් භාවිතයෙන්.

Safe Mode එකෙන් ගිහින් Format කරගන්න විදිය.

පියවර 1 : මැශින් එක Restart කරලා F8 ඔබලා එන Boot Menu එකෙන් Safe Mode Select කරලා මැශින් එක Safe mode On කරගන්න.

පියවර 2 : දැන් මැශින් එක ඔන් උනාම Start Menu එකෙන් හරි, (Run ගිහින් CMD කියලා ගහලා Enter කරලා හරි CMD Windows එක ඔපන් කරගන්න.

පියවර 3 : දැන් පෙන් එක මැශින් එකට ගහලා පෙන් එක ගත්තම, ඒකෙ Drive Letter එක බලාගන්න. (My Computer ගියාම තියෙන්නෙ C:// D:// G:// කියලා. අන්න ඒ අකුර.)

පියවර 4 : දැන් CMD Window එකේ C:\windows\system32>G: මෙහෙම ටයිප් කරලා එන්ටර් කරන්න. ඊට පස්සෙ G:\>format G: මෙහෙම ටයිප් කරලා එන්ටර් කරන්න. (මෙතන G කියල තියෙන්නේ පෙන් එකේ Drive Letter එක)

පියවර 5 : (Y/N) කියල ඇහුවොත් (Y) ඔබලා එනටර් කරන්න. දැන් ෆෝමැට් එක පටන් ගයි. ඊට පස්සෙ සාමාන්‍ය විදියට මැශින් එක ඔන් කරලා බලන්න පෙන් එක හරි ගිහින්ද කියලා.

මේ තමයි USB Write Protect අයින් කරගන්න කියලා හදලා තියෙන Tools Set එක. මේවගෙන් එකින් එක පාවිච්චි කරල බලන්න. ඩවුන්ලෝඩ් කරගත්තම පාවිච්චි කරන විදිය තේරෙයි.

Apacer Repair_v2.9.1.1
ULTIMATE USB DRIVE FIX 2.6
HP USB Disk Storage Format Tool 2.2.3
HDD Low Level Format Tool 4.25
HT203 Handy Steno 2.0 Repair Tool
Formatter v2.9.0.9

ඔය තමයි වැඩේ හරියට කරගන්න තියෙන Tool ටික. මං හිතනවා ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාගෙ ප්‍රශ්නේ විසඳුනා නම් කමෙන්ට් එකකින් හරි ගිය ක්‍රමය සදහන් කරන්න. ඒක අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි. :)
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 4 comments

Tuesday, August 21, 2012 at 11:01:00 PM GMT+5:30

LINK eka weda karanneee nyyy........... tool eka baganna thiyana

Wednesday, August 22, 2012 at 8:49:00 AM GMT+5:30

@Sampath : ස්තූතියි දැනුවත් කරාට. දැන් හරි Update කරා :)

Anonymous
Thursday, February 21, 2013 at 8:58:00 AM GMT+5:30

magae Imation pen ekata mae eka kramayak wath hariyannae naha ne

sandaruwan
Thursday, March 27, 2014 at 6:08:00 PM GMT+5:30

mage pen eka me ekakin wath format karanta be

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.