ඔබේ පරිගණකයෙන් යම් වෙබ් අඩවියකට යෑම වලක්වන්න ඕනෙද? | How to block Websites from your Computer without any software

0 comments

මේ ලිපියෙන් මම කියන්න හදන්නෙ ඔයාට අනවශ්‍ය වෙබ් අඩවි වලට පිවිසෙන එක කිසිම මෘදුකාංගයක් පාවිච්චි කරන්නෙ නැතුව නවත්තන්නෙ කොහොමද කියලා. ඇත්තටම ඉතින් මේක අවශ්‍ය වෙන්නෙ ගොඩක් වෙලාවට තමන්ගෙ පරිගණකය කිහිප දෙනෙක් පාවිච්චි කරනවනම් තමා. (ගොඩක් වැදගත් පොඩි ලමයි)

මේක අපි කරන්න හදන්නෙ [Windows Hosts File] කියන ෆයිල් එකෙන්. ඇත්තටම මේ ෆයිල් එකෙන්ම විතරක් ඔය වැඩේ කරන්න බෑ. 127.0.0.1 කියන IP එකත් ඔය වැඩේට ඕනෙ කරනවා.

ඔයාට කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. Windows hosts file එක හොයාගන්න. මේ කියන Windows Hosts File එක ඔයාට හොයාගන්න අමාරු නෑ.

Windows Xp නම් :- C:\Windows\System32\drivers\etc\hosts
Windows 7 නම් :- C:\Windows\system32\drivers\etc\hosts

(මෙහි C: ලෙස ආදේශ කර ඇත්තේ ඔබේ මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කර තිබෙන partitionඑකයි.)

NOTE : Windows 7 හි ආරක්ශක තත්වය තරමක් වැඩි නිසා ඔයා notepad එක Administrative privilages සහිතව Open කරගෙන ඔය වැඩේ කරන්න ඕනේ.

එසේ නොහැකි නම් WinKey+R ඔබලා Run Window එකේ notepad %windir%\system32\drivers\etc\hosts කියල type කරල Enter කරන්න.

දැන් ඔබ ඔය Open කරගත්තු Hosts ෆයිල් එකට ඔයාට බ්ලොක් කරන්න ඕනෙ වෙබ් සයිට් එකේ address එක දාල Save කරන්න. මතක ඇතුව Web Address එකට මුලින් 127.0.0.1 කියන IP එක දාල හිස්තැනක් තියන්න.

උදා :-

# Copyright (c) 1993-1999 Microsoft Corp.
#
# This is a sample HOSTS file used by Microsoft TCP/IP for Windows.
#
# This file contains the mappings of IP addresses to host names. Each
# entry should be kept on an individual line. The IP address should
# be placed in the first column followed by the corresponding host name.
# The IP address and the host name should be separated by at least one
# space.
#
# Additionally, comments (such as these) may be inserted on individual
# lines or following the machine name denoted by a '#' symbol.
#
# For example:
#
# 102.54.94.97 rhino.acme.com # source server
# 38.25.63.10 x.acme.com # x client host
127.0.0.1 localhost
127.0.0.1 www.බ්ලොක් කරන්න ඕන වෙබ්සයිට් එක.com

දැන් වැඩේ ගොඩ. බලන්ඩකෝ ඒ වෙබ්සයිට් එකට යන්ඩ පුලුවන්ද කියලා
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.