Software | ලේසියෙන්ම ඕනම වෙබ්සයිට් එකක්/ගේම් එකක්/සොෆ්ට්වෙයා එකක් කොම්පියුටර් එකෙන් බ්ලොක් කරන්නෙ මෙහෙමයි

2 comments

ඔයා පාවිච්චි කරන්නෙත් ගෙදර හැමෝම පාවිච්චි කරන මැශින් එකද? නැත්තං ඔයා ගෙදර නැති වෙලාවට අනිත් සෙට් එකම ඇවිත් මැශින් එක පාවිච්චි කරනවද? පාස්වර්ඩ් දාන්ඩත් බැරිතරම් කේස් එකක්ද? ඔය මලකරදර එපා වෙලාද? එහෙනං මං මේ අද දෙන භාන්ඩෙඩ අනිවා ඔයා කැමති වෙන්ඩම ඕනෙ. මොකද මේක සිරා භාන්ඩයක්. දැන් කවුරු ඔයාගෙ මැශින් එක මොන වෙලාවෙ පාවිච්චි කරත් කිසි අවුලක් නෑ. බය නැතුව ඔයා කොහෙ ගිහින් ආවත් ඔයාට ආරක්ශා කරගන්න ඕනෙ ඒව ටික එලකිරි වගේ ආරක්ශා වෙලා තියෙයි.

වැඩිපුර කතා කරනවනම් ඔබ වැඩිහිටියෙක් නම් සහ ඔබේ නිවසේ පරිගණකය කුඩා දරුවන් පාවිච්චි කරනවනම් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මේ මම දෙන්න යන්නෙ ගොඩක් ප්‍රයෝජනවත් ඇප්ලිකේශන් එකක්. අපි කියමු ඔයාගෙ දරුවා ඕනවට වඩා පරිගණකයේ ‍රැදිලා ඉන්නවනම්, ඒත් නැත්තං අන්තර්ජාලය භාවිතා කරනවනම් මේ ඇප්ලිකේශන් එකෙන් ඔයාට ගොඩක් වැඩ ගන්න පුලුවන් වෙයි.

මේ ඇප්ලිකේශන් එකේ වැඩ ගැන කියනවනම් මේකට පුලුවන් ඔයා සදහන් කරන ඕනම වෙබ් අඩවියක්, Computer එකේ Install කරල තියෙන සොෆ්ට්වෙයා හරි ගේම් එකක් හරි ඔයා කැමති විදියට බ්ලොක් කරන්න. ඒ කියන්නෙ අපි කියමු ඔයාට ඕනෙ කියලා කවුරු හරි පැය දෙකක් විතරක් ෆේස්බුක් යන්ඩ හදන්න ඕනෙ කියලා. ඒත් නැත්තං පැය දෙකක් විතරක් ගේම් එකක් ගහන්ඩ හදන්න ඕනෙ කියලා. මේ ඇප්ලිකේශන් එක ඔයාගෙ මැශින් එකට දාගත්තම මේ ඕන වැඩක් ඔයාට කරන පුලුවන්.

විශේෂයෙන්ම ඔය XXX සයිට් වලට එහෙම ලමයි යන එක නතර කරගන්න මේක එලකිරි භාන්ඩයක්. මොකද මේ ඇප්ලිකේශන් එකේ ගුනාංගයක් තියෙනවා ඕයාට ඕනෙ නම් ඒ අදාල කාලය තුල SCreen Shot උනත් අරන් දෙන්න පුලුවන්. ඒ වගේම තමයි මේ ඇප්ලිකේශන් එකෙන් මේක ඇක්ටිව් කාලය තුල ඔයාගෙ කොම්පුටරේ පාවිච්චිය ගැන සම්පූර්ණ සටහනක් හදනවා. ඒ කියන්නෙ Internet Usage එක, පාවිච්චි කරපු සොෆ්ට්වෙයා, ගේම් මොනවද කියන ඒවා.

මෙච්චර වෙලා ඇප්ලිකේශන් එකේ නම කිව්වෙ නෑ නෙ. නම තමයි,

Kurupira : The Digital Jungle

මේක හදලා තියෙන්නෙ බ්‍රසීලයේ Software Company එකක්. මේ ඇප්ලිකේශන් එකේ Theme එකනම් ටිකක් අමුතුයි. හෙහෙ ඒ කියන්නෙ මේක හදල තියෙන්නෙ The Digital Jungle (කැලෑ තීම් එකක්) කියන Theme එකට. හරි ඉතිං Theme එක මොක උනත් අපේ වැඩේ කෙරෙනවනම් එච්චරනේ. මේ ඇප්ලිකේශන් එක පාවිච්චි කරන්න අමාරු නෑ. පාවිච්චි කරන්න හරිම ලේසි විදියටයි හදල තියෙන්නෙ. ඒ වගේම මේ ඇප්ලිකේශන් එක ආරක්ශිතයි. ඒ කියන්නෙ ඔයාට ඇර වෙන කෙනෙක්ට මේක පාවිච්චි කරන්න බෑ. මොකද මේ ඇප්ලිකේශන් එකට පාස්වර්ඩ් දාල ලොක් කරන පුලුවන්. මේක දාපු ගමන්ම ඔයාගෙ විස්තර ටිකක් දෙන්න ඕනෙ. උපන් දිනේ, නම, ඊමේල් එක සහ පාස්වර්ඩ් එකක්. එච්චරයි. මෙහෙම හදලා පාස්වර්ඩ් දාල තිබ්බම කාටවත් මේ අප්ලිකේශන් එක ක්ලොස් කරන්ඩවත්, Uninstall කරන්ඩවත් බෑ.

තව කියනවනම් අපි කියමු ඔයාට ඕනෙ Google.com විතරක් යන්ඩ පුලුවන් විඩියට හදන්නත් පුලුවන්. මේ ඇප්ලිකේශන් එක පාවිච්චි කරනකොට කරගන්න විදිය තේරෙයි. හරිම ලේසියි.

අනික මේක එයාලම දෙන Option ටිකක් තියෙනවා. ඔයාලට අමුතුවෙන් වෙබ්සයිට් හොය හොය ඇඩ් කරන්න ඕන වෙන්නෙ නෑ. ඔයාට ෆේස්බුක්, ට්විටර්,ගූගල් ප්ලස් වගේ Social Web සෙට් එක බ්ලොක් කරන්න ඕනෙ නම් තියන Option එක ‍තෝරගන්න පුලුවන්.

හරි.කියෙව්ව වැඩිද මන්දා. මටත් ලිව්ව ඇති වගේ. මෙන්න එහෙනම් Download කරගෙනම බලන්ඩකෝ. සයිට් එකට ලයික් එකක් දාලා, මේ ඇප්ලිකේශන් එක ගැන ඔයාගෙ අදහසක් දක්වන්නත් අමතක කරන්න එපා.



Kurupira Web Filter
Kurupira Web Filter_Apps
Kurupira Web Filter_settings

මේක Test කරේ Windows 7 64bit Ultimate වර්ශන් එකකින්. එලකිරි වගේ වැඩ.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 2 comments

Anonymous
Thursday, August 9, 2012 at 7:53:00 PM GMT+5:30

ela ela godak watina post1k kollo.. sahenta watinwa. digatama liyapn

Sunday, August 12, 2012 at 8:30:00 PM GMT+5:30

නියමයි යාළුවේ.. මේ සොෆ්ට් එකනම් ගොඩාක් වටිනවා. තවත් මේ වගේ වටිනා දේවල් දෙන්න. තෑංක්ස්..

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.