Internet Articles | වෙබ් අඩවි නාම (Domain Names) සොරකම් කිරීම

0 comments

වෙබ් අඩවියක නමක් ඩොමේන් නේම් එකක් ලෙස සරලව හැඳින්විය හැකිය. මෙවැනි නාමයක් යම් පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කළ පසු එහි හිමිකාරීත්වය අවසන් වීමට පෙර එය අලුත් කර ගත යුතුය. නියමිත කාලය තුලදී වෙනත් අයෙකුට එහි හිමිකාරීත්වය පැවරීමට අවශ්‍ය නම් එය සේවා සපයන ආයතනය (Domain register) හරහා මුල් අයිති කරුගේ කැමැත්ත මත පැවරිය හැකිය.

එහෙත් ඩොමේන් නේම් එකෙහි හිමිකරුගේ කිසිදු අනුදැනුමකින් තොරව එහි හිමිකාරීත්වය බලහත් කාරයෙන් ලබා ගැනීම ඩොමේන් Hijack කිරීම ලෙස හඳුන්වයි. එවිට අදාළ ඩොමේන් එක සඳහා විවෘත වන වෙබ් අඩවිය Hijack කල තැනැත්තාගේ අවශ්‍යතාව අනුව වෙනස් කළ හැකිය.

මෙසේ කරන පුද්ගලයන්, අදාළ ඩොමේන් නේම් එක ලියාපදිංචි කළ වෙබ් අඩවියට පිවිස එහි නියම හිමිකරුවා ලෙස පෙනී සිටිමින්, එහි පාස්වර්ඩ් අමතක වූ බව දන්වයි. එවිට ඩොමේන් රෙජිස්ටර් වෙබ් අඩවිය විසින් තොරතුරු විමසා බැලීමක් කරයි. මෙම තොරතුරු විමසුමට ලබා දෙන පිළිතුරු, එම ඩොමේන් නාමය ලියාපදිංචි කිරීමේදී ලබාදුන් විස්තර සමඟ ගැලපේ නම්, අලුත් පාස්වර්ඩ් එකක් ලබා දෙයි.

මෙසේ ඩොමේන් නේම් හයිජැක් කිරීම පහසු වීමට බලපා ඇත්තේ ඒවා ලියාපදිංචි කරන වේලාවේදී බොහෝ දෙනා අසත්‍ය සහ සරල තොරතුරු ඇතුළත් කිරීමයි. එසේ ඇතුළත් කරන තොරතුරු සමහර විට තමාටම පසුව අමතක වී යයි. අනෙක් අතට හයිජැක් කිරීම ප්‍රගුණ කළ අයට එම විස්තර පහසුවෙන් අනුමාන කළහැක.
කෙසේ වෙතත් හයිජැක් කළ ඩොමේන් නේම් එකක අයිතිය එහි මුල් අයිතිකරුට නැවත ලබා ගැනීමට පුළුවන. ඒ සඳහා තම හිමිකාරීත්වය ඩොමේන් නාමය ලියාපදිංචි කළ ආයතනයට පෙන්වා සිටිය යුතුය. ඒ සඳහා ඩොමේන් නාමය ලියාපදිංචි කිරීමේදී මුදල් ගෙවූ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් අංක යනාදිය හෝ එම සමාගමෙන් ඉල්ලා සිටින වෙනත් තොරතුරු ලබා දිය යුතුය.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.