
හරි මේ ලිපියෙ මම ලියන්නෙ පොඩි ලමයි ඉන්න ගෙවල් වල පරිගණක පාවිච්චි කරන අයට වැදගත් දෙයක්. ම් ඇත්තටම පොඩි ලමයි කියල මම අදහස් කරේ ඉස්කෝලෙ 1-2 වසර වල සහ ඊට පහල වයස්වල ලමයිටයි. දැන් තියෙන තරගකාරීත්වය අනුව අපි දන්නවා හැමෝම උත්සහ කරන්නෙ පොඩි කාලෙ ඉඳන්ම හරි පරිගණකය ලමයිට හුරු කරන්නනේ. ඒත් ඉතින් ඔයාගෙ කොම්පියුටරේ ඉන්ටර්නෙට් තියෙනවනම් සහ ඔබේ ලමයත් ඉන්ටර්නෙට් යනවනම් සාමාන්‍ය වෙබ් බ්‍රවුසරයකින් යන්නට පෙළබවීම ටිකක් හානිකර වෙන්න පුලුවන්. මොකද දැන් අප භාවිතා කරන වෙබ් බ්‍රවුසර (උදා:Firefox , chrome, IE, Maxthon, Opera) කිසිදු සීමා මයිමක් නොමැතිව අන්තර්ජාල සෙවුම් ප්‍රතිඵල ලබා දෙනවා. ඇත්තටම පොඩි ලමයිට දරන්න අමාරු වෙබ් අඩවි උනත් එනවනේ. ඉතින් මම කියන්නෙ ඒ වගේ පොඩි ලමයෙක් පාවිච්චි කරන වෙබ් බ්‍රවුසරෙයෙ අනිවාර්‍යයෙන්ම වාරන යොදල තියෙන්න ඕනෙ. ඉතින් ඒකට The Internet for Kids Inc. කියන සමාගමෙන් විසඳුමක් දීල තියෙනවා. ඒ තමයි Kidzui කියන වෙබ් බ්‍රවුසර් එක. මේක ඇත්තටම පොඩි ලමයිටම පමණක් හදපු වෙබ් බ්‍රවුසර් එකක් කිව්වොත් නිවැරදියි. මොකද මෙම වෙබ් බ්‍රවුසරයෙහි සෙවුම් ප්‍රතිඵලය ලෙස පැමිනෙන්නේ කුඩා දරුවන් අලලා නිමැවූ වෙබ් අඩවි විතරයි. එනම් , පරිගනක ක්‍රීඩා, විනෝදාත්මක මෙන්ම කුඩා දරුවන්ගේ මනසට සරිලන ආකාරයේ සෙවුම් ප්‍රතිඵලයක්. ඉතිං ඇත්තටම හොඳයි නේද?











