Free Domain එකක් හොය හොයද හිටියේ? මෙන්න එහෙනම් ලිස්ට් එකක්ම

1 comments

මේ පෝස්ට් එක මං හිතනවා අපේ බ්ලොග් ලියන යාලුවන්ට වැදගත් වෙයි කියලා. විශේශෙන්ම අපේ සිංහල් බ්ලොග් ලියන සෙට් එකට. මොකද දැන් අපේ කට්ටිය ගොඩක් බ්ලොග් ලියන්න් පුරුදු වෙලා ඉන්නවනේ.. ඇත්තටම අනිවා ඒක මාර හොඳයි. මොකද මෙහෙම බ්ලොග් ලියන එකෙන් අපි අතර ගොඩක් අපි දන්නෙ නැති දේවල් හුවමාරු වෙනවා. මං මේ පෝස්ට් එක ලියන හිතුවෙත් අපේ බ්ලොග් ලියන යාලුවෙක් අහපු ප්‍රශ්නෙකට. ප්‍රශ්නෙ තමයි "අපිට නොමිලේ Top Level Domain එකක් ගන්න පුලුවන්ද?" . ඔය ප්‍රශ්නෙට සරලම උත්තරේ නං ඉතිං "බෑ" කියන එක තමයි. බොරු කියන්න ඕනෙ නෑ මාත් ඔය ඩොමේන් ‍ෆ්‍රී ගන්න පුලුවන්ද කියල හොයන්න මාර කට්ටක් කෑවා. ඒ හොයන අතරෙදි මට හම්බුනු දේවල් ටිකක් තමයි මං මේ දෙන්න යන්නෙ.

මං මේ දෙන්න යන්නෙ ඔයාලට නොමිලේ ගන්න පුලුවන්, Top Level නොවන, ඒත් ඊට සමාන ඩොමේන් සේවාවන් ටිකක්. නොමිලේ ඩොමේන් හොයන ඔයාට මේ පෝස්ට් එක වැදගත් වෙයි කියල මං හිතනවා.

හැබැයි මේ ටික දෙන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා පාවිච්චි කරන්නෙ .blogspot.com බ්ලොග් එකක් නම් වෙන Top Level (.com/ .net/ .org/.biz/ .info/ .co) ඩොමේන් එකක් දාන්න කලින් දෙපාරක් හිතන්න. මොකද බ්ලොග්ස්පොට් කියන්නෙ ගූගල් සේවාවක් හින්දා SEO වලදි .blogspot.com වලට මාරම සපෝට් එකක් තියෙනවා. ඒ කියන්නෙ ගොඩක් ගූගල් සේවාවන් බ්ලොගර් එක්ක සම්බන්ද කරල තියෙන හින්දා SEO වලදි අපිට වැඩිය මහන්සි වෙන්න ඕනෙ නෑ.

අනික මං නං කියන්නෙ වෙන වෙන ඩොමේන් දානවට වඩා කොහොම හරි Top Level Domain එකක් දාන්න ට්‍රයි කරන්න. හැබැයි ඔය හිතුනු පලියට සල්ලි දීල ඩොමේන් ගන්න හදන්න එපා. නිකන් අපරාද් බ්ලොග් එකකට සල්ලි නාස්ති කරන්නෙ. ඉස්සෙල්ලම ඔයා හොද පොස්ට්ස් එහෙම ලියල බ්ලොග් එකට එන ට්‍රැ‍ෆික් එක වැඩි කරගන්න. ඊට පස්සෙ සල්ලි දීල ඩොමේන් එකක් ගන්න එක ගැන හිතන්න.

හරි හරි අපි මාතෘකාවට බහිමු. මෙන්න මම දෙනව කිව්ව නොමිලේ ගන්න පුලුවන් ඩොමේන් සෙවාවන් දෙන සයිට් ටික. හිතට අල්ලන එකක් ට්‍රයි කරන්නකෝ එහෙනම්.

.CC.CC
yourname.cc.cc මේ සයිට් එකෙන් ඔයාට පුලුවන් Yourname.cc.cc කියල ඩොමේන් එකක් නොමිලේ ගන්න. හැබැයි පොඩි අව්ලක් තියෙනවා. මේක සමහර වෙලාවට Servers Down වෙනවා.

.CO.CC
yourname.co.cc මේක නං මං පාවිච්චි කරපු පට්ටම ඩොමේන් එකක්. ඒ දවස් වල නම් ගූගල් එකෙන් මේ ඩොමේන් බ්ලොක් කරල තිබ්බෙ. ඒ හින්දා මං ඒ ඩොමේන් එක අත ඇරල දැම්මා. ඒත් දැන් නම් ආයෙත් ගූගල් සපෝට් කරනවා මේ ඩොමේන් වලට.

CO.NR
මේක නම් මං වැඩිය ට්‍රයි කරේ නෑ ඩොමේන් එක හිතට අල්ලපු නැති හින්දා. ඒත් මේ ඩොමේන් පාවිච්චි කරන කට්ටියත් ඕන තරම් ඉන්නවා. ගූගල් සර්ච් එකේ නං තියෙන්නෙ 79,100 සයිට්ස් විතරයි ඔය ඩොමේන් එකෙන්.

.TK
yourname.tk ඇත්තම කියනවනං මං මේ ඩොමේන් එකට කැමතිම නෑ. ඒත් ගොඩක් කට්ටිය කැමතියි කියල පේනවා. ඩොමේන් එකේ ඇත්තටම අව්ලක් නෑ. ඒත් මේක නොමිලේ දෙන සීමාවක් තියෙනවා. ගූගල් සර්ච් එකේ 12,600,00 සයිට් තියෙනවා .tk ඩොමේන් එකෙන්

shorturl.com
මේ සයිට් එකත් පට්ට. හැබැයි තියෙන්නෙ Sub Domains විතරයි. ඒ කියන්නෙ

yorname.shorturl.com / yorname.mirrorz.com / yourname.1sA.com

වගේ. මාර ගොඩක් ඩොමේන් තොරගන්න තියෙනවා. ට්‍රයි කරල බලන්න.

මේ යටින් දීල තියෙන සයිට් ටිකත් මාරම ගති Free Domain දෙන්නේ. මේ සයිට් ටිකේ විශේශත්වයක් තියෙනවා. මේ ඩොමේන් නොමිලේ ගත්තම ඒ ඩොමේන් එකෙන්ම අපිට අන්ලිමිටඩ් ඊමේල් ඇඩ්‍රස් හදාගන්න පුලුවන්. ඒ හදාගන්න ඊමේල් වලට එන ඊමේල් අපේ ඔර්ජිනල් ඊමේල් එකට එන විදියට හරවන්න පුලුවන්. ට්‍රයි කරල බලන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන් එකකින් අහන්න.

www.joynic.com
www.popnic.com
www.lavanic.com
www.mediadots.com
www.smartdots.com
www.unonic.com
www.europnic.com
www.duonic.com
www.homenic.com

එහෙනං මං හිතනවා මේ පෝස්ට් එක වැදගත් උනා කියලා. මටත් සපෝට් එකක් විදියට ලයික් එකක් දාල යන්න. මේවට අමතරව ඔයා දන්න Free Domain Services තියෙනවනම් කමෙන්ට් කරන්න. ඒවත් මේ පෝස්ට් එකට දාන්නම් අනිත් අයට වැදගත් වෙයි.

ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 1 comments

Anonymous
Wednesday, August 1, 2012 at 10:03:00 AM GMT+5:30

ela ela

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.